දේශිය බතික් ඇඟලුම් වලින් රාජ්‍ය නිලධාරින් සැරසීමේ උළෙල

දේශිය බතික් ඇඟලුම් වලින් රාජ්‍ය නිලධාරින් සැරසීමේ උළෙල
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරු , නිලධාරින් සහ ගරු අමාත්‍යවරයා අතර හමුව

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරු , නිලධාරින් සහ ගරු අමාත්‍යවරයා අතර හමුව
ආයෝජන රැසක් සමඟින් ඉන්දීය ආයෝජයින් පිරිසක් ලංකාවට

ආයෝජන රැසක් සමඟින් ඉන්දීය ආයෝජයින් පිරිසක් ලංකාවට… ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට පැමිණි 14 දෙනෙකුගෙන් යුක්ත ඉහළ පෙළේ ඉන්දිය ආයෝජක පිරිසක් අද (21 දා) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා හමුවිය. ඇඟළුම්, කාෂි කාර්මික, රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, ගෘහ ආරක්ෂිත උපාංග නිෂ්පාදනය වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජක පිරිස තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති බව කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතාට දන්වා සිටියේය. මෙහිදී අමාත්‍ය S.B. දිසානායක මහතා මෙම ඉන්දීය ආයෝජක පිරිස ඉතා සාදරයෙන් ශ්‍රී ලංකාවට පිළිගන්නා අතර ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින් සඳහා දොරටු විවර කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියළුම පහසුකම් තම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඉතා කඩිනමින් සලසාදෙන බවත් පැවසීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක මහතාද සහභාගි විය.
ජ්‍යතන්තර තත්ව සහතික ලබාගැනීමට කර්මාන්තකරුවන්ට රුපියල් මිලියන 16 ක්

