ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමට අවධානය…….

ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමට අවධානය……. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජූලි 9 දා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ හා නේපාලයේ පවතින වත්මන් දේශපාලන, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා හා තානාපතිවරයා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් සමඟ මෙන්ම චීනය වැනි කලාපයෙන් බැහැර රටවල් සමඟද පවත්වාගෙන යන වෙළෙඳ සම්බන්ධතා පිළිබඳව නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා දැනුවත් කළේය. මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ වැලි, පොස්පේට්, සහල්, සීනි, ඇඟලුම් වැනි භාණ්ඩ ඇතුළත් කරගනිමින් ශ්‍රී ලංකාව හා නේපාලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා සහ නේපාල තානාපති Bahadur මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එළඹෙන අගෝස්තු මාසයේදී රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම්කර ඇති “රත්නපුර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය” සඳහා පැමිණෙන ලෙස නේපාල ගැනුම්කරුවන්ට ආරාධනා කළේය.
BCC ඩිජිටල්කරණය වෙයි….

BCC ඩිජිටල්කරණය වෙයි…. කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනයේ නිෂ්පාදන හා අලෙවි කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින්, වසර 35 කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ සාමාන්‍ය ක්‍රමවේදය (Manual System) වෙනස් කරමින් ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 7 දා සිදුකරන ලදී.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතරින් ඩිජිටල්කරණයට ලක් කළ පළමු ආයතනය BCC ලංකා ලිමිටඩ් වන අතර මෙම ඩිජිටල්කරණ කාර්යය e Zuite පුද්ගලික සමාගම විසින් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරදීම විශේෂත්වයයි. මෙම ඩිජිටල්කරණය හරහා ආයතනයේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර ඉදිරියේදී BCC නිෂ්පාදන online මගින් (අන්තර්ජාලය හරහා) මිලදී ගැනීමට BCC පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බව BCC ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මෙහිදී පැවසීය.මෙම අවස්ථාවට සමගාමීව නවීකරණය කරන ලද BCC ලංකා ලිමිටඩ් වෙබ් අඩවිය හා Facebook සමාජ මාධ්‍ය පිටුව එළිදැක්වීමද සිදුවිය.මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, BCC ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා, BCC ලංකා ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්, e Zuite පුද්ගලික සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඵලදායිතා සංවර්ධනය පිළිබද අන්තර්ජාතික පුහුණු වැඩසටහනක් කොළඹදී ……….

ඵලදායිතා සංවර්ධනය පිළිබද අන්තර්ජාතික පුහුණු වැඩසටහනක් කොළඹදී ………. ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) අනුග්‍රහයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ඵලදායිතා සංවර්ධන විශේෂඥ (මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන (Training Course on Development of Productivity Specialist ) 16 දා කොළඹදී ආරම්භ විය. 16 දා වනදා සිට 27 වැනිදා දක්වා දින 12 ක් කොළඹ NH Collection හෝටලයේදී පැවැත්වෙන මෙම අන්තර්ජාතික පුහුණු වැඩසටහන සඳහා ඉන්දියාව, බංගලිදේශය, කාම්බෝජය, නේපාලය, පකිස්තානය, පිලිපීනය, වියට්නාමය, තායිවානය, මොංගෝලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක් නියෝජනය කරමින් ඵලදායිතා සංවර්ධන විශේෂඥයින් 25 දෙනෙක් සහභාගි වී සිටිති. මෙම පුහුණු පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජික රටවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ මෙවලම් හා ශිල්පීය ක්‍රම පිළිබඳව විශේෂඥ පුහුණුවක් තම සාමාජික රටවල් වෙත ලබා දීමයි. සිංගප්පූරුවේ Hocklink Systems & Services සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන උපදේශක George Wong, මැලේසියාවේ Gemba Solution සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Syukri Hadafi, ආචාර්ය Eugene Y. Lin (තායිවානය), විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර යන මහතුන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ඵලදායීතාව හා ව්‍යාපාර තරගකාරීත්වය, සාමාජීය රටවල ආර්ථික ඵලදායිතාව සදහා බලපා ඇති ගැටලු හා අභියෝග, ඵලදායිතා වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක්‍රම, ඵලදායිතා නිපුණතා සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත. අද පැවති මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් S. W. C. ජයමිණි, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) I.M.P. ගුණරත්න, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ ජයකොඩි, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගන්ධිකා ලියනගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
රජයන් අතර සාර්ථකව ……

