කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන අංශය

කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන අංශය

එස්.ඒ.මහින්ද ලාල් ගුණතිලක
අතිරේක ලේකම්
කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන

දු.ක: 0112433725
අභ්‍යන්තර:244
ෆැක්ස්: 011-2448462
විද්යුත් තැපෑල: adsec indev@industry.gov.lk

 
ප්‍රධාන කාර්යයන්
  • කර්මාන්ත සංවර්ධන අංශයෙහි, සියළුම ප්‍රාදේශීය කාර්යාල හා කර්මාන්තපුර සංවර්ධන කටයුතු මෙහෙයවීම, අධීක්ෂණය කිරීම හා දෛනික පරිපාලන කටයුතු සිදු කිරීම
  • 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතට අදාල සියලු කාර්යයන් ඉටු කිරීම.
  • නව කර්මාන්තපුර පිහිටුවීම, යටිතල පහසුකම් සැපයීම හා පවත්නා කර්මාන්තපුරවල පහසුකම් වැඩි දියුණු කිරිම.
  • කර්මාන්තපුර සම්බන්ධයෙන් පවතින ඉඩම් ගැටළු විසඳීමට කටයුතු කිරීම.
  • දේශීය කර්මාන්තකරුවන් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට කටයුතු කිරීම.
  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තපුරවල සංවර්ධන කාර්යයන්ට අදාල කටයුතු සිදු කිරීම.

කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන

ඩී.එම්.ජී.කේ.දිසානායක
සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර: අධ්‍යක්ෂ
දු.ක: 0112441490
අභ්‍යන්තර: 352
විද්‍යුත් තැපෑල: idmic110@gmail.com

කාර්යයන්

• කර්මාන්ත සංවර්ධන අංශයෙහි, සියලුම ප්‍රාදේශීය කාර්යාල හා කර්මාන්තපුර සංවර්ධන කටයුතු මෙහෙයවීම, අධීක්ෂණය කිරීම හා දෛනික පරිපාලන කටයුතු සිදු කිරීම.\
• 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතට අදාළ සියලු කාර්යයන් ඉටු කිරීම.
• නව කර්මාන්තපුර පිහිටුවීම, යටිතල පහසුකම් සැපයිම හා පවත්නා කර්මාන්තපුරවල පහසුකම් වැඩි දියුණු කිරීම.
• කර්මාන්තපුර සම්බන්ධයෙන් පවතින ඉඩම් ගැටළු විසදීමට කටයුතු කිරීම.
• දේශීය කර්මාන්තකරුවන් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පහසුකම් ලබා දීමට කටයුතු කිරීම.

එස්.ඒ.දර්ශ ප්‍රවීණ
සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර: සහකාර අධ්‍යක්ෂ
දු.ක: 0112343937
අභ්‍යන්තර: 495
විද්‍යුත් තැපෑල: idmic110@gmail.com

කාර්යයන්

• බස්නාහිර, ඌව, සබරගමුව, වයඹ, උතුරු මැද, උතුර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර යන පළාත්වල පිහිටි ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන සම්බන්ධ රාජකාරී කටයුතු.
• බස්නාහිර, ඌව, සබරගමුව, වයඹ, උතුරු මැද, උතුර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර යන පළාත්වල පිහිටි කර්මාන්තපුර සම්බන්ධ රාජකාරී කටයුතු සිදුකිරිම.
• කර්මාන්ත සංවර්ධන අංශය සම්බන්ධ සැලසුම් සකස් කිරීම, පසු විපරම් කිරීම, ඊට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය නිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
• සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු සිදුකිරීම.
• කර්මාන්ත සංවර්ධන අංශය සම්බන්ධ පාලන කටයුතු සම්බන්ධ රාජකාරී කටයුතු සිදුකිරීම.

දේශා කුමාරදාස
සේවය : ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
තනතුර : සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු)
දු.ක : 0112-330578
අභ්‍යන්තර : 354
විද්‍යුත් තැපෑල : idmic110@gmail.com

ප්‍රධාන කාර්යයන්
  • 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
  • නව කර්මාන්තපුර ස්ථාපනය කිරීම
  • කර්මාන්තපුරවලට අදාල ඉඩම්වල වාණිජ නිෂ්පාදන සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම හා ඔවුන් වෙත අදාල ඉඩම් කොටස් වෙන් කර ලබා දීම. (අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව)
  • කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  • ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීමට අදාළ ගැටළු, පාරිසරික අවසරය, පළාත් පාලන ආයතනයන්වල අනුමැතීන් ආදී කටයුතු සඳහා පහසුකම් සැලසීම
  • කර්මාන්තපුරවලට අදාල නඩත්තු කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන සියලුම පළාත්වල පවත්වාගෙන යාම හා එම කටයුතු සඳහා ප්‍රාදේශීය සේවා කමිටු පත් කිරීම.
  • කර්මාන්තකරුවන් වෙත කාලීන අවශ්‍යතාවලට අනුකූලව සුදුසු පුහුණු වැඩසටහන් පැවැත්වීම මඟින් දැනුම ලබා දීම.
  • කර්මාන්තකරුවන්ගේ විවිධ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකරණය, ජංගම සේවා හා අනෙකුත් අවශ්‍ය සහයෝගය ලබා දීම.
  • කර්මාන්තකරුවන් වෙත රජය විසින් වරින් වර ගනු ලබන තීරණ අනුව ලබා දෙන ප්‍රතිලාභ සඳහා ඔවුන් යොමු කිරීම.

