දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන පැවැත්වේ..

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ හදුන්වා දීමේ වැඩසටහන මාර්තු 27 දින කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ  ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතා (බල ශක්ති, ජල, අමුද්‍රව්‍ය) වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂමතාව පිළිබද විශේෂඥ දැනුම ඇති කළමණාකරුවෙකු බිහි කිරීම, සහ මෙම අංශයන්හි අනෙකුත් කර්මාන්ත ද මෙම සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම යන ඒවායි. මෙම වැඩසටහන් ගිය වර්ෂයේද පැවැත්වූ අතර එය ඉතාම සාර්ථක ප්‍රතිඵල මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට එක් කරන ලදී. එලෙස සාර්ථකව තම කාර්ය සාධක දර්ශක ඉහල නංවා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් ද ඔවුන්ගේ අත්දැකීම් පැමිණ සිටි නිෂ්පාදන ආයතන සමග බෙදා ගන්නා ලදී.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ මෙම වැඩසටහන හරහා කර්මාන්තයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර අපද්‍රව්‍ය තුළින් ආදායමක් උපයා ගන්නා මට්ටමට සංවර්ධනය කරලීමත් ඒ හරහා සෑමවිටම අසාධාරණයට ලක්වන පාරිභෝගිකයාහට සාධාරණයක් ඉටු කර ලීමත් මේ සදහා තේරීපත්ව ඇති නිෂ්පාදන ආයතන වල වගකීම බවයි.

මේ අවස්ථාව සදහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි සභාපති ඉංජිනේරු ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන අධ්‍යක්ෂක ඉංජිනේරු සමන්ත කුමාරසේන, කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශ අධ්‍යක්ෂ K.W ඇලපාත, කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශ අධ්‍යක්ෂ නාලිනී බාලසුබ්‍රමනියම්, නිෂ්පාදන ආයතන ප්‍රධානින් ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් එක්ව සිටියහ.