රජයන් අතර සාර්ථකව ඒකාබද්ධ ව්‍යාපාර සිදුකළ හැකියි. – කර්මාන්ත අමාත්‍ය හදුන්නෙත්ති. රජයන් – රජයන් අතර ඒකාබද්ධ රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව සිදු කළ හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය සදහා එහි පැමිණි අවස්ථාවේදීය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය 1983 වසරේදී ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් ආයතනය සමග ඒකාබද්ධ සමාගමක් ලෙස ආරම්භ කළ අතර එහි කොටස් අයිතියෙන් 73% ක් ලංකාවට අයත් වන අතර ඉන් 41% ක විශාලම කොටස් අයිතිය ලංකා රජය සතුවෙයි. මෙම ආයතනය විසින් බස් රථ, ට්‍රක් රථ, ටිපර් ඇතුළු බර වාහන මාදිලි රැසක් 40% කට වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් සහිතව නිෂ්පාදනය කර වෙළඳපළට ඉදිරිපත් කරයි. මේ වන විට ලංකා අශෝක් ලේලන්ඩ්හි නිෂ්පාදන මාලදිවයින වෙත අපනයනය සිදු කරන අතර 600 කට ආසන්න පිරිසකට සෘජු රැකියා අවස්ථා සලසා දී තිබෙයි. ලාභ ලබන දේශීය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙමගින් මෝටර් ඉංජිනේරු තාක්ෂණය පිළිබදව පාඨමාලා පැවැත්වීම ද සිදු කරනු ලැබෙයි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ, රජයන් අතර ඒකාබද්ධ රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම පිළිබදව පවතින හොඳම උදාහරණයක් ලෙස ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය පෙන්වා දිය හැකි බවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියානු රජයන් එක්ව ඒකාබද්ධව සාර්ථකව පවත්වාගෙන යන මෙම ආයතනය මගින් උතුරු- නැගෙනහිර, වතුකර හා ග්‍රාමීය ජනතාවගේ භාවිතය සඳහා අඩු මිල- නවීන තාක්ෂණය සහිත නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම පාසල්, විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය බස් රථ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය හරහා නිෂ්පාදනය කර පහසු මිලකට එම ආයතන වලට ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ඉරිදියේදී “Made in Sri Lanka” නාමය යටතේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ආයතනයේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් අනිකුත් රටවල් සඳහාද අපනයන කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සභාපති මිල්ටන් සමරසිංහ, ලංකා අශෝක් ලේලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම්, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ
ස්වර්ණාභරණ ශිල්පීන්ට වෙළෙඳ …….

ස්වර්ණාභරණ ශිල්පීන්ට වෙළෙඳ අවස්ථා උදාකරමින් “තෝඩු ” මහනුවරට …… කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් දේශීය ස්වර්ණාභරණ ශිල්පීන් සඳහා වෙළෙඳ අවස්ථා උදාකර දීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන “තෝඩු” ප්‍රදර්ශන මාලාවේ තෙවැනි තෝඩු දැක්ම 2025 ජූනි මස 14 සහ 15 යන දිනයන් හිදී මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) වෙළෙඳ පරිශ්‍රයේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ආභරණ දැක්ම සඳහා මහනුවර, ගාල්ල, ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ස්වර්ණාභරණ ශිල්පීන් රැසක් සහභාගී වුහ. මෙම ආභරණ ප්‍රදර්ශණයේදී දේශීය ස්වර්ණාභරණ ශීල්පීන් අතින් නිම කරන ලද ඒ ඒ පලාත් සඳහා අවේනික වූ නිර්මාණ මෙන්ම නවීන මාදිලියේ ආභරණ නිර්මාණයන් ද ඉතා සාධාරණ මිල ගණක් වලට අළෙවිය සඳහා ඉදිරිපත් කර තිබුනි. ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ඉතා වැදගත් පියවරක් ලෙස ස්වර්ණාභරණ ශිල්පීන් සඳහා වෙළෙඳ පොළ අවස්ථා උදාකිරීමේ අරමුණින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම ප්‍රදර්ශන මාලාව සංවිධානය කරනු ලබයි. මහනුවර පැවති තෙවන “තෝඩු” ආභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහ ආභරණ මිලදී ගැනීම සඳහා සුවිශේෂී උනන්දුවක් පැවති අතර මේ සඳහා විශාල ගැනුම්කරුවන් පිරිසක් මහනුවරට පැමිණ සිටියේය. මෙම තෝඩු ආභරණ දැක්මේ මීළඟ අදියර ගාල්ලේ දී සංවිධානය කිරීමට නියමිත වෙයි.
ආයෝජන සැලසුම් වෙනුවෙන් ……

