වීසා නිර්දේශ නිකුත් කිරීම

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති

ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි

සේවය : විදේශීය ආයෝජකයින්, විධායක ශ්‍රේණි නිලධාරීන් සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා ප්‍රවේශ හා වාස වීසා (Entry/ Residence Visa) නිර්දේශ නිකුත් කිරීම

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්කරන  ලද  11.09.2006 දිනැතිචක්‍රලේඛ අංක 01/2006 යටතේ විස්තර කර ඇති සීමාවන්ට යටත්ව, මෙම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නිෂ්පාදන කර්මාන්තයන් සඳහා අවශ්‍ය විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ  ප්‍රවේශ හා වාස වීසා නිර්දේශ නිකුත් කිරීම.

  • නිසි ලෙස සම්පූර්ණ කර ඇති අයදුම්පත සහ අයදුම්පතෙහි පිටු අංක 4 යටතේ ලැයිස්තු ගත කර ඇති අනෙකුත් ලේඛන අදාළ ආංශික සංවර්ධන අංශය වෙත භාර දීම.
  • අවශ්‍ය වන්නේ නම් කර්මාන්ත ආයතනවල ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීම හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුකරනු ලබයි.
  • අදාළ අයදුම්පත් සහ අනෙකුත් ලේඛන වීසා නිර්දේශ සමාලෝචන කමිටුව වෙත යොමු කිරීම.
  • අනුමත කිරීමේ ක්‍රියාවලියෙන් පසු, අයදුම්කරු වෙත පිටපතක් සහිතව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑල හරහා වීසා නිර්දේශ නිකුත් කරනු ලැබේ.
  • වීසා නිර්දේශ ලබා දීමට නොහැකි අවස්ථාවකදී, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑල හරහා දැනුම්දීම සිදු කරනු ලබයි.

ගාස්තුවක් අය නොකරයි

අයදුම් පත්‍රයෙහි පිටු අංකය 4 යටතේ ලැයිස්තු ගත කර ඇති අනෙකුත් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  • ඉල්ලීම් ලිපිය
  • සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය

ප්‍රවේශ සහ වාස වීසා (Entry & Residence Visa)  සඳහා

  1. විදේශ ගමන් බලපත්‍ර පිටපත්
  2. අධ්‍යාපන සුදුසුකම් (විශේෂිත අංශයන්)
  3. පෙර සේවා පළපුරුද්ද
  4. අදාළ පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමට සිදු කළ ප්‍රයත්නයන් පිළිබඳ සාක්ෂි
  5. විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා ගත් අවසරය
  6. පොලිස් නිෂ්කාශන වාර්තාව (අදාළ රටෙන් ලබා ගත යුතුය)

පවුල් වීසා (Family Visa) සඳහා

  1. කලත්‍රයා සඳහා විවාහ සහතිකය
  2. දරුවන්ගේ උප්පැන්න සහතික (යැපෙන්නන්)

වීසා දීර්ඝ කිරීම (Visa Extension) සඳහා

  1.  විදේශ ගමන් බලපත්‍ර පිටපත්
  2. පෙර වීසා අනුමැතිවල පිටපත්
  3. අදාළ පොලිස් ස්ථානයෙන් ලබා ගත් පොලිස් නිෂ්කාශන වාර්තාව
  • 03 පසුගිය මාස 03 ක සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) ගෙවීම් ලැබීම්වල පිටපත්
  • පත්වීම් ලිපියේ පිටපතක් හෝ කොන්ත්‍රාත් ගිවිසුමක් හෝ බඳවා ගැනීමේ නියෝජිත ගිවිසුම් ලිපියක්
  • අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කළ විදේශීය සේවකයින්ගේ වගකීම භාර ගැනීම සඳහා වන දිවුරුම් ප්‍රකාශය

පළමු වරට අයදුම් කිරීමේ දී පමණක් ඉදිරිපත් යුතු ලේඛන

  • අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකය
  • අධ්‍යක්ෂ මණ්ඩලයේ ලියාපදිංචිය (1/20 ආකෘතිය) සමාගමේ විදේශ අධ්‍යක්ෂවරුන් සඳහා වීසා ඉල්ලුම් කරන්නේ නම්
  • සමාගම පිළිබඳ වැඩිදුර විස්තරයක්

අයදුම්පත බාගත කර ගැනීම සඳහා (visa application pdf) යන සබැඳිය භාවිතා කරන්න.

අංශය I

දුරකථන : 011 2328973
දිගුව : 301
ෆැක්ස් : 011 2432750
අංශයේ දිගුව  : 370,382
අංශයේ විද්‍යුත් තැපෑල් : sector1mid@yahoo.com

අංශය II

දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250


දුරකථන :- 0112333312
දිගුව :- 388
ෆැක්ස් :-0112333312
අංශයේ දිගුවt : 385, 305
Division Email : sector2@industry.gov.lk

අංශය III

දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
 

 
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
අංශයේ දිගුව : 421,371,428
අංශයේ ෆැක්ස් : 011 2472183
අංශයේ විද්‍යුත් තැපෑල්: ind.sector4@gmail.com