පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය

පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය

 

ජී.පී.එන්. මහේෂ් අබේසේකර
ශ්‍රී ලංකා පරිපාලන සේවය අධි ශේණිය
අතිරේක ලේකම්

දුරකථන: 011 – 2322782
අභ්‍යන්තර : 381
ෆැක්ස් : 0112 – 2347393
විද්‍යුත් තැපෑල : Adsec_policy@industry.gov.lk 

අතිරේක ලේකම් (පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යුහගතකරණ) අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවතින මෙම අංශය පොදු ව්‍යාපාර අංශය හා ප්‍රතිව්‍යුහගතකරණ අංශය යන අනු අංශ දෙකකින් සමන්විත වේ.


ප්‍රධාන කාර්යයන්

අංක 2412/08 සහ 2024.11.25 දිනැති ගැසට් නිවේදනය පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත්කර ඇති රාජ්‍ය ව්‍යාපාර අතුරින් පහත සදහන් රාජ්‍ය ව්‍යාපාර අට (08) මෙම අංශය යටතේ ක්‍රියාත්මක වේ. රාජ්‍ය ව්‍යාපාර වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අදාල මගපෙන්වීම්, දැනුවත් කිරීම්, උපදේශන කටයුතු, ගැටළු විසදාගැනීමේදී අවශ්‍ය සහය ලබාදීම ද රාජ්‍ය ව්‍යාපාර වලට අදාල සංවර්ධන කටයුතු වලදී, ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම, ව්‍යාපෘති යෝජනා කැදවීම (Evaluation), ගිවිසුම් සකස්කිරීම, ව්‍යාපෘති අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, අයවැය වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල මූල්‍ය ප්‍රගතිය අධීක්ෂණය යන කටයුතු මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

ප්‍රතිව්‍යුහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

1. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්
2. සී/ස ජාතික කඩදාසි සමාගම
3. කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්
4. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
5. ජාතික ලුණු සමාගම
6. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
7. සී/ස ලංකා සිමෙන්ති සමාගම
8. සී/ස පරන්තන් කෙමිකල්ස් සමාගම

පොදු ව්‍යාපාර අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
කාර්මික තාක්ෂණ ආයතනය

පොදු ව්‍යාපාර අංශය

කේ.එම්. රිස්වි මයා
සේවාව: ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර: අධ්‍යක්ෂ (පොදු ව්‍යාපාර)
දු.ක : +94 112 329 722
දිගුව: 375
ෆැක්ස් : +94 112 436 662
විද්‍යුත් තැපෑල : dir_pe@industry.gov.lk/ pmu116mic@gmail.com

නිශාන් සී .ජයරත්න මයා
සේවාව: ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර: සහකාර අධ්‍යක්ෂ (පොදු ව්‍යාපාර)
දු.ක: +94 112 323293
දිගුව: 446
ෆැක්ස් : +94 112 436 662
විද්‍යුත් තැපෑල : nishanchamara17@gmail.com / pmu116mic@gmail.com

විස්තරය

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවලින්, පහත සඳහන් ආයතන වල සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය/නියාමනය කිරීම තුලින් ඒවා ශක්තිමත් ආයතන බවට පත්කිරීම අරමුණු කරගනිමින් පොදු ව්‍යාපාර හා ප්‍රතිව්‍යූහගතකරණ අංශය යටතේ පොදු ව්‍යාපාර අංශය පිහිටුවා ඇත.

1. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
2. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
3. ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
4. කාර්මික තාක්ෂණ ආයතනය

ප්‍රධාන කාර්යයන්

අංශයේ අධීක්ෂණය යටතේ පවතින ඉහත ආයතන වල

• වගවිය යුතු භාවය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා පද්ධතීන් දියුණු කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීම.
• අයවැය ක්‍රියාවලියක් ඇති කිරීම.
• ක්‍රියාකාරී සැලැස්මෙහි මූල්‍යමය සහ භෞතිකමය ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට ලේකම්තුමාට සහායවීම.
• කාර්තුමය ගිණුම් පිළියෙල කිරීම අධීක්ෂණය කිරීම.
• සේවක ගැටළු විසදීමට මැදිහත්වීම.
• මානව සම්පත් කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම (නව පත්කිරීම්, සේවා දීර්ඝ  කිරීම්, කාර්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම්, බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීම් ආදිය).
• ඵලදායිතාව වර්ධනය කිරීමට සහයවීම සහ වියදම් අවම කිරීම

අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින සියලු ආයතන වල

• අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළ කටයුතු හා පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලවල රාජකාරී කටයුතු අධීක්ෂණය කිරිම.
• වාර්ෂික ගිණුම් සහ ගිණුම් වාර්තා නියමිත වේලාවට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීම

ප්‍රතිව්‍යූහගතකරණ අංශය

ඉංසකා එස්. විජේවර්ධන මිය – අධ්‍යක්ෂ
දු.ක: 011-2432705   දිගුව: 526
ජංගම: 0712508937
ෆැක්ස්:
විද්‍යුත් තැපැල් ලිපිනය: msreddevelop@gmail.com

විස්තරය:
ප්‍රතිව්‍යූහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන පහත සඳහන් ආයතන සඳහා ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මගින් ඌන උපයෝජිත අලාභ ලබන හා දැනට ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින රාජ්‍ය ව්‍යාපාර තිරසාර පැවැත්මක් සහිත ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම උදෙසා එම ආයතනවලට අදාළ පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලබයි.

