ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට සැලසුම්…..

ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වින. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ආසියානු පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය (APCICT) සමග එක්ව සංවිධානය කළ මෙම තෙදින පුහුණු වැඩසටහන මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී, තෝරාගත් පුහුණුකරුවන් පනස්දෙනෙක් වෙත මෙම විශේෂ පුහුණුව ලබාදෙන ලදී.     ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකත්වය සාර්ථක වීමට අවශ්‍ය දැනුම ලබාදීම හා ඔවුන්ගේ  කුසලතා සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.  දත්ත රැස්කිරීම, දත්ත විශ්ලේෂණය, විද්ද්‍යුත් වාණිජ්‍ය(E- Commerce), ඩිජිටල් අලෙවිකරණය, කෘතිම බුද්ධිය(AI)  යන ක්ෂේත්‍ර පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමු කරන ලදී.   මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාය අංශය සංවර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනයක් අත්‍යාවශ්‍ය වන බවත් මෙම අංශයේ පූර්ණ විභවය මුදා හැරීමට නම් ඵලදායි, නව්‍ය, තරගකාරී සහ තිරසාර ව්‍යවසායන් බිහිකිරීම කළ යුතු බව පැවසුවාය. ඒ සඳහා ව්‍යවසායකයින් ශක්තිමත් කළ හැකි දක්ෂ පුහුණුකරුවන්ගේ ශක්තිමත් සහ තිරසාර ජාලයක් ඇති කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බවද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.     ආසියානු පැසිෆික් පුහුණු මධ්‍යස්ථානයේ Nuankae Wongthawatchai (Programme Management Officer, UN APCICT),  Irene Boey (Founder, Irene AI Training & Consulting Consultant & Resource Expert for UN APCICT) , Koh Yoet Siang (AI, Digital Marketing & Ecommerce Trainer), Maria Juanita Macapagal (Social Development Consultant) ගේ සම්පත් දායකත්වය මෙම තෙදින වැඩමුළුව සඳහා ලබාදෙන ලදී.   මෙම වැඩමුළුව සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පොදු ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ M.S.M. සෆ්රාස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන් චාමර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Ceylon Craft Week 2026 ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක්

මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ජාතික හා ජාත්‍යන්තර තලයේ ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කළ “Ceylon Craft Week 2026” හස්ත කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පවත්වන හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලීය J.D.A. පෙරේරා කලාගාරයේදී පසුගියදා පැවැත්වින.   හස්ත කර්මාන්ත ආශ්‍රිත පර්යේෂණ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කළ මෙම හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය, හස්ත කර්මාන්ත ශිල්පීන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පර්යේෂණ මට්ටමින් වැඩිදියුණු කළ නිර්මාණ වලින් සමන්විත විය.   මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍යකලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සත්සර ඉලංගසිංහ, විශ්ව විද්‍යාල ආචාර්යවරු,   විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

Sri Lanka EXPO 2027

Sri Lanka Expo 2027   Step into the future of international commerce at Sri Lanka Expo 2027 the country’s premier global trade exhibition and a powerful meeting point for international buyers, investors, and industry leaders. With Sri Lanka strategically positioned at the crossroads of major global trade routes, this four-day mega event highlights the nation’s export excellence, innovation, and investment potential across agriculture, industry, and services. Expo at a Glance • 750+ Exhibitors • 2,000+ International Buyers • 50+ Participating Countries • 04 Days of Global Opportunities Why Attend Sri Lanka Expo 2027? Organized by the Sri Lanka Export Development Board (EDB) under the Ministry of Industry and Entrepreneurship Development, Sri Lanka Expo 2027 is designed to reposition the country as a preferred trade, investment, and tourism destination in Asia. Building on the success of previous expos, the 2027 edition showcases Sri Lanka’s resilience, competitiveness, and readiness to engage global markets while fostering innovation, collaboration, and sustainable economic growth. Discover Business Opportunities Experience the best of Sri Lanka’s export ecosystem in a dynamic, curated environment designed for meaningful connections and strategic sourcing. Connect with 750+ Elite Exhibitors Representing 24 specialized sectors across Industrial, Agricultural, and Service industries. Explore 5 Curated Thematic Pavilions Including: • Sustainability and Green Solutions • Culture, Heritage and Craftsmanship • Innovation & Technology • Future Export Leaders • Global Partnerships Engage in 5 Parallel Events • Industry-Specific Sessions • Investor Forum • Fashion Shows • Culinary Shows • Cultural Performances Structured B2B Matchmaking Professionally facilitated meetings linking global buyers with pre-verified, export-ready suppliers. Exclusive Buyer Benefits International buyers can access Premium Concessionary Buyer Packages, including: • Discounted airfare • Special hotel rates • Airport transfers & venue shuttles • Visa facilitation • Pre-arranged B2B meetings Event Schedule 14, 15 & 16 Janauary 2027 – Buyer-Only Days Reserved exclusively for international buyers to ensure: • Focused B2B interactions • Priority exhibitor access • Tailored matchmaking • Professional negotiation environment • Transaction support services 17 Janauary 2027 – Open to the Public The final day welcomes the general public, students, and local businesses to explore Sri Lanka’s export capabilities and learn about global trade opportunities. Find Out More Official Website: https://srilankaexpo.lk/ (Source: Sri Lanka Export Development Board (EDB) Official Website.)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශණය Pro food- Pro pack මෙවරත් ….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශණය Pro food- Pro pack මෙවරත් ….   ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන Pro food- Pro pack – Ag Biz and Knowledge Hub 2026 ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වින. ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශණය මෙවර පවත්වන්නේ 23 වෙනි වරට වන අතර චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්‍රදර්ශණ කුටි සහිත ප්‍රදර්ශණ කුටි 450 කින් මෙවර ප්‍රදර්ශණය සමන්විත විය. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C) සහ ව්‍යාපාරයෙන් ව්‍යාපාරය (B2B) සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද මෙම Pro food- Pro pack – Ag Biz and Knowledge Hub ප්‍රදර්ශණය ආහාර කර්මාන්තයට සම්භන්ධ ඇසුරුම්කරණ විශේෂඥයින්, අපනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, නිෂ්පාදකයින්, ආහාර සකස්කරන්නන්, බෙදාහරින්නන්, ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමින් ජාලකරණය, දැනුම බෙදාගැනීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා වටිනා අවස්ථා නිර්මාණය කරන ප්‍රධානතම වේදිකාවක් වෙයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ප්‍රදර්ශණය තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර සැකසුම්කරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කරන ලද  SME මණ්ඩපය තුලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) ඔවුන්ගේ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට සහ වෙළඳපල අවස්ථා උදාකරගැනීමට වටිනා අවස්ථාවක් ලබා දී තිබුනි.

