" සනැසි - 2024 " කලා මංග්‍යය පැවැත්වේ..

කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ “සනැසි – 2024” සංගීත, නැටුම් ප්‍රසංගය පසුගිය අප්‍රේල් 02 වෙනිදා කර්මාන්ත අමාත්‍යාංශ හිටපු ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සව්සිරිපාය රගහලේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ කුසලතා එළිදැක්වීම අරමුණෙන් පැවැත්වූ මෙම ප්‍රසංගය සදහා කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරින් සහ ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන් ද නිර්මාණාත්මක අංගයන් ගෙන් දායකත්වය දැක්විය. මෙහිදී සිංහල, හින්දි ගීත මෙන්ම සාම්ප්‍රධායික නර්තනාංගයන් සහ දමිල නර්තනාංගයන් ද නිලධාරින් විසින් ඉදිරිපත් කරන ලදි. එයට අමතරව අමාත්‍යාංශ නිලධාරීන් විසින් නිර්මාණය කර ගන්නා ලද වේදිකා නාට්‍ය ද මෙහිදී ඉදිරිපත් කෙරුණි.

මේ අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් , මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරීන් එක්ව සිටියහ.