තාවකාලික ලියාපදිංචි සහතික අලුත් කිරීම.

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
සේවය : තාවකාලික ලියාපදිංචි සහතික අලුත් කිරීම.

තාවකාලික සහතිකයක් නිකුත් කරනු ලබන්නේ නිෂ්පාදන කටයුතු 100% සම්පූර්ණ නැති හෝ අවශ්‍ය ලියවිලි සම්පූර්ණ කර නැති අවස්ථාවකදීය. සියලු ලියවිලි හා නිෂ්පාදනය සම්පූර්ණ කළ පසු ස්ථිර සහතිකයක් නිකුත් කරනු ලැබේ.

කර්මාන්ත ආයතනය ලියාපදිංචි කළ අවස්ථාවේදී සම්පූර්ණ නොකරන ලද, අවශ්‍ය ලේඛන කර්මාන්ත ලියාපදිංචි අංශය වෙත භාර දීම හෝ සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යාංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කළ හැක.

අවශ්‍ය වන්නේ නම් කර්මාන්ත ආයතනවල ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරනු ලබයි.

උදේ 9 සිට සවස 4 දක්වා කාලය තුළදී අමාත්‍යාංශය වෙත පැමිණ පැරණි තාවකාලික සහතිකය බාරදීමෙන් අනතුරුව නව සහතික පත්‍රය ලබා ගත හැක.

ගාස්තුවක් අය නොකරයි

කර්මාන්ත ආයතනය ලියාපදිංචි කළ අවස්ථාවේදී සම්පූර්ණ නොකරන ලද (checklist pdf) යන සබැඳියෙහි සඳහන් ලේඛන

තාවකාලික ලියාපදිංචි සහතික අලුත් කිරීමේ අයදුම්පත බාගත කර ගැනීම සඳහා (renewal pdf) යන සබැඳිය භාවිතා කරන්න

අංශය: කර්මාන්ත ලියාපදිංචි
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
නම : බී.කුණාලිනී
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය iii
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන: 011-2448467
අභ්‍යන්තර : 299
ෆැක්ස් : 011-2542708
විද්‍යුත් තැපෑල : industry.regist@gmail.com
ad_ir@industry.gov.lk