රථවාහන එකලස් කිරීම

අංශය : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
ශාඛාව : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
සේවය : රථවාහන කර්මාන්තයේ දේශීය අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සහ දේශීය අගය එකතු කළ රථවාහන සඳහා තීරු බදු සහන පිණිස නිර්දේශ නිකුත් කිරීම

යෝග්‍යතා උපමාන/ අවශ්‍ය සුදුසුකම්

රෝද හතරේ (4) රථවාහන සඳහා අවම වශයෙන් 20%ක දේශිය අගය එකතු කිරීමක් සහ රෝද දෙකේ (2) රථවාහන සඳහා අවම වශයෙන් 25%ක දේශිය අගය එකතු කිරීමක් සිදු කරන රථවාහන එකලස් කරන/ නිෂ්පාදනය කරන දේශිය කර්මාන්ත 2021.04.05 දිනැති අතිවිශේෂ ගැසට් අංක 2222/3 සහ මෙම අමාත්‍යාංශයේ සම්මත මෙහෙයුම් පටිපාටිය පරිදි සඳහා සුදුසුකම් ලබයි.

ක්‍රියාවලිය/ පියවර

  1. නව රථවාහන ආකෘතියක් එකලස් කිරීම/ නිෂ්පාදනය කිරීම සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සමඟ සංකල්ප පත්‍රිකාවක් හෝ ව්‍යාපෘති යෝජනාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉදිරිපත් කිරීම
  2. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවට උක්ත ලේඛන ඉදිරිපත් කිරීම.
  3. ඉදිරිපත් කළ පිරිවැය ව්‍යුහය මත පදනම්ව දේශීයව එකතු කළ අගය ගණනය කිරීම.
  4. කර්මාන්තකරු විසින් එකලස් කිරීමේ/ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹු බව කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලිපියකින් දැනුම් දීම.
  5. මෙම අමාත්‍යාංශය විසින් එකලස් කිරීමේ/ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිරික්සීම.
  6. වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ සැබෑ දේශීය අගය එකතු කිරීම, සියලු ආශ්‍රිත ලේඛන (මුල් පිටපත් සහ ජයාපිටපත්) කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම
  7. පරීක්ෂණ වාර්තා සහ දේශීය අගය එකතු කිරීම් ලේඛන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවට ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම.
  8. එම කමිටුවෙන් ලබා දෙන නිර්දේශ කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම
  9. අවශ්‍ය කටයුතු සඳහා කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා රේගුවට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දීම.
  • සංකල්ප පත්‍රිකාව
  • ව්‍යාපෘති යෝජනාව පිරිවැය ඇස්තමේන්තුවක්
  • වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව
  • වාහන සැකිල්ල (Vehicle Body Shell) ආනයනය පිණිස ඉල්ලීම් ලිපිය

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
ශාඛාව : කර්මාන්ත ප්‍රතිපත්ති I
නම : පී. නාමගල්
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන : 0112390141
අභ්‍යන්තර: 427
ෆැක්ස් : 0112347393
විද්‍යුත් තැපෑල : industrypolicy1@gmail.com