නිතර අසන පැන

පොදු ව්‍යාපාර අංශය

1. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
2. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
3. ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
4. කාර්මික තාක්ෂණ ආයතනය 

ඒ ඒ තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටීන්හි අකෘතීන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ දක්වා ඇති අතර (https://www.treasury.gov.lk/web/department-of-management-services-links-applications), එම ආකෘතියට අනුව සකස් කළ බඳවා ගැනීමේ පරිපාටීන් ඊට අදාළ අනෙකුත් තොරතුරු සමග අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සමග අමාත්‍යාංශය මගින් කළමනාකරණ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.

කර්මාන්ත ලියාපදිංචි අංශය

  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (BR/ ROC Certificate)
  • අධ්‍යක්ෂ මණ්ඩලය ලියාපදිංචි කළ සහතිකය
  • අයිතිකරු, පාර්ශ්වකරුවන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍ර ජායාපිටපත්
  • වැඩබිම පිහිටි ඉඩමේ ඔප්පුවේ පිටපතක් හෝ බදු ගිවිසුමේ පිටපතක්
  • පරිසර ආරක්ෂණ බලපත්‍රය
  • සේවක අර්ථසාධක සහතිකයේ පිටපතක් (EPF/ETF)
  • යන්ත්‍ර උපකරණ ලැයිස්තුව
  • නිෂ්පාදන ක්‍රියාවලියේ ගැලීම් සටහන
  • මූල්‍ය වාර්තාවක්
  • ආයතනයේ සංවිධාන සැලැස්ම
  • නිෂ්පාදනයට අදාළව පහත සඳහන් ආයතන වල නිර්දේශය අවශ්‍ය වේ.

 

 

 

 

නොහැක. ආයෝජන මණ්ඩලයෙහි (BOI) ලියාපදිංචිය අවලංගු කළ බව සනාථ කිරීමෙන් අනතුරුව මෙම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි විය හැකිය.

(වැඩිදුර තොරතුරු සඳහා සහකාර අධ්‍යක්ෂ අමතන්න)

තාවකාලික ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබන්නේ නිෂ්පාදනයට අදාව අවශ්‍ය ලේඛන නිසි ලෙස සම්පූර්ණ කර නොමැති අවස්ථාවකදීය. තාවකාලික කාල සීමාව තුළ අවශ්‍ය ලේඛන සම්පූර්ණ කළ පසුව MI/IR/05 (renewal pdf) අයදුම්පත සමඟ ඉදිරිපත් කිරීමෙන් ස්ථීර සහතිකය ලබා ගැනීමට හැකි වේ.

සේවා පමණක් සපයන ආයතන කර්මාන්ත  අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ නොහැක.

සෑම වර්ෂයකම මාර්තු මස 31 වන දින වාර්ෂික වාර්තා යොමු කළ යුතු අවසන් දිනය වේ.

 (Annual return pdf) යන සබැඳිය අකෘති පත්‍රය බාගත කොට හෝ අමාත්‍යාංශයට පැමිණ අයදුම්පත් ලබා ගෙන සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යාංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත යොමු කළ යුතු වේ.

ප්‍රතිපත්ති සංවර්ධන අංශය

  1. සංකල්ප පත්‍රිකාව
  2. ව්‍යාපෘති යෝජනාව පිරිවැය ඇස්තමේන්තුවක්
  3. වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව
  4. වාහන සැකිල්ල (Vehicle Body Shell) ආනයනය පිණිස ඉල්ලීම් ලිපිය

(කරුණකාර අදාළ සේවයට සබැඳිය යොදන්න )

  1. සංකල්ප පත්‍රිකාව
  2. ව්‍යාපෘති යෝජනාව පිරිවැය ඇස්තමේන්තුවක්
  3. වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව

(කරුණකාර අදාළ සේවයට සබැඳිය යොදන්න sopv2.pdf )

ව්‍යාපෘති කළමනාකරණ ඒකකය

i. කර්මාන්ත අමාත්‍යාංශයේ පිහිටි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයෙන්
ii. කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම ප්‍රාදේශීය කාර්යාල වලින්
iii. සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ව්‍යවසාය සංවර්ධන නිලධාරීන්ගෙන්
iv. සියලුම සහභාගීත්ව ණය දෙන ආයතන වල ප්‍රධාන කාර්යාල හා ශාඛා කාර්යාල වලින්

SMILE III – RF සඳහා (ආයතන 10)

i. ලංකා බැංකුව (BOC)
ii. මහජන බැංකුව
iii. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)
iv. ජාතික සංවර්ධන බැංකුව (NDB)
v. ඩීඑෆ්සීසී බැංකුව (DFCC)
vi. සණස සංවර්ධන බැංකුව (SDB)
vii. සෙලාන් බැංකුව
viii. කොමර්ෂල් බැංකුව
ix. සම්පත් බැංකුව
x. හැටන් නැෂනල් බැංකුව (HNB)

