නව අවුරුදු තේපැන් සංග්‍රහය

කර්මාන්ත අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ නව අවුරුදු තේපැන් සංග්‍රහය අප්‍රේල් 17 දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විය. මේ සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා  අමාත්‍යංශ නිලධාරීන් සියළු දෙනා සහභාගි වූහ.

මෙහිදී අමාත්‍යාංශ නිලධාරින් අමතමින් අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා , අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී කර්මාන්ත අමාත්‍යාශයට සුවිශේෂී වූ කාර්යභාරයක් පැවරී ඇති බවත්, අපේක්ෂිත ඉලක්ක සපුරා ගනිමින් මෙතෙක් ආ ගමන නොනැවතී ඉදිරියටම යාමට නව වසරේදීත් එක්ව කටයුතු කළයුතු බව පැවසීය.