පොසොන් සැමරුම ......
පොසොන් පෝය නිමිති කරගෙන අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය පසුගියදා අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම භක්ති ගීත ප්‍රසංගය සදහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළුව අමාත්‍යාංශ නිළධාරීන් සියළුදෙනා සහභාගි වූහ. මෙවර භක්ති ගීත ප්‍රසංගය හා සමගාමීව අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ සහයෝග ඇතිව අවට කාර්යාල වල සේවක සේවිකාවන් හා ප්‍රදේශවාසීන් වෙනුවෙන් කඩල දන්සැලක් ද පැවැත්වීම විශේෂත්වයයි.