පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය

පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය

කේ.ජී. ආර් විමලසූරිය
අතිරේක ලේකම්

දු.ක: 011-2478676 
දිගුව:
336
ජංගම : 071-4352016
ෆැක්ස් :
0112423962
විද්‍යුත් තැපෑල:
adsecres@industry.gov.lk

අතිරේක ලේකම් (පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යුහගතකරණ) අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවතින මෙම අංශය පොදු ව්‍යාපාර අංශය හා ප්‍රතිව්‍යුහගතකරණ අංශය යන අනු අංශ දෙකකින් සමන්විත වේ.


ප්‍රධාන කාර්යයන්

අංක 2289/43 සහ 2022.07.22 දිනැති ගැසට් නිවේදනය මගින් කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත් කර ඇති පහත ඇති රාජ්‍ය ව්‍යාපාර අතුරින් පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාර දහය (10) මෙම අංශය යටතේ ක්‍රියාත්මක වේ. රාජ්‍ය ව්‍යාපාර වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අදාල මඟ පෙන්වීම්,   දැනුවත් කිරීම්, උපදේශන කටයුතු, ගැටළු විසඳා ගැනීමේදී අවශ්‍ය සහය ලබාදීම ද රාජ්‍ය ව්‍යාපාර වලට අදාල සංවර්ධන කටයුතු වලදී, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය   ලබා ගැනීම, ව්‍යාපෘති යෝජනා කැඳවීම, ව්‍යාපෘති යෝජනා ඇගයීම (Evaluation), ගිවිසුම් සකස් කිරීම, ව්‍යාපෘති අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, අයවැය වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල මූල්‍ය ප්‍රගතිය අධීක්ෂණය යන කටයුතු  ද මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

ප්‍රතිව්‍යුහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

සී/ස ජාතික කඩදාසි සමාගම
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්
සී/ස ලංකා සිමෙන්ති සමාගම
ලංකා අශෝක් ලේලන්ඩ් පිඑල්සී
ලංකා ලේලන්ඩ් ලිමිටඩ්

පොදු ව්‍යාපාර අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
කාර්මික තාක්ෂණ ආයතනය

පොදු ව්‍යාපාර අංශය

කේ.එම්. රිස්වි මයා
සේවාව: ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර: අධ්‍යක්ෂ (පොදු ව්‍යාපාර)
දු.ක : +94 112 329 722
දිගුව: 375
ෆැක්ස් : +94 112 436 662
විද්‍යුත් තැපෑල : dir_pe@industry.gov.lk/ pmu116mic@gmail.com



තනතුර: නියෝජ්‍ය අධ්‍යක්ෂ (පොදු ව්‍යාපාර)
දු.ක: +94 112 436125
දිගුව: 546
ෆැක්ස් : +94 112 436 662
විද්‍යුත් තැපෑල : ad_pe@industry.gov.lk / pmu116mic@gmail.com

විස්තරය

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවලින්, පහත සඳහන් ආයතන වල සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය/නියාමනය කිරීම තුලින් ඒවා ශක්තිමත් ආයතන බවට පත්කිරීම අරමුණු කරගනිමින් පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය යටතේ පොදු ව්‍යාපාර අංශය පිහිටුවා ඇත.

1. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
2. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
3. ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
4. කාර්මික තාක්ෂණ ආයතනය

ප්‍රධාන කාර්යයන්

අංශයේ අධීක්ෂණය යටතේ පවතින ඉහත ආයතන වල

• වගවිය යුතු භාවය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා පද්ධතීන් දියුණු කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීම.
• අයවැය ක්‍රියාවලියක් ඇති කිරීම.
• ක්‍රියාකාරී සැලැස්මෙහි මූල්‍යමය සහ භෞතිකමය ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට ලේකම්තුමාට සහායවීම.
• කාර්තුමය ගිණුම් පිළියෙල කිරීම අධීක්ෂණය කිරීම.
• සේවක ගැටළු විසදීමට මැදිහත්වීම.
• මානව සම්පත් කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම (නව පත්කිරීම්, සේවා දීර්ඝ  කිරීම්, කාර්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම්, බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීම් ආදිය).
• ඵලදායිතාව වර්ධනය කිරීමට සහයවීම සහ වියදම් අවම කිරීම

අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින සියලු ආයතන වල

• අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළ කටයුතු හා පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලවල රාජකාරී කටයුතු අධීක්ෂණය කිරිම.
• වාර්ෂික ගිණුම් සහ ගිණුම් වාර්තා නියමිත වේලාවට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීම

ප්‍රතිව්‍යූහගතකරණ අංශය

කේ ඩබ් ඇලපාත මහතා – අධ්‍යක්ෂ ( ප්‍රතිව්‍යුහගතකරණ)
දු.ක: 0112-432243  දිගුව : 308
ජංගම: 
ෆැක්ස් : 0112-322785
විද්‍යුත් තැපැල් ලිපිනය : kwelapatha@yahoo.com

අයි.එස්.විජේවර්ධන මිය – නියෝජ්‍ය අධ්‍යක්ෂ
දු.ක: 011-2391365   දිගුව: 308
ජංගම: 0712508937
ෆැක්ස්: 011-2322785
විද්‍යුත් තැපැල් ලිපිනය: ad_res@industry.gov.lk

විස්තරය:
ප්‍රතිව්‍යූහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන පහත සඳහන් ආයතන සඳහා ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මගින් ඌන උපයෝජිත අලාභ ලබන හා දැනට ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින රාජ්‍ය ව්‍යාපාර තිරසාර පැවැත්මක් සහිත ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම උදෙසා එම ආයතනවලට අදාළ පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලබයි.

