වසන්ත උදානය බක්මහ උළෙල

කර්මාන්ත අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ ” වසන්ත උදානය බක්මහ උළෙල ”  අප්‍රේල් 27 දින දවස පුරා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය. අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම බක්මහ උළෙල ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය.

ඔංචිලි පැදීම, ජන ගී ගායනා, පොල් අතු විවීම, වාසනා මුට්ටිය බිඳීම, කොට්ටපොර ගැසීම, සගයාට කිරි කැවීම, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, පොල් ගෑම, විකට ඇදුම්,  අවුරුදු කුමරා සහ කුමරිය වැනි තරඟ රැසකින් මෙවර බක්මහ උළෙල සමන්විත විය. කුඩා දරු දැරියන් සඳහාද ටොෆි ඇහිඳීම, බනිස් කෑම, අලියාට ඇස තැබීම, බැලුම් පිපිරවීම, සංගීත පුටු තරඟය වැනි තරඟ රැසක් සංවිධානය කර තිබුණි.

අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බක්මහ උළෙල සඳහා අතිරේක ලේකම්වරුන්වන චමින්ද පතිරාජ, රංජිත් විමලසූරිය, මහේෂ් අබේසේකර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.