අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය

බී.කේ.එම්.ජේ. රුද්‍රිගූ
ප්‍රධාන අභ්‍යන්තර විගණක

දුරකථන : +94-11-2435847
අභ්‍යන්තර : 366
දුරකථන : 071 – 4557999 / 0777958248
අභ්‍යන්තර විගණන අංශය: 220
ෆැක්ස් : +94-11–2435847
විද්‍යුත් තැපෑල : bkm.jenita@gmail.com 

ප්‍රධාන කාර්යයන්

අභ්‍යන්තර විගණන අංශය, මුදල් හා ගිණුම් කටයුතුවලින් වෙන්ව, අමාත්‍යාංශයේ මෙහෙයුම් කටයුතුවලින් බැහැර වූ අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ පිහිටුවා ඇති ස්වාධීන අංශයකි. ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ අධික්ෂණය සහ මෙහෙයවීම යටතේ මෙම අංශය ක්‍රියාත්මක වේ.

ජාතික විගණන පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව සිදුකර ඇති පත්කිරීම් හා මුදල් රෙගුලාසි 133,134 ප්‍රකාරව අභ්‍යන්තර විගණන අංශයට ලැබී ඇති බලතල හා ජාතික විගණන පනතේ 38(ආ) සහ (ඊ) හි දක්වා ඇති පරිදි ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ වගකීම ඉටුවන බව සහතික කිරීම පිණිස කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වල නියමයන් පරිදි විගණන කටයුතු කරනු ලබයි. 

කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනවල අභ්‍යන්තර පාලන ක්‍රම අධ්‍යනය කර එම ක්‍රමවල වැරදි හා වංචා වැළැක්වීම හා  අනාවරණය කර ගැනීමට  සිදුකරනු ලබන අභ්‍යන්තර සෝදිසි පරීක්ෂාවන්හි විධිමත් බව හා ප්‍රමාණවත් බව පිළිබඳ අඛණ්ඩ සමීක්ෂණයන් හා ස්වාධීන ඇගයීමක් කිරීමත්, අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු  හා ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම  ක්‍රියාත්මක කිරීම සහ සැලසුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙහිලා ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට හා ප්‍රගති ආවේක්ෂණ කමිටුවට සහය වීමත් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන සම්බන්ධව අවශ්‍ය අවස්ථාවන්හි දී විශේෂ විමර්ශනයන් සිදුකිරීමත් ප්‍රධාන කාර්යභාරය වේ.

 

අභ්‍යන්තර විගණන අංශය

The Internal Audit Division is an independent division  setup under the Secretary to the Ministry, apart from finance and accounts which is outside the purview of the Ministry. This division operate under the supervision and direction of the Chief Internal Auditor.

Powers assigned to the Internal Audit Division in terms of  appointments made under the section  40 of the National Audit Act and  Financial Regulations 133 and 134 as well as provisions of the circular No.01/2019 dated 12.01.2019 of Management  Audit Department to ensure the performance  of the Chief Accounting Officer as referred to under 38(b) and (f) of the National Audit Act.

Scope of the Internal Audit Division

The Scope of the Internal Audit  work includes the review of the risk management procedures, internal control systems, information systems and governance processes. This work also involves periodic testing of transactions, special investigations, and measures to help prevent and detect fraud  of the Ministry and Institutions under the Ministry of Industries. 

The main objectives of the  Internal Audit Division

  • Study internal control systems of the Ministry as well as those of institutions and carry out continuous survey and independent evaluation on the suitability  and sufficiency of internal investigations undertaken for revealing and preventing short comes of those systems.
  • Assist to the Chief Accounting Officer and the Progress Review Committee to assess the progress of planning and implementation of  development projects and proposals being  implemented by  the  Ministry and Institutions coming under its purview.
  • Functioning as co- coordinator between those engaged in these undertakings, Secretary to the Ministry and Progress Revive Meeting.