විද්‍යුත් උපාංග කර්මාන්තවල දේශීය අගය එකතු කිරීම

අංශය : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
ශාඛාව : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
සේවය : විදුලි උපකරණ හා විද්‍යුත් උපාංග කර්මාන්තවල දේශීය අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සහ (එච් එස් කේත 84 හා 85 යටතේ වන) දේශීය අගය එකතු කළ විදුලි උපකරණ හා විද්‍යුත් උපාංග සඳහා තීරු බදු සහන පිණිස නිර්දේශ නිකුත් කිරීම

යෝග්‍යතා උපමාන/ අවශ්‍ය සුදුසුකම්

2016.11.10 දිනැති අතිවිශේෂ ගැසට් අංක 1992/30 අයිතම 03 (හා අදාළ තදනන්තර ගැසට් පත්‍රිකා) ප්‍රකාරව, එච් එස් කේත 84 හා 85 යටතේ වර්ගීකරණය කර ඇති දේශීය අගය එකතු කිරීම 30% අඩු නොවන දේශීයව එකලස් කළ/ නිෂ්පාදිත උපාංග කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත තීරු බද්දෙන් නිදහස් කළ හැක.

ක්‍රියාවලිය/ පියවර

  1. විද්‍යුත් උපාංග කර්මාන්තවල දේශීය අගය එකතු කිරීම
  2. තීරු බද්දෙන් නිදහස් කිරීම සඳහා අයදුම්පත්‍රයක් සහතික කළ පිරිවැය ව්‍යුහය හා සියලු ආශ්‍රිත ලේඛන (මුල් පිටපත් සහ ජයාපිටපත්) සමඟ කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම.
  3. ඉදිරිපත් කළ පිරිවැය ව්‍යුහය හා ආශ්‍රිත ලේඛනමත පදනම්ව දේශීයව එකතු කළ අගය ගණනය කිරීම.
  4. කර්මාන්තකරු විසින් නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹු බව කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලිපියකින් දැනුම් දීම.
  5. මෙම අමාත්‍යාංශය විසින් නිෂ්පාදන ක්‍රියාවලිය පිරික්සීම.
  6. පරීක්ෂණ වාර්තා සහ දේශීය අගය එකතු කිරීම් ලේඛන කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම.
  7. අවශ්‍ය කටයුතු සඳහා කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා රේගුවට දැනුම් දීම
  • සංකල්ප පත්‍රිකාව
  • ව්‍යාපෘති යෝජනාව පිරිවැය ඇස්තමේන්තුවක්
  • වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව

අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
ශාඛාව : කර්මාන්ත ප්‍රතිපත්ති I
නම : පී. නාමගල්
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන: 0112390141
අභ්‍යන්තර : 427
ෆැක්ස් : 011-2347393
විද්‍යුත් තැපෑල : industrypolicy@gmail.com