කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජූලි 13 කර්මාන්ත අමාත්‍යාංශයේදි පැවැත්විණ.  

අමාතාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අතින් කමිටු සාමාජිකයන් 20 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලද අතර රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශයේම සහභාගීත්වයෙන් මෙම කමිටු සමාජිකයින් පත් කර ඇත.  වසර 2 ක් සඳහා  බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ. මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි.

මෙහිදී ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ කර්මාන්ත අංශය මේ වන විට මුහුණ දෙන විවිධ ගැටළු පිළිබදව සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම  අමු ද්‍රව්‍ය ආනයනයේදී ගෙවීමට සිදු වන බදු හා  ප්‍රමිතිකරණ ගැටළු පිළිබඳව ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය දැනුවත් කරන ලදී.