GEM SRI LANKA 2027 බැංකොක් එළිදැක්වීම……

GEM SRI LANKA 2027 බැංකොක් එළිදැක්වීම……   ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ගෝලීය ආර්ථික පරිච්ඡේදයකට යොමු කිරීමේ අරමුණින්, Ceylon Gem & Jewelry Traders Association (CGJTA) මූලිකත්වයෙන් සංවිධානය වන GEM SRI LANKA 2027 ප්‍රදර්ශණයේ ප්‍රථම නිල ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගියදා පැවැත්විය. 250 කට අධික ජාත්‍යන්තර ආයෝජකයන්, ගැනුම්කරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් සහභාගි වූ මෙම අවස්ථාව, හ්‍රී ලංකාවේ දේශීය මැණික් කර්මාන්තයේ ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ තැබූ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.   ​මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, සකස් නොකළ මැණික් අමුද්‍රව්‍යක් ලෙස අපනයනය කිරීම වෙනුවට, උසස් අගය එකතු කළ (Value Addition) නිමැවුම් මඟින් ගෝලීය වෙළඳපොළේ ඉහළම වටිනාකම ලබාගතහැකිවන පරිදි විධිමත් පද්ධතියක් සකස්කිරීම රජයේ අරමුණ බව පැවසීය.   ​”The Source. The Production. The Selection.” තේමාව යටතේ බැංකොක් හිදී තැබූ මෙම සාර්ථක පියවරත් සමඟ, GEM SRI LANKA 2027 දැවැන්ත මැණික් ප්‍රදර්ශණය 2027 ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.  

පොසොන් සැමරුම ……

පොසොන් සැමරුම …… පොසොන් පෝය නිමිති කරගෙන අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය පසුගියදා අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම භක්ති ගීත ප්‍රසංගය සදහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළුව අමාත්‍යාංශ නිළධාරීන් සියළුදෙනා සහභාගි වූහ. මෙවර භක්ති ගීත ප්‍රසංගය හා සමගාමීව අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ සහයෝග ඇතිව අවට කාර්යාල වල සේවක සේවිකාවන් හා ප්‍රදේශවාසීන් වෙනුවෙන් කඩල දන්සැලක් ද පැවැත්වීම විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශණය (Event calendar) එළි දක්වයි.

ශ්‍රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශණය (Event calendar) එළි දක්වයි. ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින් ශ්‍රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශණය (Sri Lanka Event Calendar) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඔදී එළිදක්වන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් ඉසව් කළමණාකරණ කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන අතර එය පසුගිය වසරේදී (2025 ) රුපියල් බිලියන 60 ක වටිනාකමක් සහිත අති දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි. මෙම කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධන කරමින් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින්ට තම කර්මාන්තය හා වෙළඳපළ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියළුම ඉසව් ඇතුලත් කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ  ඉසව් කළමණාකරණ උපදේශණ කම්ටුව විසින් මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශණය” සකස්කර තිබෙයි. ගෝලීය සංචාරක කර්මාන්තය සමඟ බද්ධ වෙමින් සංස්කෘත්ක උත්සව, ක්‍රීඩා, ඉහළ මට්ටමේ රැස්වීම් හා සම්මන්ත්‍රණ, ප්‍රදර්ශණ ඇතුළු මෙරට පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය වැඩසටහන් පිළිබඳව නිල මඟපෙන්වන්නා ලෙස මෙම “ශ්‍රී ලංකා ඉසව් දින දර්ශණය” කටයුතු කරනු ඇත. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා,  අප රටේ භූගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාවට මෙම ක්ෂේත්‍රයේ ඉතා හොඳ අවස්ථාවන් රැසක් නිතැතින්ම ලැබී ඇති බවත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්  උපයන, අති විශාල වක්‍ර රැකියා අවස්ථාවන් රැසක් උදාකර ඇති මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් උපරිම දායකත්වය ලබා දෙන බව පැවසීය.  එසේම සංචාරක කර්මාන්තය දිරිමත් කරමින් ශ්‍රී ලංකාව ඉසව් කළමනාකරණ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවන්නන් හා අළුතින් ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස් වෙනුවෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රමවත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අන්තර්ජාතික ඉසව් කළමණාකරණ හා අළෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදුන්වාදීමද මෙහිදී සිදුවිය.

