ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
සේවය : ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම.

සහතික පත්‍රයක ඇතුළත් කර්මාන්ත ආයතනයක තොරතුරු යාවත්කාලීන කිරීමට අවශ්‍ය අවස්ථාවකදීඅයදුම්කරුගේ ඉල්ලීම පරිදි කර්මාන්තය පිළිබඳ තොරතුරු සංශෝධනය කිරීම සිදුකරනු ලබයි

සංශෝධනය විය යුතු තොරතුරු ඇතුළත් ඉල්ලීමේ ලිපිය සහ අවශ්‍ය ලේඛන කර්මාන්ත ලියාපදිංචි අංශය වෙත භාර දීම හෝ සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යාංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කළ හැක.

අවශ්‍ය වන්නේ නම් වත්මන් නිෂ්පාදන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා කර්මාන්ත ආයතනවල ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරනු ලබයි.

උදේ 9 සිට සවස 4 දක්වා කාලය තුළ දී අමාත්‍යාංශය වෙත පැමිණ පැරණි සහතිකය බාරදීමෙන් අනතුරුව සංශෝධිත නව සහතික පත්‍රය ලබා ගත හැක.

ගාස්තුවක් අය නොකරයි

 

සංශෝධනය විය යුතු තොරතුරු සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතුය.

උදාහරණ:
කර්මාන්ත ආයතනයක නම සංශෝධනය කිරීමට අවශ්‍ය අවස්ථාවකදී,
ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය හෝ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක 3 ආකෘතිය (Form 3); හෝ
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක 13 ආකෘතිය හෝ අංක 14 ආකෘතිය (Form 13 or Form 14).

 

 

අංශය : කර්මාන්ත ලියාපදිංචි
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
නම : බී.කුණාලිනී
සේවය :ශ්‍රී ලංකා පරිපාලන සේවය iii
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන: 011-2448467
අභ්‍යන්තර : 299
ෆැක්ස්: 011-2542708
විද්‍යුත් තැපෑල : industry.regist@gmail.com
ad_ir@industry.gov.lk