කර්මාන්ත සිදුවීම් නැවුම් පුවත්
Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි: 

ශීඝ්‍ර මූලාකෘති පහසුකම

ඉංජිනේරු නිර්මාණ මධ්‍යස්ථානය

මොරටුව විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාව

ශීඝ්‍ර මූලාකෘති පහසුකම
අරමුදල් සැපයීම - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම

නවීන තාක්ෂණය
දියුණු පර්යේෂණ
ඉංජිනේරු ප්‍රවීණතාව

තරඟකාරී වෙළඳ පොළ ජය ගැනීමට අපෙන් ඔබට දිරිය

ශීඝ්‍ර මූලාකෘති තාක්ෂණය

කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී අවශ්‍ය මූලාකෘති නිපදවා ගැනීම සඳහා සාම්ප්‍රදායික් සරල අත් මෙවලම් හා නිපදවීමේ ද්‍රව්‍යයන් ලෙස ලී, කඩදාසි, මැටි හෝ සෙරමික් වැනි දේ යොදා ගැනේ. නමුත් වර්තමානයේ නවීන යාන්ත්‍රික මෙවලම් භාවිතයට පැමිණීමත් සමඟ මූලාකෘති නිපදවීමේ ද්‍රව්‍යයන් ලෙස ලෝහ හා පොලිමර් වර්ග භාවිතා කිරීම සිදුවේ. කෙසේ වුවද සාම්ප්‍රදායික ක්‍රම මගින් මූලාකෘති ගොඩ නැගීමේදී ශ්‍රමය හා කාලය අනවශ්‍ය ලෙස අපතේ යෑමත් එහි ස්වභාවය නිෂ්පාදකයාට අවශ්‍ය පරිදි නොවීමටත් පුළුවන. එබැවින් මෙම යන්ත්‍රය මගින් එම අඩුව මඟ හරවා ගැනීමට අපට පුළුවන.

ශීඝ්‍ර මූලාකෘති යන්ත්‍රය පරිගණක හා පරිගණක මෘදුකාංග අතුළු ඒ ආශ්‍රිත මෙවලම් භාවිතයෙන් වේගවත්ව සහ ස්වයංක්‍රීයව යම් නිෂ්පාදනයක මූලාකෘතියක් තනා ගැනීම සඳහා ලොව භාවිතා වන නවීනතම තාක්ෂණයයි. පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය කරන ලද තම නිෂ්පාදනයේ ත්‍රිමාන දර්ශකයන් භෞතිකව නිපදවා ගැනීම මෙම යන්ත්‍රයෙන් සිදු කරයි.

ශීඝ්‍ර මූලාකෘති යන්ත්‍රය භාවිතයෙන් නිර්මාණකරුවෙකුට තමාගේ ඕනෑම සංකීර්ණ නිර්මාණයක් දින හෝ පැය කිහිපයක් තුළ යථාර්තයක් බවට පත්කර ගැනීමට අවස්ථාව සලසා දෙයි. පසුව ඒවා ඉදිරි නිර්මාණ කටයුතු වලට, අත්හදා බැලීම් වලට, පාරිභෝගික මත විමසීම් වලට, නිර්මාණයේ සිදුවිය යුතු තවත් වෙනස්වීම් තීරණය කිරීම වැනි කටයුතු සඳහා භාවිතා කළ හැකිය.

Milling, Turning වැනි පැරණි ක්‍රම භාවිතා කර මූලාකෘති ගොඩනැගීමේදී යාන්ත්‍රික වශයෙන් ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවන අතර ශ්‍රීඝ්‍ර මූලාකෘති යන්ත්‍රයේදී සිදුවනුයේ තට්ටු වශයෙන් ද්‍රව්‍ය බන්ධනය මගින් මූලාකෘති නිර්මාණය කිරීමයි.

භාවිතා කරන ක්‍රමවේද සහ යොදා ගන්නා ද්‍රව්‍ය මත මෙම තාක්ෂණය ආකාර කිහිපයකට බෙදා වෙන් කල හැකිය.

