තීරු බදු සම්බන්ධ ගැටළු

අංශය : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
ශාඛාව : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
සේවය : පවතින තීරු බදු ව්‍යුහයේ විෂමතා ඉවත් කරවා ගැනීමට කර්මාන්තකරුව විසින් සිදු කරන ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම සහ තීරු බදු ගැටළු හා තීරු බදු ප්‍රතිපත්ති සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කිරීම

කර්මාන්ත අංශයට අදාළ තීරු බදු ගැටළු විසඳීම පිණිස ප්‍රතිපත්ති අංශය විසින් පියවර ගනු ලැබේ.

ක්‍රියාවලිය/ පියවර:

  1. එවැනි ගැටළුවක් (විශේෂයෙන් ම තීරු බදු ප්‍රතිපත්ති සම්බන්ධ)පැන නැඟී ඇතැයි හැඟෙන කර්මාන්තකරුවන් විසින් එය විසඳා දෙන මෙන් කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම.
  2. එම ඉල්ලීම් පිළිබඳව අදහස් හා යෝජනා අදාළ පාර්ශ්බකරුවන් වෙතින් ලිඛිතව ලබා ගැනීම. උපදේශක කමිටු සභාපති/ සාමාජිකයන්, ආශ්‍රිත කර්මාන්තකරුවන්, කර්මාන්ත සංගම්/ මණ්ඩල පාර්ශ්බකරුවන් සැලකේ.
  3. අයදුම්කරු විසින් ඉදිරිපත් කළ තොරතුරු අදාළ පාර්ශ්බකරුවන් වෙතින් ලද අදහස්, අදහස් හා යෝජනා සමඟ පිරික්සීම.
  4. එම තොරතුරු අනුමැතිය පිණිස ආනයන සීමා කිරීම් සමාලෝචන කමිටුව (IRRC) වෙත ඉදිරිපත් කිරීම.
  5. IRRC කමිටු අනුමැතියෙන් අනතුරුව මෙම අමාත්‍යංශයේ නිර්දේශ, අවශ්‍ය කටයුතු සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට හා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට දන්වා යැවීම.
  • ඉල්ලීම් ලිපියක්
  • වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
ශාඛාව : කර්මාන්ත ප්‍රතිපත්ති I
නම : පී. නාමගල්
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන : 0112390141
අභ්‍යන්තර : 427
ෆැක්ස් : 0112347393
විද්‍යුත් තැපෑල : industrypolicy@gmail.com