කර්මාන්ත ලියාපදිංචි

බී.කුණාලිනී
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දු.ක : 011244 8 467
අභ්‍යන්තර : 299
ෆැක්ස් : 011254 2 708
විද්‍යුත් තැපෑල: industry.regist@gmail.com
ad_ir@industry.gov.lk

ප්‍රධාන කාර්යයන්

i. කර්මාන්ත ලියාපදිංචි කිරීම

1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතෙහි 2 වන වගන්තිය ප්‍රකාරව සෑම නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයෙකුම තම නිෂ්පාදන වැඩබිම් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ යුතුය. ඒ අනුව, අප රටේ පවතින සියලු නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන ලද දින සිට මාස 03ක කාලයක් ඇතුළත එම ව්‍යවසාය පවත්වාගෙන යනු ලබන වැඩබිම හෝ ස්ථානය කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා වෙත ලියාපදිංචි කළ යුතුය (මෙය ආයෝජන මණ්ඩල බලපත්‍රලාභීන්ට අදාළ නොවේ).

කර්මාන්ත ලියාපදිංචි කිරීමේ අංශයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ රට තළ පවතින සියලුම නිෂ්පාදන කර්මාන්ත මෙම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීමයි. ඒ අනුව, සුදුසුකම් ලත් කර්මාන්ත සඳහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබන අතර එමඟින් ලියාපදිංචි කර්මාන්ත ව්‍යවසායකයන් හට පුළුල් පරාසයක ප්‍රතිලාභ ලබා ගත හැකිවනු ඇත.

මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම මගින් කර්මාන්ත ව්‍යවසායකයන් වෙත හිමිවන ප්‍රතිලාභ;

1. රජය පිළිගත් නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයකු ලෙස හඳුනාගැනීම.
2. සියළුම යටිතල පහසුකම්වලින් සමන්විත කර්මාන්තපුරවල ඉඩම් කොටස් දීර්ඝකාලීන සාධාරණ බදු පදනමක් මත ලබාගැනීමට සුදුසුකම් ලැබීම.
3. අගය එකතු කරන ලද නිෂ්පාදන සඳහා ලබාදෙන තීරුබදු සහන ක්‍රම (TIEP) යටතේ අපනයන හා ආනයන සඳහා වැට් බදු පහසුකම් ලබා ගැනීමට අදාල නිර්දේශ ලබා ගත හැකිවීම.
4. කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනය උදෙසා විදේශීය උපදේශන සහ තාක්ෂණික සහය ලබාගැනීම සඳහා අවශ්‍ය විදේශීය විශේෂඥයින්ට ප්‍රවේශ හා වාස වීසා (Entry/ Residence Visa) ලබාගැනීම
5. වාහන සහ විදුලි උපාංග කොටස් එකලස් කරමින් දේශීය අගය එකතුකරන භාණ්ඩ නිෂ්පාදන කරන කර්මාන්තශාලාවලට තීරුබදු සහන ලබා ගැනීමට සුදුසුකම් ලැබීම
6. නිෂ්පාදන කර්මාන්තයක් වශයෙන් ලියාපදිංචි කිරීමෙන් පසුව මාසික විදුලි බිල සඳහා ලබාදෙන සහනදායී ගාස්තු වෙනුවෙන් හිමිකම් ලබා ගත හැකිවීම.
7. ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබාගැනීමට නිර්දේශ ලබා ගත හැකිවීම.
8. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා අමාත්‍යාංශය මගින් සපයන ණය පහසුකම් ලබාගැනීමට සුදුසුකම් ලැබීම.
i. SMILE III – චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය – (මිලියන රු. 25 දක්වා 8% වාර්ෂික පොළියට)
ii. E-Friends II – චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය- (මිලියන රු. 30 දක්වා 6.5% වාර්ෂික පොළියට)
9. කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අවධානය යොමු කර ඒවාට අදාළ විසඳුම් සොයාගැනීමට අමාත්‍යාංශයෙන් සහය ලබා ගත හැකිවීම.
10. හදිසි ආපදා තත්වයකදී වුවද කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය නිර්දේශ ඒ ඒ රාජ්‍ය ආයතන වෙතින් ලබා ගැනීමට සුදුසුකම් ලැබීම

ii.  තාවකාලික ලියාපදිංචි සහතික අලුත් කිරීම

iii. ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම

iv. අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කර්මාන්ත ව්‍යවසායයන්ගේ වාර්ෂික නිෂ්පාදන වාර්තා එක් රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා තොරතුරු යාවත්කාලීන කිරීම
1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතෙහි 4 වැනි ඡේදයේ (2) වැනි උප වගන්තිය ප්‍රකාරව, මෙම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී සිටින සෑම කර්මාන්ත ආයතනයක්ම සිය කර්මාන්තය සම්බන්ධ තොරතුරු සෑම වර්ෂයකම මාර්තු මස 31වන දිනට පෙර කර්මාන්ත අමාත්‍යාංශය වෙත සැපයීමට බැඳී සිටී. එම වාර්තා සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යාංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත යොමුකළ යුතුය.