බතික් කර්මාන්තයට ආර්ථිකව හා ගුණාත්මකව නව මුහුණුවරක් ලබාදීම සඳහා ස්වභාවික වර්ණක වාණිජකරණයට

බතික් කර්මාන්තයට ආර්ථිකව හා ගුණාත්මකව නව මුහුණුවරක් ලබාදීම සඳහා ස්වභාවික වර්ණක වාණිජකරණයට දේශීය වෙළෙඳපොළ තුළ ගුණාත්මක බව තහවුරු කරන ලද ස්වභාවික වර්ණක වාණිජකරණය කිරීම සදහා සකසන ලද පර්යේෂණ එකගතා ගිවිසුම අත්සන් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජූලි 10 දින සිදුකෙරින. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබාදෙන මෙම ව්‍යාපෘතිය ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන අතර මෙහි පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මගින් සිදු කරයි. මෙම ව්‍යාපෘතියේදී ස්වභාවික වර්ණක නිෂ්පාදනය කිරීම සදහා දැනට සිදුකෙරෙමින් පවතින නිෂ්පාදන වල අතුරුඵල ලෙස ඉවතලන ශාකසාර අවශේෂ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන අතර පර්යේෂණ මගින් හදුනාගන්නා ස්වභාවික වර්ණක නිෂ්පාදනයන් වානිජකරණය කර වෙළෙදපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම ව්‍යාපෘතිය මගින් නිපදවන ගුණාත්මක බවෙන් ඉහළ ස්වභාවික වර්ණක මගින් මෙරට බතික් කර්මාන්තයට ආර්ථිකමය වශයෙන් නව මුහුණුවරක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමඟ මෙම ගිවිසුමට එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, 2030 වර්ෂයවන විට ඇමරිකානු ඩොලර් බිලියන 33 ක් පමණ වනු ඇතැයි පුරෝකතනය කරන ගෝලීය ඇඟළුම් වෙළදපොල වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඇඟළුම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවත් එහි තවත් එක් පියවරක් ලෙස පරිසර හිතකාමී, තත්වයෙන් උසස් ස්වාභාවික වර්ණක නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සහය ලබාදී ඇති බවත්ය. මෙම අවස්ථාව සදහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වජිර පෙරේරා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග සහ එම ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් එක්වූහ.

කර්මාන්තපුර ආශ්‍රිතව කොරියානු වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය

කර්මාන්තපුර ආශ්‍රිතව කොරියානු වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා සොයා බලමින්  ලංකාවට පැමිණි ඉහළ පෙලේ කොරියානු ආයෝජකයින් පිරිසක් ජූලි 04 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවූහ. සූර්ය බලශක්ති උත්පාදනය, පරිගණක, රූපලාවන්‍ය නිෂ්පාදන, ඖෂධ,  වෘත්තීය අධ්‍යාපනය, ඇසුරුම්කරණය වැනි ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජකයින් පිරිස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත පුරවල ඇති ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලදී. එසේම කොරියාවේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා සඳහා සරිලන ශ්‍රමිකයින් පුහුණු කිරීම සඳහා කර්මාන්තපුර ආශ්‍රිතව කොරියානු වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳවද මෙම ආයෝජකයින් පිරිස කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදී.  කොරියානු ආයෝජක පිරිස අමතමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසුවේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් වෙත පරිවර්ථනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නව ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා රැසක් උදාවී ඇති බවත්, ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා කොරියානු ආයෝජකයින්ට ආරාධනා කරන අතරම ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ තම අමාත්‍යාංශය විසින් උපරිමයෙන් ලබා දෙන බවය.  ඉහළ පෙලේ  කොරියානු ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන් මෙහි පැමිණෙනු ඇති බවත් මෙහිදී කොරියානු දූත පිරිස පැවසීය. මෙහිදී දෙපාර්ශවය විසින් ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව තොරතුරු හුවමාරු කර ගත් අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන මහේෂ් අබේසේකර, රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් වන නලිනි බාලසුබ්‍රමනියම්, කේ. එම් රිස්වි, තිවංකා ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ    

කර්මාන්තවල ආපදා අවදානම අවම කරමින් ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීමට කර්මාන්තකරුවන් දැනුවත් කෙරේ.