ආයෝජන සැලසුම් වෙනුවෙන් ලංකාවට පැමිණි චීන ආයෝජකයින් …… ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීනයේ විවිධ පළාත් නියෝජනය කරමින් ඉහළ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණි අතර එම පිරිස හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය අතර විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබදව අමාත්‍යාංශය විසින් ඔවුන්ට පැහැදිලි කළ අතර චීන ආයෝජකයින් විසින් එම ක්ෂේත්‍ර වලට අමතරව කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics) සහ විදුළි භාණ්ඩ ඇතුළු ඔවුන්ට ආයෝජනය කළ හැකි වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳව ද අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු අමත්‍යාංශ නිලධාරීන් දැනුවත් කලේය. මෙහිදී හදුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ නව රජය ආයෝජකයන් වෙනුවෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන බවත්, ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම කර්මාන්තකරුවන් වෙත විශේෂ වාසියක් සලසා දෙන බවත්, ඔවුන් ලංකාවේ සිටින සති දෙකක කාලය අවසානයේ සැලසුම් කරන ආයෝජන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය විසින් ලබාදෙන බවට පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින්, අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වල සභාපතිවරුන්, පෞද්ගලික අංශය නියෝජනනය කරමින් ව්‍යාපාරික නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර චීනය වෙනුවෙන් China Chamber of Commerce for Import and Export of Machinery and Electronic Products (CCCME)හි උප සභාපති liu chun මහත්මිය, China International Chamber of Commerce for the Private Sector (CICCPS) හි උප සභාපති Nan yi මහතා ඇතුළු ආයෝජකයින් පිරිසක් මෙම අවසථාවට එක්ව සිටියේය.
වසර 5 කට පසු ජාතික …….

වසර 5 කට පසු ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය නැවතත් …….. “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 5 කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන මෙම ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය පාසල්, රාජ්‍ය සහ නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර 3 යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙයි. 1994 වසරේදී පිහිටුවනු ලැබූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) මගපෙන්වීම මත කලාපීය රටවල් 20 ක සහයෝගීතාව සහිතව ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වෙයි. ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ අංශ තුළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට එම වැඩසටහන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. මෙහිදී ආසියානු ඵලදායිතා සංවිධානය (APO) ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතිය සමග සමගාමීව ඵලදායිතා වැඩසටහන් රටේ සෑම ක්ෂේත්‍රයක් තුළම ක්‍රියාත්මක වීම වැදගත් වන බව පැවසුවාය. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමුවරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට මෙම ඵලදායිතා සංකල්පය ගෙනයාමට හැකිවූ බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය එමගින් අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභ වඩාත් තිරසාර වන බවද වැඩිදුරටත් පැවසුවාය. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ වසර 5 කට පසුව නැවතත් ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය හරහා ඵලදායිතා සංකල්පය ජනතාව අතරට ගෙන යාමට ලැබීම පිළිබඳව සතුටු වන බවයි. එසේම ඵලදායිතා සංකල්පය සමාජගත කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවත් වත්මන් රජයේ විසින් ක්‍රියාත්මක කරන “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියයේ අරමුණුවලට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය ඔස්සේ රටේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව පැවසීය. එසේම මෙම ඵලදායි සංකල්ප ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තුරන් කරමින් නව මාවතක් කරා රාජ්‍ය සේවය ගෙනයාමේ හැකියාව පිළිබදවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආසියානු ළුලදායිතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය Indra Pradhana Singawinta මහතා ඕනෑම රටක තිරසාර ආර්ථික සංවර්ධනය සදහා ඵලදායිතා සංකල්ප යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. 2025 /2026 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ නිර්ණායක එළිදැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහා සංඝරත්නය කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.