රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුව

කර්මාන්ත අමාත්‍යාංශයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ මගින් සංවිධානය කරන ලද රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 15 දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක අනුර ලොකුගමගේ මහතා සම්පත් දායකත්වය සපයන ලද අතර  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ඒ යටතේ පවතින ආයතන වල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ප්‍රසම්පාදන විෂය භාර නිලධාරීන් හැටක පමණ පිරිසක් මේ සඳහා සහභාගි විය.

රජයේ ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීම සහ එම ක්‍රියාවලිය නිවැරදිව, විනිවිදභාවයෙන් සිදුකිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම පිළිබඳව නිලධාරීන් න්‍යායාත්මක කරුණු මෙන්ම ප්‍රායෝගිකව අභ්‍යාස ඇසුරින් දැනුවත් කිරීම මෙහිදී සිදුකරන ලදී.