නවීන මහන මැෂින් ලබාදීම

කර්මාන්ත අමාත්‍යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ස්වයං රැකියාවක් ලෙස සුළු පරිමාණයෙන් ඇගළුම් නිෂ්පාදනයේ යෙදෙන කාන්තා ව්‍යවසායකයින් 11 දෙනෙකු වෙත සිය නිෂ්පාදන ධාරිතාවය ඵලදායි හා ගුණාත්මක අයුරින් ප්‍රවර්ධනය කරගැනීම වෙනුවෙන් නවීන මහන මැෂින් ලබාදීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 25 වන දින බෙන්තොටදී සිදුකෙරිණි.