කර්මාන්ත අංශයෙහි සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රගති සමාලෝචන සාකච්ඡාව

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් යන ආයතනයන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් මැයි 22 දින කර්මාන්ත අමාතංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින්  කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙරට ආර්ථිකයට කර්මාන්ත කේෂ්ත්‍රයෙහි දායකත්වය සම්පුර්ණයෙන් ලබා දීමට නම් මෙම සියළු අංශ ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම ඒ සදහා සියළුම රාජ්‍ය නිලධාරීන් නොපසුබටව කටයුතු කළ යුතු බවත් ඒ සදහා අමාත්‍යාංශය  උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහිදී එළබෙන ජුනි 29,30 සහ ජූලි 01 යන දිනවල ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් රත්නපුරයේදි ප්‍රථමවරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය පිළිබදවත් ඒ සදහා ඇති සුදානම පිළිබදවත් සාකච්ඡා කරන ලදී.  මෙරට පොහොර නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයිය හැකි පොස්පේපේට් නිෂ්පාදනය කෘෂි නිෂ්පාදන සදහා දායක කර ගැනීමට ඇති සුදානම සහ ඒ සදහා කෙරෙන පර්යේෂණ පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණි.

එමෙන්ම මේ වන විට ආනයනය කර අගය එකතු කර අපනයන කරන මැණික් සදහා පනවා ඇති බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මෙරටට විදේශීය වෙළදපොල අහිමි වීමේ ඇති අවදානම පිළිබදවද අවධානය යොමු කල අතර  මෙම සෑම කේෂ්ත්‍රයක් සදහාම පැමිනෙන මහජන පැමිනිලි සහ ඔවුනට පිළිතුරු ලබා දීමේ කඩිනම් ක්‍රමවේද පිළිබදවත් වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙයට අමතරව ආයතනවල පවතින පුරප්පාඩු ගැටලු සහ පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදි මුහුණ දෙන අභියෝග සහ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික මෙවලම් වල අවශ්‍යතාව යන කරුණු පිලිබදව ද මෙහිදී සාකච්චා කරන ලදී.

මෙම රැස්වීම සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ බණ්ඩාර, අධ්‍යක්ෂ  දිනිදු මුනිදාස, ප්‍රධාන මුල්‍ය නිලධාරී හර්මන් ප්‍රනාන්දු,  මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,  මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් ආයතන වල සභාපතිවරුන් සහ ප්‍රාථමික කර්මාන්ත අංශයේ නිළධාරින් සහභාගී වුහ.