පාලන අංශය

පාලන අංශය

ඩී නන්දනී සමරවික්‍රම මහත්මිය
අතිරේක ලේකම් (පාලන)

දුරකථන : +94-11-2434689               
දිගුව: 222
අතිරේක ලේකම් (පාලන) කාර්යාලය: 334
ජංගම: 
ෆැක්ස්: +94-11-2390941
විද්‍යුත් තැපෑල : adsec.admin@industry.gov.lk, nandanies4@gmail.com

ප්‍රධාන කාර්යයන්

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ පවතින මෙම අංශය මගින් අමාත්‍යංශයේ  සියලු ආයතනික හා පරිපාලන කටයුතු ඉටු කරනු ලබයි. නඩත්තු අංශය, ප්‍රවාහන අංශය, නීති අංශය,  මානව සම්පත් අංශය හා පාර්ලිමේන්තු කටයුතු අංශය මෙහි අනු අංශ වේ.

අමාත්‍යංශ කාර්ය මණ්ඩලය සම්බන්ධ සියලු කටයුතු, තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම,අමාත්‍ය මණ්ඩල සංදේශ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන සියලු ලේඛන සැකසීම,පාර්ලිමේන්තු ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීම,පාර්ලිමේන්තුවෙහි සභාගත කරන සියළුම ලේඛන සැකසීම, අමාත්‍යංශ කාර්ය මණ්ඩලයෙහි පුහුණුව හා ධාරිතා සංවර්ධනය,අමාත්‍යංශ පරිශ්‍රය හා අමාත්‍යංශයට අයත් සියලු ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් නඩත්තුව, උපයෝගිතා සේවා ලබා ගැනීම, අමාත්‍යංශයට අදාළ සියලු මාධ්‍ය කටයුතු ඉටු කිරීම සහ අමාත්‍යංශයට අයත් වාහන පිළිබද සියලු කටයුතු ඉටු කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්යය භාරය වේ

ආයතන හා පරිපාලන අංශය

එම් එස් එම් නවාස් මහතා
(ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්)
දුරකථන : 0112-332443
දිගුව : 394 
ෆැක්ස්: 0112-332444
විද්‍යුත් තැපෑල : sas_admin@industry.gov.lk
nawasaly@gmail.com

එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය
(සහකාර ලේකම්-පාලන)
දු.ක. : 0112-384501
දිගුව: 234
ෆැක්ස් : 0112-332444
විද්‍යුත් තැපෑල : Ishanidissanayaka7@gmail.com

එස් ඩී සඳමාලි ප්‍රනාන්දු මහත්මිය
(පරිපාලන නිලධාරී)
දු.ක. : 0112-332444
දිගුව : 230
ෆැක්ස් : 0112-332444
විද්‍යුත් තැපෑල : Ishanidissanayaka7@gmail.com

 

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (පාලන) විසින් හසුරුවනු ලබන මෙම අංශයේ ප්රධාන කාර්ය භාරය පහත පරිදි වේ. 
ප්‍රධාන කාර්යයන්
  1. අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම ඇතුළුව එම කාර්ය මණ්ඩලයේ සියළුම ආයතනික හා පරිපාලන කටයුතු
  2. අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීම, තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් හා ස්ථාන මාරු කිරීම්වලට අදාළ කටයුතු
  3. අමාත්‍යාංශ නිලධාරීන්ගේ දේශිය නිවාඩු සම්බන්ධ කටයුතු
  4. අමාත්‍යාංශ නිලධාරීන් සඳහා ආපදා ණය, දේපල ණය අනුමත කිරීමේ කටයුතු
  5. අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ හා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් අනුමත කිරීමේ කටයුතු
  6. අමාත්‍යාංශ නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණයට අරමුදල් ගෙවිම් වලට අදාළ කටයුතු
  7. අමාත්‍යාංශ නිලධාරීන්ගේ නිවාඩු දින දුම්රිය බලපත්‍ර, අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර  ලබා දීම සම්බන්ධ කටයුතු
  8. අමාත්‍යාංශ වෙත ලැබෙන ලිපි බාර ගැනීම, ලිපි විවෘත කර අදාළ අංශ වෙත යොමු කිරීම සහ අමාත්‍යාංශයෙන් පිටතට යවන ලිපි තැපෑලට යොමු කිරීම
  9. ගරු අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ හා අමාත්‍යාංශයේ කාර්යයන් වෙනුවෙන් කරනු ලබන වියඳම් වලට අදාළව බිල්පත් නිරවුල් කිරීමේ කටයුතු
  10. අමාත්‍යාංශයේ ආරක්ෂක හා පවිත්‍රතා සේවය ලබා ගැනීම හා පවත්වාගෙන යාමේ කටයුතු
  11. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීමට අතිරේක ලේකම් පාලන තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කිරීම හා එම පනතේ විධිවිධාන ඉටු කිරීමට අවශ්‍ය සියළුම කටයුතු සිදු කිරීම.
  12. අමාත්‍යතුමාගේ කාර්යමණ්ඩලයේ හා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිල දුරකථන බිල්පත් පියවීම
  13. කාර්යාලීය හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු
  14. මැතිවරණ රාජකාරීවලට අදාළව ඉටු කරනු ලබන කටයුතු
  15. ජනාධිපති හා අගමැති කාර්යාලවලින් ලැබෙන මහජන පැමිණිලි, දුක්ගැනිවිලි ඉල්ලීම් පිළිබඳ අමාත්‍යාංශයේ අදාළ අංශ සමඟ කටයුතු කිරීම.

