මුදල් අංශය

 

මුදල් අංශය

ප්‍රධාන මූල්‍ය නිලධාරි

එස්.එච්. ප්‍රනාන්දු
තනතුර: ප්‍රධාන මූල්‍ය නිලධාරි
දුරකථන:011 2326957
ජංගම දුරකථන: 071 8563572
ෆැක්ස්: 011 2326957
විද්‍යුත් තැපෑල: fernandosh123@gmail.com

ප්‍රධාන කාර්යයන්

අමාත්‍යංශයේ අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම සදහා රාජ්‍ය මූල්‍ය නීතිරීතීන්, චක්‍රලේඛ විධි විධාන අනුව මූල්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මූල්‍ය සැලසුම් සකස් කීරීම, අය වැය පාලනය හා ප්‍රසම්පාදන සැලසුම සකස් කරමින් අමාත්‍යංශයේ සියළුම ප්‍රසම්පාදන කටයුතු විනිවිද භාවයකින් පවත්වා ගනිමින් නිසි මූල්‍ය පාලනයක් හා මූල්‍ය විනයක් අමාත්‍යංශය තුළ ස්ථාපනය කිරීම සදහා ලේකම්තුමාට සහය වීම.

ප්‍රසම්පාදන අංශය.‍

කේ.ඒ බන්දුල කුරුප්පු
තනතුර : ප්‍රධාන ගණකාධිකාරි
දුරකථන : 0112327053
ජංගම : 0711965912
ෆැක්ස් : 0112327053
විද්‍යුත් තැපෑල : bandula_kuruppu@yahoo.com
 
ප්‍රධාන කාර්යයන්

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, රජයේ චක්‍රලේඛ, මූල්‍ය රෙගුලාසි සහ භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන පරිපූරක හා රෙගුලාසි වලට අනුකූලව භාණ්ඩ,සේවා, වැඩ සහ උපදේශන සේවා ප්‍රසම්පාදනය කිරීම.
කාර්යයන්.

  1. වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම.
  2. ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණික ඇගයීම් කමිටු (T.EC.) පත් කිරීම.
  3. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව අමාත්‍යාංශයෙහි විවිධ අංශ විසින් සිදු කරන භාණ්ඩ හා සේවා ඉල්ලීම් ඉටුකිරීමට ප්‍රසම්පාදන ක්‍රියා මාර්ග ගැනීම.
  4. ප්‍රසම්පාදන කමිටුව සම්බන්ධීකරණය කිරීම.

ඒ සඳහා පහත ප්‍රසම්පාදන විධික්‍රම යොදාගනු ලැබේ

  1. ජාත්‍යාන්තර තරඟකාරි ලංසු තැබීම්.(ICB)
  2. දේශීය තරඟකාරි ලංසු තැබීම් (NCB)
  3. සීමිත ජාත්‍යාන්තර තරඟකාරි ලංසු තැබීම් (LIB)
  4. සීමිත දේශීය තරඟකාරි ලංසු තැබීම් (LNB)
  5. වෙළඳපොළ මිල සැකසුම් ක්‍රමය.
  6. ඍජු කොන්ත්‍රාත් හා ප්‍රති ඇණවුම් කිරිම.

ප්‍රසම්පාදන විධික්‍රම තෝරා ගැනීම පහත කරුණු මත රඳා පවතී.

  • ප්‍රසම්පාදනය කළ යුතු භාණ්ඩ හා සේවාවල ස්වභාවය.
  • ප්‍රසම්පාදනයේ වටිනාකම.
  • භාණ්ඩ හා සේවාවල දේශීය උපයෝජ්‍යතාවය සහ පිරිවැය.
  • භාරදීමට අදාළ තීරණාත්මක දිනයන්.
  • අරමුදල් සපයන ඒජන්සි සමඟ ගිවිසුම්ගත වීම.
  • යෝජිත ක්‍රියාපටිපාටියේ විනිවිදභාවය.

ලංසු ලිපිලේඛන ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි.

  • අදාළ ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතික.
  • ආපසු නොගෙවනු ලබන ලංසු තැන්පතුවෙහි මුදල් ගෙවීම් කළ කුවිතාන්සිය.

ලංසු සමඟ පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • දැන්වීමෙහි දක්වා ඇති පරිදි අභිලාශී ලංසුකරුවන් අනෙකුත් ලිපිලේඛන සමඟ ලංසු ලේඛන කට්ටලය භාර දිය යුතුය. ( ලංසු සුරක්ෂණයන් ලංසු ලේඛනයෙහි දක්වා ඇති නිශ්චිත වටිනාකම් වලට, අදාළ ආකෘතියට හා කාලසීමාවට අදාළ විය යුතුය.)
  • ලංසු සමඟ ලංසු ඉදිරිපත් කිරීමේ පෝරමය නිසි පරිදි අත්සන් තබා අමුණා භාර දිය යුතුය.
  • සියලුම ලංසු, දැන්වීමෙහි සඳහන් දිනයට හා නියමිත වේලාවට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • ලංසු සමග ඉදිරිපත් කිරීමට නිදර්ශකයක් අවශ්‍ය වුවහොත් එය ප්‍රසම්පාදන දැන්වීමට අනුව අදාළ නිලධාරියා වෙත භාර දිය යුතුය.

තෝරා ගැනීමේ ක්‍රමවේදය.

තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ මත පදනම්ව ගනු ලබන තීරණ වලට අනුකූලවය.

විමසීම්:

දුරකථන අංක- 0112347392
ඊ-මේල්- procurement@industry.gov.lk

මුදල් අංශය

කේ.ඒ බන්දුල කුරුප්පු
තනතුර : ප්‍රධාන ගණකාධිකාරි
දුරකථන : 0112327053
ජංගම : 0711965912
ෆැක්ස් : 0112327053
විද්‍යුත් තැපෑල : bandula_kuruppu@yahoo.com
 
ප්‍රධාන කාර්යයන්

අමාත්‍යංශයේ අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම සදහා රාජ්‍ය මූල්‍ය නීතිරීතීන්, චක්‍රලේඛ විධි විධාන අනුව මූල්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මූල්‍ය සැලසුම් සකස් කීරීම, අය වැය පාලනය හා ප්‍රසම්පාදන සැලසුම සකස් කරමින් අමාත්‍යංශයේ සියළුම ප්‍රසම්පාදන කටයුතු විනිවිද භාවයකින් පවත්වා ගනිමින් නිසි මූල්‍ය පාලනයක් හා මූල්‍ය විනයක් අමාත්‍යංශය තුළ ස්ථාපනය කිරීම සදහා ලේකම්තුමාට සහය වීම.

ගණකාධිකාරි
නම : මිස්. ජී. ටී කුමානායක
ජංගම : 071-2147695
විද්‍යුත් තැපෑල : thilinig5@gmail.com
 
ප්‍රධාන කාර්යයන්
  1. මුදල් අංශයේ එදිනෙදා රාජකාරි කටයුතු අධීක්ෂණය
  2. භාණ්ඩාගාරය වෙත හා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා හා වාර්ෂික අවසාන ගිණුම් නියමිත දිනට ඉදිරිපත් කිරීමේ කටයුතුවලදී අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙමින් එම කටයුතු අධීක්ෂණය කිරීම.
  3. අමාත්‍යංශයේ සියළුම ප්‍රසම්පාදන කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය.
  4. අමාත්‍යංශය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය හා සම්බන්ධ වී අවශ්‍ය සේවාවන් ලබාගැනීම.