  • Stereo lithographic apparatus (SLA) – මෙහිදී ආලෝකය භාවිතා කර රසායනික ද්‍රවයක් ඝනයක් බවට පත්කරයි.
  • Selective laser sintering (SLS) – රසායනික කුඩු වර්ගයක් ඝන කිරීම.
  • Fused deposition modelling (FDM) – extrusion of thermo plastics
  • Laminated object manufacturing (LOM) – පටලයක් ස්ථර ලෙස ගොඩනැගීම.


මෙහි පළමු ක්‍රමය (SLA) භාවිතයෙන් වඩාත් නිවැරදි හා හොඳ මතුපිට නිමාවක් සහිත මූලාකෘතියක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ශීඝ්‍ර මූලාකෘති පහසුකම

දකුණු ආසියාවේ මෙම තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කළ තෙවන රට ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 2008 අගෝස්තු මාසයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු නිර්මාණ මධ්‍යස්ථානය තුල කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික විද්‍යා පදනමේ ආධාර ඇතිව ශ්‍රීඝ්‍ර මූලාකෘති තැනීමේ යන්ත්‍රය ස්ථාපිත කෙරිණි. මෙය 3D Systems – Viper Si2 RP යන්ත්‍රයකින් සහ පසු පිළියම් පාරජම්බුල උඳුනකින් සමන්විතය. SLA තාක්ෂණය මත පදනම් වී ඇති අතර මෙම යන්ත්‍රය සඳහා ආලෝක සංවේදී පොලිමර් රසායනිකයක් භාවිතා වෙයි. ඔබගේ ආකෘතියේ ප්‍රමාණය 125x125x250mm උපරිමය දක්වා high resolution තත්වය යටතේද, 250x250x250mm උපරිමය දක්වා normal resolution තත්වය යටතේද නිපදවාගත හැක. ආකෘතියේ මිනුම්වල නිවැරදිතාවය 25um.

මූලාකෘති නිපදවීමේ සේවාව

SolidWorks, Pro/ENGINEER, Auto CAD, 3D Max වැනි ත්‍රිමාණ සැලසුම්කරන පරිගණක මෘදුකාංග භාවිතයෙන් හෝ *.Stl ලෙස පරිවර්ථනය කල හැකි ඕනෑම ත්‍රිමාණ සැලසුම්කරන මෘදුකාංගයක් භාවිතයෙන් නිර්මාණය කරනලද මූලාකෘති මෙම තාක්ෂණය ආධාරයෙන් සාදාගත හැක.

ඉහත සඳහන් මෘදුකාංග පහසුකම් ඔබ හට නැතිනම් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු නිර්මාණ මධ්‍යස්ථානයේ සහය ඇතිව එය සිදු කර ගත හැකිය.

මෙම සේවාව 2008 දෙසැම්බර් මස සිට කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා විවෘතව පවතී.

භාවිතා වන ක්ෂේත්‍ර

  • කුඩා හා මධ්‍ය පරිමාණ මූලාකෘති
  • ඉතා සංකීර්ණ උපාංග
  • විද්‍යුත් සහ විදුලි උපාංග
  • ස්වර්ණාභරණ සහ ඊට අදාල නිර්මාණ
  • පරිගණක සහ ව්‍යාපාරවලට අදාල යන්ත්‍ර කොටස්
  • විදුලි සංදේශ සේවාවන්ට අවශ්‍ය උපාංග
  • වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග
  • සෙල්ලම් බඩු


අමතන්න

ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු
ඉංජිනේරු නිර්මාණ මධ්‍යස්ථානය
මොරටුව විශ්ව විද්‍යාලය
කටුබැද්ද
මොරටුව.
ශ්‍රී ලංකාව

දුරකථන: + 94 11 2650799 (අධ්‍යක්ෂ) / + 94 11 2650301 Ext. 4201
ෆැක්ස්: + 94 11 2650622
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
අවසන් යාවත්කාලීන කිරීම 2013 ජනවාරි 21 වෙනි සදුදා, 08:50  

නැවුම් පුවත්

ආයෝජන අවස්ථා