ප්‍රවාහන අංශය මඟින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ රියැදුරු සේවයේ නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය මඟින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ රියැදුරු සේවයේ නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනක් 2023.07.29 සිට 2023.07.30 දක්වා ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.  

මෙහිදී රියැදුරන් සඳහා වාහන ඉංජිනේරු යාන්ත්‍රණය, මාර්ග නීති රිතී, නිවාඩු හා නායකත්ව පුහුණුව පිළිබඳ දේශන පුහුණු උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබිණ.

මෙම අවස්ථාව සඳහා පාලන අංශයේ අතිරේක ලේකම් ඩී.නන්දනී සමරවික්‍රම මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, එම්.එස්.එම්.නවාස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.