හැඳින්වීම

ලංකාවේ ප්‍රථම අමාත්‍යාංශ කිහිපයෙන් එකක් ලෙස 1931 වර්ෂයේ දී පිහිටවනු ලැබූ මෙම අමාත්‍යාංශය, කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනහිලා මූලික වගකීම දරනු ලබයි. අංක 2196/27 හා 2020.10.06 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව ‘කර්මාන්ත විවිධාංගිකරණයක් හරහා දේශීය, කලාපීය හා ජාත්‍යාන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් ගෝලීය තරඟකාරීත්වය තුළ සාපේක්ෂ ලාභයන් වෙත ළඟාවීම  සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නවීන ක්‍රමෝපායන් හරහා ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය’ මෙම වර්තමාන විෂයපථය වේ.

 විවිධ ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා  34ක් ද මෙම අමාත්‍යාංශය මඟින් හසුරුවනු ලැබේ. තවද, 1969 අංක 36 දරන කර්මාන්ත සංවර්ධන පනත, 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත හා 2006 අංක 17 දරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම අමාත්‍යංශය සතුවේ.

මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා වශයෙන් පහත කරුණු හඳුනා ගෙන ඇත.

  • කර්මාන්තකරුවක් මුහුණ දෙන ගැටළු සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීම
  • ආනයන අපනයන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම
  • අපනයන ආශ්‍රිත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යපෘති සම්පාදනය
  • පවත්නා කර්මාන්ත ආර්ථිකව ශක්තිමත් කිරීම හා නව කර්මාන්ත ප්‍රවේශ ඇති කිරීම
  • බිඳවැටී ඇති කර්මාන්ත හා ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යපෘති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
  • දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම
  • කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම
  • ඛනිජ සම්පත් ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම.

දැක්ම

තිරසර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධනයක් උදෙසා වන ගෝලීය තරඟකාරී ජාතික කර්මාන්ත පදනමක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම

මෙහෙවර

“තාක්ෂණය, දැනුම සහ නවෝත්පාදන චින්තනය මත පදනම් වූ හිතකර පරිසරයක් නිර්මාණය තුලින් විවිධාංගීකරණය වූ, ඉහළ අගය එකතු කළ, නව්‍ය කාර්මික නිෂ්පාදන, පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිතය, ඉහළ වෙළඳපල ප්‍රවේශ අවස්ථා සහ සැමට ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත සංවර්ධනයක් සඳහා දිරිගැන්වීම”

අමාත්‍යාංශයේ ඉලක්ක

  1. 2024 වසරේ 26.7% ක් වූ දළ දේශීය නිෂ්පාදිතය සඳහා කර්මාන්ත අංශයේ දායකත්වය 2030 වසර වන විට 28% දක්වා වැඩි කිරීම.

 

  1. 2024 වසරේ 4% ක්වූ දළ දේශීය නිෂ්පාදිතය සඳහා නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය 2030 වසර වන විට 20% දක්වා වැඩි කිරීම.

 

  1. 2023 වසරේ 2% ක්වූ ජාතික ආර්ථිකයට ව්‍යවසායකත්ව දායකත්වය 2030 වසර වන විට 10% දක්වා ඉහළ නැංවීම.

 

  1. 2024 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් වූ කාර්මික (වෙළඳ භාණ්ඩ) අපනයන 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 28 දක්වා වැඩි කිරීම.

 

  1. 2023 වසරේ 01% ක්වූ කර්මාන්ත කටයුතු සඳහා වෙන් කල ඉඩම් ප්‍රමාණය 2030 වසර වන විට 1% දක්වා වැඩි කිරීම. (ජාත්‍යන්තර සම්මතය 3%).