E-Friends II – RF සඳහා (ආයතන 11)

i. ලංකා බැංකුව
ii. මහජන බැංකුව
iii. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)
iv. ජාතික සංවර්ධන බැංකුව (NDB)
v. ඩීඑෆ්සීසී බැංකුව (DFCC)
vi. සෙලාන් බැංකුව
vii. කොමර්ෂල් බැංකුව
viii. සම්පත් බැංකුව 
ix. හැටන් නැෂනල් බැංකුව (HNB)
x. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
xi. ලංකා ඔරික්ස් ලීසිං ෆිනෑන්ස් (LOLC)

කර්මාන්ත අමාත්‍යාංශයේ පිහිටි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත හෝ සියලුම සහභාගීත්ව ණය දෙන ආයතන වල ප්‍රධාන කාර්යාල හෝ ශාඛා කාර්යාල වෙත

පියවර 1
සහභාගීත්ව ණය දෙන ආයතන හරහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත ලැබෙන හා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සෘජුවම ලැබෙන ණය අයදුම්පත් ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව වෙත යොමුකිරීම (මෙහිදී ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් වලට අනුව එම ණය ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගන්නා අතර, එම තීරණ සහභාගීත්ව ණය දෙන ආයතන හා සෘජුව අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන් වෙත දැනුම් දීම සිදුකරයි)

පියවර 2
පියවර 1 යටතේ ණය ලබාගැනීමට මූලික සුදුසුකම් සපුරන ණය අයදුම්කරුවන්ගේ ප්‍රතිමූල්‍ය අයදුම්පත් ඊට අදාළ අනෙතුක් ලියකියවිලි සමග සහභාගීත්ව ණය දෙන ආයතන විසින්/ හරහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත යොමුකිරීම සිදුකරන අතර, සියලු අවශ්‍යාතාවයන් සපුරන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම මෙහිදී සිදුකරනු ලබයි.

පියවර 3
පියවර 2 යටතේ ප්‍රතිපාදන වෙන්කරන ලද ව්‍යාපෘති සඳහා සහභාගීත්ව ණය දෙන ආයතන විසින් ණය නිදහස් කිරීම සිදුකිරීමෙන් අනතුරුව, එම මුදල් ප්‍රතිපූරණය කරගැනීමේ අයදුම්පත් ඊට අදාළ අනෙකුත් ලියකියවිලි සමග සහභාගීත්ව ණය දෙන ආයතන විසින්/ හරහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය යොමුකිරීම සිදුකරන අතර, එම අයදුම්පත් සඳහා මුදල් නිදහස් කිරීම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් මහා භාණ්ඩාගාරය හා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සිදුකරනු ලබයි.

SMILE III – RF ණය යෝජනා ක්‍රමය සඳහා
ඉඩම් සහ ගොඩනැගිලි හැර ව්‍යාපාරය සතු අනෙකුත් වත්කම් වල පොත් වටිනාකම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු රු. මිලියන 150ට අඩු ව්‍යාපාර සඳහා

 E-Friends II – RF ණය යෝජනා ක්‍රමය සඳහා
ඉඩම් සහ ගොඩනැගිලි හැර ව්‍යාපාරය සතු අනෙකුත් වත්කම් වල පොත් වටිනකම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු රු. මිලියන 250ට අඩු ව්‍යාපාර සඳහා (ඉහල පරිසර දූෂණයක් සිදුවන ව්‍යාපෘති සඳහා රු. මිලියන 500 දක්වා සලකා බැලේ)

SMILE III – RF ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදෙන කර්මාන්ත ක්ෂේත්‍ර

  • කොහු ආශ්‍රිත නිෂ්පාදන
  • රබර් ආශ්‍රිත නිෂ්පාදන
  • ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන
  • රෙදිපිළි හා ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන
  • ආහාර සැකසුම්/ පාන වර්ග හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන
  • සම් ආශ්‍රිත නිෂ්පාදන
  • මුද්‍රණ/ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන
  • දැව ආශ්‍රිත නිෂ්පාදන
  • ලෝහ ආශ්‍රිත නිෂ්පාදන
  • ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන
  • රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන
  • කෘෂි නිෂ්පාදන
  • ධිවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
  • සත්ත්ව පාලනය/ මල් වගාව/ ජලජ ජීවී වගාව
  • අනෙකුත් නිෂ්පාදන (මැටි/ සෙරමික්/ වීදුරු/ හස්ත කර්මාන්ත/ ඖෂධ/ ස්වර්ණාභාරණ ආදී)
  • නිෂ්පාදන මුලීක සේවා කර්මාන්ත (වාහන අළුත්වැඩියා කිරීම ආදී)

මෙවැනි කර්මාන්ත වල යන්ත්‍රෝපකරණ අවශ්‍යතා සඳහා සහ ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් යටතේ හඳුන්වා දී ඇති කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදීම සිදුකෙරේ.

E-Friends II – RF ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදෙන ක්ෂේත්‍ර

  • ඉහත SMILE III – RF ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදෙන කර්මාන්ත ක්ෂේත්‍ර ඇතුලුව කාර්මික නිෂ්පාදන කටයුතු වල යෙදෙන අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍ර
  • පරිසරයට හානිකරන නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදනයන් නිෂ්පාදනය කරන කර්මාන්ත ක්ෂේත්‍ර (උදා:- ප්ලාස්ටික් භාජන වෙනුවට කෙසෙල්/ පුවක් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් භාජන නිෂ්පාදනය කිරීම)

මෙවැනි කර්මාන්ත වල අප ජල පිරිපහදු යන්ත්‍රාගාර, ජීව වායු ජනක, පින්තාරු කුටීර, බල ශක්ති පිරිමැසුම් යන්ත්‍ර/ උපකරණ, වායු විමෝචන පාලන උපකරණ, ශබ්ද දූෂණ පාලන උපකරණ යනාදිය සඳහා ණය ලබාදීම සිදුකෙරේ.

සැ.යු. - ණය ලබාදෙන ක්ෂේත්‍ර ව්‍යාපාති මෙහෙයුම් ප්‍රතිපත්ති තීරණ අනුව වෙනස් වීම් වලට ලක්විය හැකිය.

සංවර්ධන අංශ III

මෙම අමාත්‍යාංශයේ අංක MIC/SME/09/08/01 හා 2020.07.09 දිනැති ලිපිය අනුව,

ඇලුමිනියම් ඩ්‍රොස් (Aluminium Dross), මිල් ස්කේල් (Mill Scale), යකඩ කුඩු (Metal Powder), සින්ක් ස්ලැග් (Zink Slag) සහ සින්ක් ඈෂ් (Zink Ash) අපනයනය සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව අවසර ලබාදිය හැකිය.

ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ (BOI) ලියාපදිංචි කර්මාන්ත සඳහා මෙම අමාත්‍යාංශයෙන් සේවාවන් සැපයිය නොහැකි අතර ඒ සඳහා එම ආයතනය සම්බන්ධ කර ගත යුතුය.

කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන අංශය

විස්තර

  • ආයෝජකයා විසින් ඉල්ලිම ඉදිරිපත් කිරීම.
  • ප්‍රාදේශිය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශ ලබා ගැනීම.
  • ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශ ඇගයීම් කමිටුවේ ඇගයීමට ලක් කිරීම
  • නව ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආයෝජකයන් වෙත දැන්වීම
  • ඉඩම් කොටස විධිමත්ව වෙන්කර ගැනිම සඳහා ආයෝජකයා විසින් තැන්පත් මුදලක් අමාත්‍යාංශය වෙත ගෙවිය යුතු අතර එම ලදුපත ද සමඟ පහත ලේඛන ද අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
  1. ක්‍රියාකාරී සැලැස්ම
  2. ඉඩමේ මිනින්දෝරු සැලැස්ම - පෞද්ගලික මින්දෝරුවකු ලවා සකස් කර ගැනීම ප්‍රමාණවත්ය.
  • කර්මාන්තය නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසු දිර්ඝ කාලින බදු පදනම මත (අවුරුදු 35) බදු ඔප්පුවක් ලබා දීම සඳහා වන නිර්දේශ ලිපිය

අවශ්‍ය ලේඛන

  • ව්‍යාපෘති යෝජනාව - බාගත කර ගත හැක. සැබඳිය (project proposal)
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • පරිසර නිර්දේශය
  • ආදායම් බදු ගෙවීම් පිළිබඳ විස්තරය

සේ.අ.අ. (EPF) ලියාපදිංචි සහතිකය

  • අවු. 35 ක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉඩම් කොටස් ලබා දීම හා බදු ගෙවීම සඳහා වසර පහක සහන කාලයක් ලබා දීම.
  • කර්මාන්තපුර තුළ යටිතල පහසුකම් සංවර්ධනය කර තිබීම.
  • ආරක්ෂන සේවා සම්පාදනය කර තිබීම.
  • නව කර්මාන්ත ආරම්භ කිරීමේදී අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දීම.