තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ වනවිටත් ක්‍රියාත්මකව සිටින, තම ව්‍යාපාර පුළුල් කරගැනීමට/දියුණු කරගැනීමට අවශ්‍යතාවය ඇති, එහෙත් ඒ සඳහා අත්දැකීම්/දැනුම /පුහුණුව ප්‍රමාණවත් නොවන සහ ව්‍යාපාරයේ පවතින ගැටළු හා ඊට සුදුසු විසඳුම් හඳුනාගැනීම අපොහොසත්ව සිටින තරුණ ව්‍යාපාරිකයින් හඳුනාගනිමින්, ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට මූලික අවධියේ සිට නිෂ්පාදන අපනයන අවධිය දක්වා අවශ්‍ය සියලු සහය ලබාදීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන වැඩසටහනකි.

වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ ජාතික ශිල්ප සභාව යන ආයතනවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ.