ලේකම් කාර්යාලය

thumbnail

ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය

ලේකම්

කර්මාන්ත අමාත්‍යාංශය

දුරකථන : + 94-11-2436123 + 94-11-2436124

ජංගම : +94-779229222

ෆැක්ස් : + 94-11-2449402

විද්‍යුත් තැපෑල (කාර්යාලීය) :  sec.indus73@gmail.com
  •   තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියකි. ඇය 2021 වසරේ රජයේ කාර්ය සාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනිය වේ. වර්තමානයේ ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි. මීට පෙර ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරිය ලෙසද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) පළමු කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.
  •  ජයසුන්දර මහත්මිය ජපානයේ ටෝකියෝ හි ආසියානු ඵලදායිතා සංවිධානයේ(APO) හිටපු අධ්‍යක්ෂිකාවක (කර්මාන්ත) වන අතර වසර දහයකට ආසන්න කාලයක් ජාතික ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස කටයුතු කළාය. ආසියානු ඵලදායිතා සංවිධානයේ වසර පනස් හයක ඉතිහාසය තුළ ජපන් ජාතික නොවන පළමු අධ්‍යක්ෂිකාව (කර්මාන්ත) ඇය වූ අතර එහි ඇගේ සේවා කාලය වාර්තාගත සේවා කාලයකි. ආසියානු ඵලදායිතා සංවිධානයේ සියලුම සාමාජික රටවල් ඇයගෙන් ඉටුවූ  සේවාව මෙන්ම සියලුම සාමාජික රටවල් සමඟ ඇය පවත්වාගෙන ගිය අන්තර් පුද්ගල සම්බන්ධතාවන් බෙහෙවින් අගය කළහ. ඇය ආසියානු ඵලදායිතා සංවිධානයේ රාජ්‍ය අංශයේ ඵලදායිතාව, ප්‍රතිපත්ති රාමුව සහ වැඩසටහන් සංවර්ධනය කිරීමෙහිලා මූලික විය.
  • ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක් B.Sc. (SriJ) වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරිනියක් ද PGDIT (SLIIT) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරිනියක් MPA (SriJ),  ඵලදායිතා ප්‍රවර්ධන ව්‍යාපාරයේ ජාත්‍යන්තර සහ ජාතික අත්දැකීම් රාශියක්ද ඇති නිළධාරිනියකි. ජයසුන්දර මහත්මිය ව්‍යාපෘති කළමනාකරණය, ඵලදායිතා ප්‍රවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති/පරිපාලනය, සාමාන්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, සැලසුම්කරණය සහ නියාමනය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, ලීන් කළමනාකරණය (Lean Management), හරිත ඵලදායිතාව, රාජ්‍ය අංශයේ කාර්ය සාධනය මැනීම කළමනාකරණය,  සේවා නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රීය ඵලදායිතාව යනාදි ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම ලබා ඇත.