කර්මාන්තවල ආපදා අවදානම අවම කරමින් ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීමට කර්මාන්තකරුවන් දැනුවත් කෙරේ. කර්මාන්තවල ආපදා අවදානම අවම කරමින් ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීම පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බොරැල්ල කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේදී ජූලි 04 දින  පැවත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ සංවර්ධන අංශ 3 විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සකස් කළ ආහාර, සෙරමික්, ප්ලාස්ටික්, පොලිතීන්, රූපලාවන්‍ය, තේ, ඖෂධ, වාහන උපාංග, ඇලුමීනීයම්, ආයුර්වේද නිෂ්පාදන, රබර්, වීදුරු, කුළුබඩු වැනි විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන් 70 කට අධික පිරිසක් සහභාගි වූහ.   ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අනෝජා සෙනෙවිරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන තුළින් කර්මාන්තවල ආපදා අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය දැනුම වැඩිදියුණු කර එමගින් ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම අරමුණ වේ. මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදහස් දක්වමින් ආපදා අවස්ථාවකදී කර්මාන්තය හැසිරවීම මත එම කර්මාන්තයේ අනාගතය තීරණය වන බව පැවසීය. එසේම ව්‍යවසායකින් යනු ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණදීමේ ශක්තියක් ඇති පිරිසක් වන බවත් පසුගිය කාලයේ ලංකාවේ ඇති වූ විවිධ තත්වයන් හමුවේ මේ වන විට ඉතිරි වී ඇත්තේ සැබෑම ව්‍යවසායකයින් පමණක් බව පැවසීය. එසේම ලංකාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම වෙනුවෙන් රජය විසින් ලබාදෙන අඩු පොලී අනුපාත යටතේ ඇති ණය පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.  මෙම දැනුවත්කිරීමේ වැඩසටහනේ දී ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීමේ අරමුණ සහ ව්‍යාපාර අඛණ්ඩතාව, ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව තුළ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම, ව්‍යාපාර සඳහා අඛණ්ඩ සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ගීතානි දිසානායක,  සහකාර අධ්‍යක්ෂ සචිනි මාලිකා, සැකසු ආහාර උපදේශන කමිටුවේ සභාපති මලිනක් ද අල්විස් , අමාත්‍යාංශ නිලධාරීන් , කර්මාන්තකරුවන් සහභාගි වූහ

කර්මාන්ත අමාත්‍යාංශය සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටු වීමට තවත් බැංකු 2 ක් සමඟ අත්වැල් බැද ගනී.

කර්මාන්ත අමාත්‍යාංශය සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටු වීමට තවත් බැංකු 2 ක් සමඟ අත්වැල් බැද ගනී. සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය විසින් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දෙනු ලබන E- FRIEND හා  SMILE යන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සදහා තවත් වාණිජ බැංකු 2ක් සමඟ ගිවිසුම්ගතවීම කර්මාන්ත  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජූලි 04 දින සිදුකෙරින. ඒ අනුව SMILE හෙවත් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත සංවර්ධනය උදෙසා ලබා දෙන ණය යෝජනා ක්‍රමය සදහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සමඟත් කර්මාන්ත වල පාරිසරික ගැටළු විසඳාගැනීම සදහා  E- FRIEND ණය යෝජනා ක්‍රමය සදහා සණස සංවර්ධන බැංකුව සමඟත් එම ණය ලබාදීම සඳහා ඇති කොන්දේසි සදහා එකගතාවය පළ කරමින් ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මේ වනවිට SMILE ණය යෝජනා ක්‍රමය සමග වාණිජ බැංකු 10 ක් ගිවිසුම් ගතව කටයුතු කරනු ලබන අතර E- FRIEND ණය යෝජනා ක්‍රමය වාණිජ බැංකු 11 ක් සමඟ එක්ව ක්‍රියාත්මක කරයි. ජපන් ජ්‍යාත්‍යන්තර සහයෝගිතා බැංකුව විසින් 2005 වසරේදී ලබාදුන් මූලික ප්‍රාග්ධනය මත ආරම්භ කළ මෙම ණය යෝජනා ක්‍රම මඟින් මේ වන විට SMILE ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 8351 දෙනෙක් සදහා රුපියල් බිලියන 17.6 ක් හා E- FRIEND ණය යෝජනා ක්‍රමය මඟින් කර්මාන්තකරුවන් 928 දෙනෙකුගේ කර්මාන්ත වල පරිසරික ගැටළු විසඳාගැනීම සදහා  රුපියල් මිලියන 6365 ක් ලබාදී ඇත.    රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී තුෂාර අසුරමාන්න, සණස සංවර්ධන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී (වැඩ බලන) ශාන්ත අබේවර්ධන මහතුන් විසින් මෙම ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී එස්. එච් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍යංශයේ නියෝජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ කේ. එම් රිස්වි, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා  සණස සංවර්ධන බැංකු නිලධාරීන් සහභාගී වූහ.

