ඖෂධ හා රූපලාවන්‍ය ආංශික කමිටු සාමාජිකයින් පත් කරයි...

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශණ සභාවේ සභාපතිවරුන් හා  කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අප්‍රේල් 29 දින කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින.

අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදී. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අකර  වසර 2 ක් සඳහා  බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ.

මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි. ඖෂධ  හා රූපලාවන්‍ය කර්මාන්ත අංශ සංවර්ධනය සදහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදාල කමිටු සාමාජිකයින් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම්, අමාත්‍යාංශ නිලධාරීන් කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.