කර්මාන්ත ලියාපදිංචි කිරීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
සේවය : කර්මාන්ත ලියාපදිංචි කිරීම

1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතෙහි 2 වන වගන්තිය ප්‍රකාරව සෑම නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයෙකුම තම නිෂ්පාදන වැඩබිම් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කල යුතුය.  ඒ අනුව, අප රටේ පවතින සියලු නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන ලද දින සිට මාස 03ක කාලයක් ඇතුළත එම ව්‍යවසාය පවත්වාගෙන යනු ලබන වැඩබිම හෝ ස්ථානය කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා වෙත ලියාපදිංචි කළ යුතුය (මෙය ආයෝජන මණ්ඩල බලපත්‍රලාභීන්ට අදාළ නොවේ).

නිසි ලෙස සම්පූර්ණ කර ඇති අයදුම්පත සහ අනෙකුත් අවශ්‍ය ලේඛන කර්මාන්ත ලියාපදිංචි අංශය වෙත හෝ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන වෙත භාර දීම හෝ සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කල හැක.

ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති කර්මාන්ත ආයතන සඳහා ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලබයි.

අදාළ සහතික පත්‍රය අමාත්‍යාංශය වෙත උදේ 9 සිට සවස 4 දක්වා කාලය තුළදී පැමිණ හෝ අයදුම්කරුගේ ඉල්ලීම පරිදි ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබා ගත හැක.

ගාස්තුවක් අය නොකරයි.

 

(checklist pdf) යන සබැඳියෙහි සඳහන් ලේඛන ඉදිරිපත් කල යුතුය..

ලියාපදිංචි කිරීමේ අයදුම්පත බාගත කර ගැනීම සඳහා (registration pdf) යන සබැඳිය භාවිතා කරන්න.

අවශ්‍ය ලේඛක බාගත කර ගැනීම සඳහා (Checklist.pdf) යන සබැඳිය භාවිතා කරන්න

අංශය : කර්මාන්ත ලියාපදිංචි
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
නම : බී.කුණාලිනී
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය iii
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011-2448467
අභ්‍යන්තර : 299
ෆැක්ස් : 011-2542708
විද්‍යුත් තැපෑල : industry.regist@gmail.com
ad_ir@industry.gov.lk