මානව සම්පත් සංවර්ධන අංශය

එම්. වී. අයි. එස්. දිසානායක මහත්මිය
සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන)
දු.ක.: 0112-384501
අංශයේ දිගුව: 234
ජංගම: 
විද්‍යුත් තැපෑල: ishanidissanayaka7@gmail.com

ප්‍රධාන කාර්යයන්

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු) විසින් හසුරුවනු ලැබේ. සේවාභිමුඛ පුහුණු අවස්ථා ලබා දීම තුළින් මනා ධාරිතාවයකින් හෙබි රාජ්‍ය සේවකයෙකු බිහි කිරීම හා ඒ තුළින් කාර්යක්ෂම,ඵලදායී හා මානව හිතවාදී අයුරින් මහජනතාව වෙනුවෙන් ඇපකැප වන්නා වූ රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීම උදෙසා මානව සම්පත් සංවර්ධන අංශය විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලබයි.

1.නිල විදේශ සංචාර,ශිෂ්‍යත්ව සෘජු විදේශ පුහුණු සම්බන්ධීකරණය 

  • ගරු අමාත්‍යතුමා සහභාගී වන නිල විදේශ සංචාර
  • අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සහභාගී වන රාජකාරී විදේශ සංචාරඅමාත්‍යාංශ නිලධාරීන් විසින් සහභාගී වන සෘජු විදේශ පුහුණු හා වැඩමුළු
  • සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන් සහභාගී වන ඍජු රාජකාරී, විදේශ සංචාර හා පුහුණු වැඩසටහන්

2. රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු ඉටු කිරීම

3.සෘජු ආරාධනා නොවන සියලු නිල රාජකාරී විදේශ සංචාර හා පුහුණු සම්බන්ධීකරණය

4.කෙටි කාලීන දේශිය ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය සහ ආයතනික අවශ්‍යතා මත අභ්‍යන්තර පුහුණු සංවිධානය කිරීම

5.දිගු කාලීන දේශිය ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය

6.පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් සම්බන්ධීකරණය

7.පුහුණු අවශ්‍යතා ඇගයීම

පාර්ලිමේන්තු කටයුතු අංශය

එම්. වී. අයි. එස්. දිසානායක මහත්මිය
සහකාර ලේකම් ( පාර්ලිමේන්තු කටයුතු)
දු.ක.: 0112-384501
අංශයේ දිගුව: 234
ජංගම: 
විද්‍යුත් තැපෑල: ishanidissanayaka7@gmail.com
 
අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු) විසින් හසුරුවනු ලබන මෙම අංශයෙහි ප්‍රධාන කාර්යය වනුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩල කාර්යාලය සමඟ සම්බන්ධ වී කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සිදු කළ යුතු රාජකාරී ඉටු කිරිමයි.
ප්‍රධාන කාර්යයන්

පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් පහත සඳහන් රාජකාරී සිදු කරනු ලබයි.

  • අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා සටහන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යැවීම
  • අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධ කටයුතු සිදු කිරීම
  • අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ යැවීම
  • පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු යැවීම
  • අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අදාළ කටයුතු සිදු කිරීම
  • මහජන පෙත්සම් කාරක සභාවට අදාළ කටයුතු සිදු කිරීම
  • ආංශික කාරක සභා රැස්වීම්වලට අදාළ කටයුතු සිදු කිරීම
  • පාර්ලිමේන්තුව විසින් එවන ලද වාර්තා හා ලේඛන පිළිබඳ කටයුතු සිදු කිරීම
  • තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විෂයයට අදාළව සිදු කරන විමසීම් සම්බන්ධ කටයුතු සිදු කිරීම
  • පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පවත්වන වෙනත් රැස්වීම් සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම

ප්‍රවාහන අංශය

එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය
(සහකාර ලේකම් – පාලන)
දු.ක.: 0112-384501
අංශයේ දිගුව:234
ජංගම:
ෆැක්ස්: 0112-332444
විද්යුත් තැපෑල: Ishanidissanayaka7@gmail.com

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (පාලන) විසින් හසුරුවනු ලබන මෙම අංශය විසින් අමාත්‍යාංශයට අවශ්‍ය වන ප්‍රවාහන පහසුකම් නිසි අයුරින් ලබා දීමට පහත පරිදි ක්‍රියා කරනු ලැබේ.
ප්‍රධාන කාර්යයන්

•වාහන නඩත්තු කිරීම හා වාර සේවා ඉටු කිරීම.
ඒ සඳහා අවශ්‍ය ඇස්තමේන්තු කැඳවීම, ඒවා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම හා එම අළුත්වැඩියාවන් නිසි පරිදි ඉටු කරවා ගෙන ඒ සඳහා ගෙවීම් අනුමත කර ගැනීම.
•රියදුරු මහත්වරුන් කාර්යක්ෂමව උපයෝජනය කිරීම.
රියදුරු මහත්වරුන් සඳහා නියමිත කාර්යයන් පවරා දී ඒවා නිසි පරිදි ඉටු කරවා ගැනීම.
•වාහන පවරා ගැනීම, පවරා දීම හා අපහරණය කිරීම.
වෙනත් ආයතනයක ඇති වාහනයක් අප අමාත්‍යාංශයට පවරා ගැනීම, අප අමාත්‍යාංශය යටතේ ඇති වාහන වෙනත් ආයතනයකට පවරා දීම, අමාත්‍යාංශයේ වාහන බාහිර පාර්ශවයකට විකිණීම හා භාවිතයට නුසුදුසු වාහන භාවිතයෙන් ඉවත් කිරීම යන කාර්යයන් ඉටු කිරීම.
•නිලධාරීන්ගේ ඉන්ධන දීමනා ගෙවීම.
ගරු අමාත්‍යතුමාගේ, අමාත්‍යතුමාගේ කාර්යය මණ්ඩලයේ හා අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව හා අතිරේක ඉන්ධන සඳහා ගෙවීම.
•අප අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලට වාහන අනුයුක්ත කිරීම හා ඒවා නිසි පරිදි නඩත්තු කිරීම.
•වාහන සඳහා ඉන්ධන සැපයීම (අවශ්‍ය අයදුම්පත් සැකසීම) හා ගෙවීම.
•රියදුරු මහත්වරුන්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා ලේඛන සැකසීම.

නීති අංශය

පී.ජී.ටී.පී.ද සිල්වා මහත්මිය
නීති නිලධාරි I
දු.ක: 011 2327760
අංශයේ දිගුව:
කාර්යාලය:
ජංගම:
ෆැක්ස්:
විද්යුත් තැපෑල: lomic502@gmail.com

ජී.එම්.ආර්.ආර්.ඩී ඥානසේකර
නීති නිලධාරී II
දු.ක:011-2327807
අංශයේ දිගුව:
කාර්යාලය:
ජංගම:
ෆැක්ස්:
විද්යුත් තැපෑල:
 
ප්‍රධාන කාර්යයන්

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ නීති නිලධාරීන් දෙදෙනෙකු විසින් හසුරුවනු ලබන මෙම අංශය විසින් අමාත්‍යංශයේ විෂයය පථය ප්‍රකාරව කර්මාන්ත අංශයට හා රාජ්‍ය ව්‍යාපාරයන්ට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය නීති සහාය සපයනු ලබයි. එසේම නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ වෙනත් අදාළ අධිකාරීන් සමඟ එක්ව අමාත්‍යාංශයට සහ ඒ යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරයන්ට අදාළ නීතිමය කටයුතු ද මෙම අංශය විසින් සිදු කෙරේ.