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මැණික් සහ ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ඨ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගියදා ජුනි 29 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් , කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ලෙල්ලුපිටිය සිල්වර් රේ හිදී ආරම්භ කෙරිණි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය , අනෙකුත් රාජ්‍ය ආයතන හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන හා සංගම්වල සහයෝගීතාවයෙන් යුතුව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයට දේශීය සහ ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි අසූවකට අධික ප්‍රමාණයක් එක්ව තිබිණි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය සදහා චිනය, ඉන්දියාව, තායිලන්තය,වියට්නාමය,සිංගප්පූරුව ,මැලේසියාව ඇතුළු රටවල රැසක ගැනුම්කරුවන් ඇතුළු විදේශ දූත පිරිස් එක්ව සිටියහ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරුණ ලියනගේ, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, යදාමිණි ගුණවර්ධන,මර්ජාන් ෆලිඩ් යන මහත්වරුන්, සබරගමුව පළාත්  ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

“BYD EV Motor Show 2024 Colombo” විදුලි වාහන ප්‍රදර්ශනය විවෘත කරන ලදී.

“BYD EV Motor Show 2024 Colombo” විදුලි වාහන ප්‍රදර්ශනය විවෘත කරන ලදී. ” ලංකාවේ නිෂ්පාදිත වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙනවා ” -කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ- ලංකාවේ නිෂ්පාදනය කරන විවිධ වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන භාවිතය  ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනය ජුනි 28 දින විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවට විදුලි වාහන ආනයනය කරන සමාගම් 80 ක සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි 150 කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී විවිධ මාදිලිවල නවීනතම විදුලි මෝටර් රථ, විදුලි ත්‍රීරෝද රථ, විදුලි බයිසිකල් ආදී වාහන හා වාහන උපාංග රැසක් ප්‍රදර්ශනය කෙරේ. අද , හෙට සහ අනිද්දා යන තෙදිනක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, ලෝකයේ බොහෝ රටවල් වල විදුලි වාහන පරිභෝජනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් එම රටවල් සමඟ සසඳන විට ලංකාවේ විදුලි වාහන පරිභෝජනය ඉතාමත් අඩු මට්ටමක පවතින අතර එම ප්‍රමාණය 5000 ක පමණ ඉතා අඩු වාහන ප්‍රමාණයක් වන බවයි. ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 6ක් වැනි විශාල මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය කරන අතර එම ප්‍රමාණයෙන් 25% ක්ම පුද්ගල ගමනාගමන කටයුතු සඳහා වැය වන ඉන්ධන සඳහා වන බවත් ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ පරිසර හිතකාමී, අඩු පිරිවැයකින් යුත් ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කර අතර විදුලි වාහන ප්‍රතිපත්තියක්ද ඇතුළත් මෙම ගොඩබිම් වාහන ප්‍රතිපත්තිය ඉතාමත් ඉක්මනින් එළි දැක්වීමට කටයුතු කරන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු කර්මාන්ත අමාත්‍යාංශය හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) අනුව යමින් දේශීයව එකලස් කළ වාහන කර්මාන්තය දියුණු වී තිබෙන බවත් මේ වනවිට කර්මාන්තකරුවන් 16 දෙනෙක් සක්‍රීයව වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ කර්මාන්තයේ නිරත වන බව පැවසීය. එසේම ලංකාවේ නිෂ්පාදනය කරන විවිධ වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙන අතර විශාල දැනුම් සම්ප්‍රේෂණයක්ද මෙම කර්මාන්තය හරහා සිදුවූ බව වැඩිදුරටත් පැවසීය. මෙම ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය නිලධාරීන්, අනුග්‍රාහක ආයතන, විදුලි වාහන ආනයනකරුවන්, වාහන එකළස්කරන්නන්, ගැනුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 26 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපත්‍තී අංශය විසින් සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේ දී කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීමට අදාල එක් එක් කාර්‍යයන් සහ වගකීම් පිළිබදවත් ඒවායෙහි ප්‍රතිපත්තී සහ දත්ත ලබා ගැනීමේ ගැටළු පිළිබදවත් සාකච්ඡා කෙරිණි. මේ අවස්ථාව සදහා පරිසර අමාත්‍යාංශය, බලශක්ති අධිකාරිය, රබර් පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත සේවා කාර්‍යාලය, UNIDO ව්‍යාපෘති නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරිය, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතනයන්හි නිළධාරින් රැසක් එක්විය.

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්විණි. පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 26 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපත්‍තී අංශය විසින් සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේ දී කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීමට අදාල එක් එක් කාර්‍යයන් සහ වගකීම් පිළිබදවත් ඒවායෙහි ප්‍රතිපත්තී සහ දත්ත ලබා ගැනීමේ ගැටළු පිළිබදවත් සාකච්ඡා කෙරිණි. මේ අවස්ථාව සදහා පරිසර අමාත්‍යාංශය, බලශක්ති අධිකාරිය, රබර් පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත සේවා කාර්‍යාලය, UNIDO ව්‍යාපෘති නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරිය, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතනයන්හි නිළධාරින් රැසක් එක්විය. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්විණි.