ප්‍රතිව්‍යුහගතකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර

1. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්
වෙබ් ලිපිනය : www.lankamineralsands.com
2. සී/ස ජාතික කඩදාසි සමාගම
වෙබ් ලිපිනය : www.npc.lk
3. කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්
වෙබ් ලිපිනය : www.kgraphite.lk
4. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
වෙබ් ලිපිනය :
5. ජාතික ලුණු සමාගම
වෙබ් ලිපිනය : www.nationalsalt.lk
6. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
වෙබ් ලිපිනය :
7. සී/ස ලංකා සිමෙන්ති සමාගම
වෙබ් ලිපිනය :
8. සී/ස පරන්තන් කෙමිකල්ස් සමාගම
වෙබ් ලිපිනය : www.pccl.gov.lk

ප්‍රධාන කාර්යයන්

01. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ පරිපාලන කටයුතු

i. පහත කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම
1. රාජ්‍ය ව්‍යවසායන් සඳහා සේවක සංඛ්‍යාව අනුමත කිරීම
2. රාජ්‍ය ව්‍යවසායන්හි අනුමත කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියා පටිපාටි සැකසීම සහ අනුමත කිරීම.
3. රාජ්‍ය ව්‍යවසායන්හි අනුමත තනතුරු සඳහා අදාළ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි සංශෝධනය.
4. රාජ්‍ය ව්‍යවසාය කාර්ය මණ්ඩලයට ගෙවීමට යෝජිත නව දීමනා ගෙවීම පිළිබඳ අනුමැතිය.
5. රාජ්‍ය ව්‍යවසාය සඳහා නව තනතුරු ඇති කිරීම.
6. රජයේ ව්‍යාපාරවල සේවය කරන විදේශිකයන්ට වාස වීසා නිකුත් කිරීම .

ii අනුමැතිය ලබා දීම.
1. රාජ්‍ය ව්‍යවසායන්හි අනුමත තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා නිලධාරීන්/සේවකයින් බඳවා ගැනීම සඳහා.
2. රාජ්‍ය ව්‍යවසායන්හි සභාපතිවරුන්ට අතිරේක ඉන්ධන ගෙවීම් නියම කිරීම සඳහා.
3. පොදු ව්‍යවසායන් සතු වාහන සඳහා රුපියල් 100,000.00 ඉක්මවන අලුත්වැඩියාවන් සඳහා..
4. සති අන්ත සහ වෙළඳ නිවාඩු දිනවල රාජ්‍ය ව්‍යවසායන්හි කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම සඳහා.

iii. ඈවර කිරීම සඳහා අනුමත කර ඇති රාජ්‍ය ව්‍යවසායන් ඈවර කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම.

iv. ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇති රාජ්‍ය ව්‍යවසායන් සඳහා කාර්ය මණ්ඩලය නැවත බඳවා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම.

02. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ සංවර්ධන කටයුතු සිදු කිරීම.

i. රාජ්‍ය ව්‍යවසායන්හි සංවර්ධන කටයුතුවලට අදාළ සියලු දත්ත රැස් කිරීම.

ii පහත කරුණු සම්බන්ධ ලියවිලි සකස් කිරීම
1. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිව්‍යුහගත වැඩසටහන්/සංවර්ධන වැඩසටහන් සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම.
2. ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරන වාර්තා සහ එවැනි ව්‍යාපෘති යෝජනා පිළිබඳ කැබිනට් අනුමැතිය සඳහා කැබිනට් සංදේශ සහ සටහන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.
3. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම, යෝජනා සඳහා ඉල්ලීම් සහ දැන්වීම් පළ කිරීම.
4. ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවලට අදාළ තාක්ෂණික ඇගයීම් සහ මූල්‍ය ඇගයීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
5. ආයෝජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම.
6. ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළව ව්‍යාපෘති කමිටු රැස්වීම් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටු රැස්වීම් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් පැවැත්වීම.
7. ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ප්‍රගති සමාලෝචන රැස්වීම් කැඳවීම සහ ප්‍රගති වාර්තා සකස් කිරීම.

රාජ්‍ය ව්‍යාපාර මගින් සිදුකරන නිෂ්පාදන අලෙවිකිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි දුරකථන අංක

රාජ්‍ය ව්‍යාපාරයේ නම

Lanka Mineral Sands Limited
contact number : 011-2883951,011-2883952

National Paper Company Limited
contact number : 011-2556465,0112554191

Kahatagaha Graphite Lanka Limited
contact number : 0112368736,0112368737,0112368738

Lanka Leyland Limited
contact number : 011-2801205

National Salt Limited
Contact number : 0112368974

Sri Lanka Cement Corporation
Contact number : 2440203, 2440202, 2440201

Paranthan Chemicals Company Limited
Contact number : 0112437830, 0112437556