තරුණ ව්‍යවසායකයින් දහසක් ගෝලීය වෙළඳපළට යොමු කරවන 4I…..

තරුණ ව්‍යවසායකයින් දහසක් ගෝලීය වෙළඳපළට යොමු කරවන 4I….. තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ (4I Project) දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ( Liaison Officers) සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි 24, 25 හා 26 යන තෙදින පුරා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු තෝරාගත් නිලධාරීන් හතළිස් දෙනෙක් සඳහා මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී.   කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම 4I ව්‍යාපෘතිය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් දහසකගේ ගෝලීය වෙළඳපලට සාර්ථකව ප්‍රවේශ වීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වැඩි දියුණු කරමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ඇත. තවද  මෙම 4I ව්‍යාපෘතිය මඟින් තෝරාගන්නා ලද ව්‍යවසායකින්ගේ අපනයන වෙළඳපලට ප්‍රවේශ වීමට ඇති බාධා හා අභියෝග හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ  නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීමද සිදු කරනු ලබයි.   2023 වසරේදී පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර එමඟින් තෝරා ගත් තරුණ ව්‍යවසායකයින් සියයක් සවිබල ගන්වන ලදී. එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත තවත් තරුණ ව්‍යවසායකයින් දහසක් දෙනා මෙම ව්‍යාපෘතිය හරහා සවිබල ගැන්වීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙයි.   තෝරාගත් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය හා සම්බන්ධිකරණය යටතේ මෙම 4I ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර තරුණ ව්‍යවසායකයින් සඳහා ශක්තිමත් නායකත්වයක් ගොඩනැංවීම වෙනුවෙන් උපායමාර්ගික සැලසුම්කරණය පිළීබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ට මෙම වැඩසටහනේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී. එසේම නියමු ව්‍යාපෘතිය මගින් සවිබල ගන්වන ලද ව්‍යවසායකයින්ගේ කර්මාන්ත ශාලාවල ක්ෂේත්‍ර නිරීක්ෂණ අත්දැකීම්ද මෙම සම්බන්ධිකරණ නිලධාරීන්ට මෙම පුහුණු වැඩසටහනේදී ලබාගත හැකි විය.   

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි.

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී. 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන්  සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් මෙම සැලැස්ම සකස් වී ඇති අතර මෙම සංවර්ධන සැලැස්ම තුළ අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගෙන තිබෙයි. රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර ඇත. ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළඳපල සඳහා සේවය සපයන තරඟකාරී, සැපයුම් දාම (Logistics) සහ දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ  ප්‍රධාන දැක්මයි. මේ හරහා නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් අපේක්ෂා කරන අතර මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට…..

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට….. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA)  ඉදිකරන ලද  නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය  සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කරන ලදී.   පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හා පුහුණුව වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පරිගණක 150 කින් සමන්විත CAD රසායානාගාරයක්, අංගසම්පූර්ණ නිර්මාණ මැදිරියක් (Art and Fashion Studio), නවීන ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක් ඇතුළු පසුකම් රැසකින් සමන්විත වෙයි. මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පේෂකර්ම සහ ඇඟළුම් ක්ෂේත්‍රයට යොමුවන දරුවන්ට සහ වෘත්තිකයන්ට නවීන අධ්‍යන පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන්ට ජාත්‍යන්තරය වෙත පිවිසීමට මඟ විවර කරන අතර සිසුන්ගේ නවෝත්පාදන අධ්‍යනය, නිර්මාණාත්මක හැකියාවන් හා වෘත්තීය නිපුණතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරනු ඇත.2024 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 520 ක් වැය කර තිබෙයි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ගෙනඑන ප්‍රමුඛතම මාර්ගයක් වන බැවින් මෙම ක්ෂේත්‍රය තුළ සැපයුම්දාම ශක්තිමත් කරමින් කුසලතා සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව පැවසීය. එසේම මෙම ක්ෂේත්‍රය සඳහා නිර්මාණශීලි නවෝත්පාදකයින්ගේ අවශ්‍යතාවයක් ඇති බවත් ජාත්‍යන්තර මට්ටමේ ඇඟළුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අමාත්‍යාංශ්‍ය ප්‍රමුඛ රජයේ අරමුණ බව පැවසීය.