ශ්රී ලංකාවේ ප්රමුඛතම ආහාර කර්මාන්ත ප්රදර්ශණය Pro food- Pro pack මෙවරත් ….
ශ්රී ලංකාවේ ප්රමුඛතම ආහාර කර්මාන්ත ප්රදර්ශනය වන Pro food- Pro pack – Ag Biz and Knowledge Hub 2026 ප්රදර්ශණය කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ අමාත්යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවැත්වින.
ශ්රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්රදර්ශණය මෙවර පවත්වන්නේ 23 වෙනි වරට වන අතර චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්රදර්ශණ කුටි සහිත ප්රදර්ශණ කුටි 450 කින් මෙවර ප්රදර්ශණය සමන්විත විය. ව්යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C) සහ ව්යාපාරයෙන් ව්යාපාරය (B2B) සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද මෙම Pro food- Pro pack – Ag Biz and Knowledge Hub ප්රදර්ශණය ආහාර කර්මාන්තයට සම්භන්ධ ඇසුරුම්කරණ විශේෂඥයින්, අපනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, නිෂ්පාදකයින්, ආහාර සකස්කරන්නන්, බෙදාහරින්නන්, ව්යවසායකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමින් ජාලකරණය, දැනුම බෙදාගැනීම සහ ව්යාපාර වර්ධනය සඳහා වටිනා අවස්ථා නිර්මාණය කරන ප්රධානතම වේදිකාවක් වෙයි.
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් මෙම ප්රදර්ශණය තුළ ශ්රී ලංකාවේ කුඩා හා මධ්ය පරිමාණ ආහාර සැකසුම්කරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කරන ලද SME මණ්ඩපය තුලින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට (SME) ඔවුන්ගේ නවෝත්පාදනයන් ප්රදර්ශනය කිරීමට සහ වෙළඳපල අවස්ථා උදාකරගැනීමට වටිනා අවස්ථාවක් ලබා දී තිබුනි.