ශ්‍රී ලංකාවේ ඵලතායිතාව ඉහළ නැංවීම උදෙසා වැඩසටහන් මාලාවක් ..

ශ්‍රී ලංකාව සඳහා ජාතික ඵලදායිතා සැලැස්ම සංවර්ධනය කිරීම සදහා , ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයෙහි මූලිකත්වයෙන් ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය සිදු කරනු ලබන වැඩසටහන යටතේ කර්මාන්ත අමාත්‍යංශය සමග පැවැත් වූ සාකච්ඡාව පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය සදහා ඇති අභියෝග, අනාගතයේ සිදු කිරීමට බලාපොරොත්තු වන උපක්‍රම වල සක්‍රයතාවය, ලංකාව තුළ සිදුවන නව නිෂ්පාදන පිළිබද, නිෂ්පාදන ක්ෂෙත්‍රයේ ඇති ඵලදායීතාවය සහ ශක්තීන්, දුර්වලතා, අවස්ථා,තර්ජන හදුනා ගැනීම සහ සුදානම් වීම ආදී කරුණු පිළිබද සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාව සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් කේ.ඩී. ආර්.ඔල්ගා, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂ නිරංජ එස් ජයකොඩි, සංවර්ධන පර්යේෂණ අංශයෙහි ජේෂ්ඨ පරීක්ෂක ජීනේ ලී, කොරියානු සංවර්ධන ආයතනයෙහි ව්‍යාපෘති කළමනාකරු Seunghyup LEE, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම්වරුන්, කර්මාන්ත අමාත්‍යාංශයට අදාල ආයතනයන්හි සභාපතිවරුන් මෙන්ම ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනයෙහි නිළධාරින් එක්ව සිටියහ.