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්විණි. පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 26 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපත්‍තී අංශය විසින් සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේ දී කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීමට අදාල එක් එක් කාර්‍යයන් සහ වගකීම් පිළිබදවත් ඒවායෙහි ප්‍රතිපත්තී සහ දත්ත ලබා ගැනීමේ ගැටළු පිළිබදවත් සාකච්ඡා කෙරිණි. මේ අවස්ථාව සදහා පරිසර අමාත්‍යාංශය, බලශක්ති අධිකාරිය, රබර් පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත සේවා කාර්‍යාලය, UNIDO ව්‍යාපෘති නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරිය, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතනයන්හි නිළධාරින් රැසක් එක්විය. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

කර්මාන්ත අමාත්‍යංශයේ “පොසොන් බැති ගී සරණිය” – 2024

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත අමාත්‍යංශයේ “පොසොන් බැති ගී සරණිය” – 2024 කර්මාන්ත අමාත්‍යංශයේ සුභසාධක සංගමය හා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කළ “පොසොන් බැති ගී සරණිය ” කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කර්මාන්ත අමාත්‍ය පරිශ්‍රයේදී ජුනි 25 දින සන්ධ්‍යාවේදී පවත්වන ලදී. එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, ” සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව පසුගිය පොසොන් දින දිවයින පුරා දන්සැල් 18 000 ක් පැවැත්වූවා. මෙයින් පැහැදිලි වන්නේ තමන්ට හැකි පමණින් අප රටේ මිනිසුන් ආමිස පූජාවන්ට යොමුවී ඇති ආකාරයයි. වර්තමානය වන විට ලංකාවේ මෙන්ම ලෝකය පුරාම පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ නිසා ඉදිරියේදී මිනිසුන් තුළ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවීමක් බලාපොරොත්තු විය හැකියි. ”  අනාගත ලෝකයේ පිරිසිදු ථේරවාදී බුදුදහම පවතින එකම රට ශ්‍රී ලංකාව පමණක් වන බවද,  රමේෂ් පතිරණ මහතා පැවසීය. එසේම මෙම බැති ගි සරණිය සංවිධානය කළ කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට තම ස්තූතිය පළකරන බවද අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම බැති ගී සරණිය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළුව සියඵම ශ්‍රේණිවල නිලධාරීන් සහභාගී වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

තායිලන්ත වානිජ දූත පිරිස හා කර්මාන්ත අමාත්‍යවරයා අතර හමුවක්

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} තායිලන්ත වානිජ දූත පිරිස හා කර්මාන්ත අමාත්‍යවරයා අතර හමුවක් තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා සහ තායිලන්ත වානිජ දූත පිරිස අතර විශේෂ හමුවක් ජුනි 24 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවත්විණි. මෙහිදී දෙරට අතර පවතින නිෂ්පාදනයන් හා ඒ ආශ්‍රිත වානිජ විභවයන් පිළිබදව පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර එහිදි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේශ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මැණික් ව්‍යාපාරය මුල්කොට ගෙන අප රට තුල දැනට පවතින තත්වයන්ට වඩා මැණික් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන වෙළඳ පොලක් අප නිර්මාණය කළයුතු බවත්, එලෙස මැණික් ආශ්‍රිත අපනයන වෙළෙඳපොළ පුළුල් කරගැනීමට තායිලන්තය වැනි රට වල සහයෝගිතාවය ලබා ගතයුතු බවත්ය. එමෙන්ම තායිලවැනි රටවල් ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළ වෙත ප්‍රවර්ධනීය ප්‍රවිශ්ඨයන් පිළිබඳව අධ්‍යනය කරමින් ඔවුන් හා ගනුදෙනු කළයුතු බවට වැඩිදුරටත් සදහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ තායිලන්ත වානිජ දූත පිරිස සඳහන් කළේ, බොද්ධාගමික වශයෙන් ඉතිහාසයේ පටන්ම ශ්‍රි ලංකාව හා තායිලන්තය එකට කටයුතු කළ බවත් ඉදිරියේදී දැනට පවතින වානිජ ක්‍රියාදාමයන්ගෙන් ඔබ්බට වානිජ කටයුතු රැගෙන යාමට අවශ්‍ය කටයුතු සහයෝගීතාවයෙන් යුතුව සිදුකරන බවයි. මෙම සාකච්ඡාමය අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ මාණ්ඩලික නිළධාරින් එක්වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}