Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ...

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් පුරා යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අති සාර්ථකවක්‍රියාත්මක වූ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සව සභාව අමතමින් ලංකා කාර්මික මණ්ඩලයේ සභාපතිතුමන් සදහන් කළේ කර්මාන්ත අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය යාපනය තුළ පවත්වන බවත්, ලබන වසරේ කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට පෙර අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් කර්මාන්ත නවෝදයක් උතුරු පළාත තුළ ඇතිවෙනු ඇති බව තමන්ගේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් උපරිමව කැපවී කටයුතු කරන බවත්ය.

මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනීම,යාපනය තුළ IDB විසින් දින 10 ක් පුරා ක්‍රියාත්මක කරන ලද Bag Quality Imprument Programme වැඩසටහනට එක්වූ සැමට තිළිණ හා සහතික පත් ප්‍රදානය සහ ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයින් වෙත සහතිකපත් පිරිනැමීම සිදුකෙරිණි.

එමෙන්ම තවත් සුවිශේෂී කාර්යක් ලෙස Ceylon Industry Hub ( Unlocking Business Horizon ) හදුන්වාදීමත් මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය , රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින් , සාමාජිකයන් , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.