වාර්ෂික නිෂ්පාදන වාර්තා එකතුව
අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති
ශාඛාව : කර්මාන්ත ලියාපදිංචි
සේවය : අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කර්මාන්ත ව්‍යවසායයන්ගේ වාර්ෂික නිෂ්පාදන වාර්තා එක් රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා තොරතුරු යාවත්කාලීන කිරීම.
1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනතෙහි 4 වැනි ඡේදයේ (2) වැනි උප වගන්තිය ප්‍රාකාරව, මෙම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී සිටින සෑම කර්මාන්ත ආයතනයක්ම සිය කර්මාන්තය සම්බන්ධ තොරතුරු සෑම වර්ෂයකම මාර්තු මස 31වන දිනට පෙර කර්මාන්ත අමාත්‍යංශය වෙත සැපයීමට බැඳී සිටී.
එම වාර්තා සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත ලියාපදිංචි අංශය, කර්මාන්ත අමාත්‍යාංශය, නො.73/1, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනය වෙත යොමුකළ යුතුය. තවද, උදේ 9 සිට සවස 4 දක්වා කාලය තුළදී අමාත්‍යාංශය වෙත පැමිණ භාර දීමට හැක.
ගාස්තුවක් අය නොකරයි.
නැත
අයදුම්පත බාගත කර ගැනීම සඳහා (annual return pdf) යන සබැඳිය භාවිතා කරන්න
දුරකථන : 011-2448467
අභ්‍යන්තර : 299
ෆැක්ස් : 011-2542708
විද්‍යුත් තැපෑල : industry.regist@gmail.com
ad_ir@industry.gov.lk