බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් මෙවර පැවැත්වෙන ” බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024 “වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවකයින් සඳහා සතිමත් භාවය හඳුන්වාදීමේ භාවනාමය වැඩසටහනක් පසුගියදා (22)  කර්මාන්ත අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබිණි.

කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද ගෝනවල අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන්,

පවත්වනු ලැබූ භාවනාමය වැඩසටහන සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු සියලුම නිලධාරීන් එක්වූහ.