භාෂා පරිවර්තන අංශය

එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය 
(සහකාර ලේකම්-පාලන)
දු.ක: 0112-384501
අංශයේ දිගුව:234
ජංගම:
ෆැක්ස්: 0112-332444
විද්‍යුත් තැපෑල: Ishanidissanayaka7@gmail.com

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (පාලන) විසින් හසුරුවනු ලබන මෙම අංශය විසින් අමාත්‍යාංශයේ සියළුම අංශයන් හා අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතන  මඟින් යොමු කරන,

MAIN FUNCTIONS

කැබිනට් සංදේශ

  • අමාත්‍ය මණ්ඩල පත්‍රිකා
  • අමාත්‍ය මණ්ඩල සංදේශ
  • අමාත්‍ය මණ්ඩල සටහන්
  • පාර්ලිමේන්තු ප්‍රශ්න
  • වාර්ෂික කාර්ය සාධන වාර්තා
  • එක් එක් අංශවලින් ලැබෙන ලිපි
  • අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් ලැබෙන ලිපි
  • අමාත්‍යතුමාගේ අංශයන් ලැබෙන ලිපි
  • පුවත්පත් දැන්වීම්

නඩත්තු අංශය

එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය
(සහකාර ලේකම් – පාලන)
දු.ක.: 0112-384501
අංශයේ දිගුව:234
ජංගම:
ෆැක්ස්: 0112-332444
විද්යුත් තැපෑල: Ishanidissanayaka7@gmail.com

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (පාලන) විසින් හසුරුවනු ලබන මෙම අංශය අමාත්‍යාංශයේ සියලුම නඩත්තු කටයුතු සිදු කරයි.ඒ යටතේ පහත කාර්යයන් සිදු කරනු ලැබේ
ප්‍රධාන කාර්යයන්
  • ගොඩනැගිලි අලුත්වැඩියාව හා නවීකරණ කාර්‍යයන්:

මෙහිදී ගරු අමාත්‍යතුමාගේ නිල නිවාසයෙහි අලුත්වැඩියා කටයුතු, අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිලිවල අලුත්වැඩියා කටයුතු හා නවීකරණ කාර්‍යයන් ආදිය සිදු කරනු ලබයි.

  • ඡායා පිටපත් යන්ත්‍ර, වායුසමන යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර , අභ්‍යන්තර දුරකථන අලුත්වැඩියාව:

අමාත්‍යාංශයේ ස්ථානගත කර ඇති සියලුම ඡායා පිටපත් යන්ත්‍ර, වායුසමන යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, අභ්‍යන්තර දුරකථන යනාදියෙහි සියලුම අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

  • විදුලිජනක යන්ත්‍රයේ/ විදුලි පරිපථය අලුත්වැඩියාව:

අමාත්‍යාංශයේ අයත් ප්‍රදේශයේ යම් විදුලිය බිඳ වැටීමක් වන අවස්ථාකදී අමාත්‍යාංශයේ කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාම සඳහා ඇති වොල්වෝ විදුලිජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු නඩත්තු අංශය මඟින් සිදු කරනු ලබයි.එසේම අමාත්‍යාංශයේ විදුලි පරිපථයේ සියලුම අලුත්වැඩියා කටයුතු ද සිදු කරනු ලැබේ.

  • ඍජු දුරකථන සබඳතා ලබාදීම

අමාත්‍යාංශයේ විධායක නිලධාරීන් හට හිමි ඍජු දුරකථන සම්බන්ධතාවයන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ලබා දීම සිදු කරයි. 

  • ඇගිලි සලකුණු යන්ත්‍ර අලුත්වැඩියාව 

අමාත්‍යාංශයෙහි සහ ඊට අයත් ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයන්හි ස්ථාපිත කර ඇති ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සියලුම නඩත්තු කටයුතු සිදු කරයි. 

  • අමාත්‍යාංශයේ ජලනල පද්ධතිය සම්බන්ධ කටයුතු