ඉංජිනේරු අංශය

ඉංජිනේරු අංශය

(ඉංජි.) ඩී.පී.එන්. විජේසිරි මයා

සේවය: ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
තනතුර:
අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු)
දු.ක:
0112423965
අභ්‍යන්තර:
208
විද්‍යුත් තැපෑල:
dpn.wijesiri@gmail.com

 

කාර්යයන්:

  • 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතට අදාළ සියලු කාර්යයන් ඉටු කිරීම.
  • කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය කාර්යයන්ට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම.
  • කර්මාන්ත අමාත්‍යාංශයේ ගොඩනැඟිලි හා යන්ත්‍රෝපකරණ ආශ්‍රිත සියලුම නඩත්තු රාජකාරි අධීක්ෂණය හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත කලාප වල සියලුම යටිතල පහසුකම් සඳහා තාක්ෂණික නිර්දේශ සැපයීම සහ කර්මාන්ත කලාප වලට අදාළ රජයේ ගොඩනැඟිලි හා යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු අධීක්ෂණය හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශයව අයත් වාහන සංචිතය නිසි පරිදි ධාවන තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අදාළ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීමට, ගර්භිත තත්ත්වයට පත්ව ඇති වාහන අපහරණයට අදාළ කටයුතු සිදු කිරීමට අදාළ කටයුතු අධීක්ෂණය හා ඒ සඳහා උපදෙස් ලබා දීම.
  • අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ආයතන වලට අදාළ සංවර්ධන ව්‍යාපෘති වල ඉංජිනේරුමය කාර්යයන් විශ්ලේෂණය හා අධීක්ෂණය කිරීම.
  • තාක්ෂණ හා ඉංජිනේරුමය කටයුතු සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සැපයීම.
  • අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වෙත තාක්ෂණික මඟපෙන්වීම් ලබා හා සහාය ලබා දීම.
  • ඉංජිනෙරුමය අවදානම් හඳුනාගෙන තක්සේරු කිරීම හා එම අවදානම් අවම කිරීමේ උපායමාර්ග සංවර්ධනය කිරීමට ආයතන වලට සහාය වීම.

ඉංජිනේරු අංශය

(ඉංජි.) ඩබ්ලිව්.ඩී.වී. කුමාරදාස මිය

සේවය: ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
තනතුර:
සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු)
දු.ක:
011-2330578
අභ්‍යන්තර:
354

විද්‍යුත් තැපෑල:
dvkumaradasa@gmail.com

ප්‍රධාන කාර්යයන්

කාර්යයන්:

  • 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතට අදාළ සියලු කාර්යයන් ඉටු කිරීම.
  • යෝජිත කර්මාන්තපුර ඉදිකිරීම් කටයුතු වලට අදාළ වන අභ්‍යන්තර මාර්ග, ජලය හා විදුලිය ලබා ගැනීම් සඳහා ලබා ගත් ඇස්තමේන්තු පරීක්ෂා කිරීම.
  • දැනට ක්‍රියාත්මක වන කර්මාන්තපුර වල සියලුම නඩත්තු කටයුතු වලට අදාළ රාජකාරි ඉටු කිරීම හා එම කර්මාන්තපුර වල යටිතල පහසුකම් සංවර්ධනයට (නඩත්තු) ලබා ගන්නා ඇස්තමේන්තු පරීක්ෂා කිරීම. 
  • කර්මාන්ත අමාත්‍යාංශයේ ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සඳහා ඇස්තමේන්තු සකස් කිරීම හා අධීක්ෂණය කිරීම.