ප්‍රතිව්‍යුහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

1.සී/ස ජාතික කඩදාසි සමාගම
වෙබ් ලිපිනය : www.npc.lk

2.කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්
වෙබ් ලිපිනය: www.kgraphite.lk

3.සී/ස ලංකා සිමෙන්ති සමාගම

4.ලංකා අශෝක් ලේලන්ඩ් පිඑල්සී
වෙබ් ලිපිනය : www.lal.lk/ WWW.ASHOKLEYLAND.COM

5.ලංකා ලේලන්ඩ් ලිමිටඩ්

ප්‍රධාන කාර්යයන්

01. රාජ්‍ය ව්‍යාපාර වලට අදාළ පරිපාලන කටයුතු

i.රාජ්‍ය ව්‍යාපාර වෙත කාර්ය මණ්ඩලය අනුමත කිරිම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.

ii.අනුමත කාර්යය මණ්ඩලය සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටි සකස් කර අනුමත කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.

iii.නුමත තනතුරු වලට අදාල බඳවා ගැනීමේ පටිපාටිවල සංශෝධන සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිම.

iv.ඈවර කිරිමට අනුමැතිය ලබාදී ඇති රාජ්‍ය ව්‍යාපාර ඈවර කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.

v.අනුමත තනතුරු වල ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා නිලධාරීන් / සේවකයින් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදීම.

vi.භාපතිවරුන් වෙත අතිරේක ඉන්ධන ගෙවීම් කිරීම සඳහා අනුමැතිය ලබාදීම.

vii.රාජ්‍ය ව්‍යාපාරයට අයත් වාහන වල රු. 100,000/- ට වැඩි අළුත්වැඩියා කිරීම් සදහා අනුමැතිය ලබාදීම
.
viii.කාර්ය මණ්ඩලය සදහා ගෙවීමට යෝජනා කරන නව දීමනා ගෙවීම සදහා අනුමැතිය ලබා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම.

ix.කාර්ය මණ්ඩල සති අන්ත හා වෙළඳ නිවාඩු දිනවල සේවයේ යෙදවීම සඳහා අනුමැතිය ලබාදීම.

x.නව තනතුරු ඇති කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.

xi.සේවයේ යෙදී සිටින විදේශීය ජාතිකයින් වෙත නිකුත් කර ඇති නේවාසික වීසා ( Residence Visa) ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම

xii.ස්වෙච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රම ක්‍රියාත්ම කරන ලද රාජ්‍ය ව්‍යාපාර වෙත නැවත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සිදු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.

02. රාජ්‍ය ව්‍යාපාර වලට අදාළ සංවර්ධන කටයුතු සිදු කිරීම

i.රාජ්‍ය ව්‍යාපාර වල සංවර්ධන කටයුතු වලට අදාළව සියලුම දත්ත රැස් කිරීම.

ii.ක්‍රියත්මක කිරීමට තීරණය කරන ප්‍රතිව්‍යහගතකරණ වැඩසටහන් / සංවර්ධන වැඩසටහන් වලට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම.

iii.ප්‍රතිව්‍යූහගතකරණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදුකර වාර්තා සකස් කිරීම හා එම ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශ හා අමාත්‍ය මණ්ඩල සටහන් සකස් කර ඉදිරිපත් කිරීම.

iv.අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අභිලාෂය පළ කිරීමේ ලියවිලි (Expression of Interests), යෝජනා කැඳවීම් ලියවිලි (Request for Proposals) සකස් කර ඊට අදාළ දැන්වීම් පළ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

v.ආයෝජකයින් වෙතින් ව්‍යාපෘති යෝජනා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම හා සංවිධානය කිරීම.

vi.ඉදිරිපත් වන ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් ඇගයීම් කටයුතු (Evaluations) සිදු කිරීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සංවිධානය කර සම්බන්ධීකරණය කිරීම.

vii.ව්‍යාපෘති කමිටු රැස්වීම් (Project Committee Meeting) සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා කමිටු රැස්වීම් (Cabinet Appointed Negotiation Committee Meeting ) සංවිධානය හා සම්බන්ධීකරණයට අදාළ සියළු කටයුතු සිදුකිරීම.

viii.ව්‍යාපෘති කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම, ප්‍රගති සමාලෝචන රැස්වීම් කැඳවීම හා ප්‍රගති වාර්තා සකස් කිරීම.

රාජ්‍ය ව්‍යාපාර මගින් සිදුකරන නිෂ්පාදන අලෙවිකිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි දුරකථන අංක

රාජ්‍ය ව්‍යාපාරයේ නම

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්
දුරකතන අංකය : 011-288395,011-2883952

සී/ස ජාතික කඩදාසි සමාගම
දුරකතන අංකය : 011- 2554191, 011- 2584611

ලංකා අශෝක් ලේලන්ඩ් පිඑල්සී
දුරකතන අංකය: 011- 2502532, 011- 2590404, 011- 2592163