ජ්‍යතන්තර තත්ව සහතික ලබාගැනීමට කර්මාන්තකරුවන්ට රුපියල් මිලියන 16 ක් දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම රජයේ වගකීමක් – කර්මාන්ත අමාත්‍ය S. B. දිසානායක ලෝකයේ වෙනස්කම් හඳුනාගෙන නිෂ්පාදන ලෝක වෙළඳපළට ඉදිරිපත් කළ යුතුයි – කර්මාන්ත අමාත්‍ය S. B. දිසානායක සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂාකරගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු ඉතා වැදගත් කාර්යක් බවත් රට මේවන විට පත්ව ඇති තත්වයෙන් මිදීමට නම් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් සඳහා 2022 – 03 -09 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති මූල්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් 58 දෙනෙක් සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 16 ක් මෙහිදී ප්‍රදානය කළ අතර මෙම ව්‍යාපෘතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතභාවය ඇතිකිරීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම අරමුණ වේ. කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පැවසුවේ පසුගිය වසර පුරා පැවති කොවිඩ් වැනි දරුණු වසංගත තත්වයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත දැඩි අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක වුවද මෙලෙස කර්මාන්තකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම යොමුවීම අපගේ සමස්ථ දේශීය කර්මාන්තකරුවන්ගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය පෙන්නුම් කිරීමට සමත්වන බවයි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ උදාසිරි පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා කර්මාන්තකරුවෝ රැසක් සහභාගි වූහ.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම පැමිණෙන තර්ජන, ගර්ජන මෙන්ම රටට ආවේණික දුර්වලතා හඳුනාගනිමින් පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයන් අපි භාරගත යුතු යි.- කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක රුපියල් බිලියන 3.5 ක් මූලිකව වැයකරමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත පණ ලබයි. දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2022/03/09 වන දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද අත්සන් තැබුණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න , අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.
අංශ
අංශය ශාඛාව නම සේවය තනතුර දුරකථන ජංගම ෆැක්ස් විද්‍යුත් තැපැල් කාර්යාල දිගුව ලේකම් අංශය ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා ලේකම් 0112436123 0112436124 210 011 2449402 anushapalpita.65@gmail.com පාලන අංශය එන්.ජී. පණ්ඩිතරත්න මහතා ශ්‍රී.ලං.ප.සේ. අතිරේක ලේකම් 011 2434689 222 011 2390941 panditharatneng@gmail.com කර්මාන්ත ප්‍රතිපත්ති හා අංශික සංවර්ධන එස්.එල්. නසීර් මහතා ශ්‍රී.ලං.ප.සේ. අතිරේක ලේකම් 0112433725 0113670724 244 011 2448462 addlsecipsd@gmail.com / slnazeer67@gmail.com කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන අයි.සී.පතිරාජ මහතා ශ්‍රී.ලං.ප.සේ. අතිරේක ලේකම් 011 2520948 380 011 2434034 iraj.chaminda.pathiraja@gmail.com රාජ්‍ය ව්‍යාපාර හා ප්‍රතිව්‍යුහගතකරණ කේ.ජී.ආර්.විමලසූරිය මහතා ශ්‍රී.ලං.ප.සේ. අතිරේක ලේකම් 011 2478676 336 011 2423962 ranjith620@yahoo.com / adsec.pe@industry.gov.lk ක්‍රමසම්පාදන අංශය අරුණ බණ්ඩාර මහතා ශ්‍රී.ලං.ක්‍ර.සේ. අධ්‍යක්ෂ ජනරාල් 011 2431342 450 plan_unit@yahoo.com ගිණුම් අංශය එල්.ජී. ප්‍රේමසිරි මහතා ශ්‍රී.ලං.ග.සේ. ප්‍රධාන මූල්‍ය නිලධාරි 011 2326597 401 premasiri.3@gmail.com පාලන අංශය පාලන එස්.ඒ. දන්තනාරායන මහත්මිය ශ්‍රී.ලං.ප.සේ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 011 2332443 394 sanjeekasad@hotmail.com අභ්‍යන්තර විගණන බී.කේ.එම්. ජෙනිටා රුද්‍රිගු මහත්මිය S.L.Ac.S chief Internal Auditor 011 2435847 366 011 2435847 bkm.jenita@gmail.com Restructuring Public Enterprises Mrs. I.J.Aberathne S.L.A.S. Director 011 2329722 375 011 2423962 ishaniab@yahoo.com Policy Development Miss. K.A.I. De Silva S.L.A.S Director 011 2327153 501 inkoda@yahoo.com Policy Development III Mr. W.M.R. Wijekoone S.L.A.S. Director 011 2328973 310 011 2432250 Rwijekoon2015@gmail.com Policy Development Mrs. P. Naamagal S.L.A.S Director 011 2390141 427 011 2347393 industrypolicy1@gmail.com Restructuring Restructuring Mrs.W.P.A.U. Weerasinghe S.L.A.S Director 0112391365 0112322785 206 anjaleeslas@yahoo.com Industrial Development Industrial Development Mr. B.A.K.W.L. Piyarathne S.L.A.S Regional Director (Western) and Director (Industrial Development) 0112345565 0112441490 352 windikalak@yahoo.com Restructuring Restructuring Mrs.I.S. Wijewardena S.L.A.S Deputy Director 0112391365 0112322785 206 isankasamanmali@yahoo.com Restructuring Public Enterprises Mrs. B.D.L.M. Darmasena S.L.A.S. Deputy Director 011 2323293 446 dilanilakmalee@yahoo.com Industrial Development Industrial Development Mr.S.R. Mohommed S.L.A.S Deputy Director 011 2322782 353 srmoulana@yahoo.com Finance Division Procurement Mr.K.A.B.Kuruppu S.L.Ac.S Chief Accountant 011 2327053 320 Bandula_kuruppu@yahoo.com Planning Division Planning Mr.G.D.P.Munidasa S.L.P.S. Deputy Director 011 2338590 489 plan_unit@yahoo.com Planning Division Planning Mrs. A.G.G.Samangika S.L.P.S Deputy Director 011 2327052 426 plan_unit@yahoo.com Planning Division Planning Mr.S. S. Godakandaarachchi S.L.P.S Deputy Director 011 2322783 339 plan_unit@yahoo.com Administration Division Human Resources Mrs. P.P.A.Bopagamage S.L.A.S. Assistant Secretary 011 2384501 234 011 2384501 pranidhialgama@gmail.com Administration Division Administration Mrs.M.V.I.S. Dissanayake S.L.A.S. Assistant Secretary 011 2332444 230 011 2332444 Ishanidissanayaka7@gmail.com Industrial Development Industrial Development Mr.U.A.C.N.Rajapkse S.L.A.S. Assistant Director 011 2343937 495 riscuva109@gmail.com Policy Industry Registration Miss. B. kulnalani S.L.A.S Assistant Director 0112448467 0112431670 381 kunalini22@gmail.com Policy Development III Mrs.H.M.A.S.Malika S.L.A.S Assistant Director 011 2327364 445 sachinimalaviarachchi90@gmail.com Policy Development III Mrs. A.D. Nakandala S.L.A.S. Assistant Director 011 2327298 321 dilthisa@gmail.com Policy Development I Mr. U.L.A. Udasiri Perera Departmental Assistant Director 011 2422319 301 011 2432750 udasiri@gmail.com Policy Development II Mr.S.H. Ashoka Kumara Departmental Assistant Director – 388 Ashokakumara233@gmail.com Finance Division Finance Mrs. B.A.D.P. Balasooriya S.L.Ac.S. Accountant 011 2424005 402 011 2424005 dajji87@gmail.com Administraion Division Legal Mrs. P.G.T.P.De Silva Legal Officer 011 2327760 246 lomic502@gmail.com Administration Division Legal Mrs.G.M.M.R.R.D. Chanasekara Legal Officer 011 2327807 331 Industrial Development Information Technology Mr. U.A.Hapuaarachchi ICT & Com. Tchnology Officer 011 2389830 362 Industrial Development Information Technology Mrs. P.A.N.A. Amarasekara ICT & Com. Tchnology Officer 011 2389830 362 Administration Division Administration Mr. N.M.D.N. Bandara Translator – 502
“රත්මලාන මෙන් ඉදිරියේදී සෙසු කර්මාන්තපුර සියල්ලම ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකි උපරිමයෙන් විසඳනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ…
“ජාත්‍යන්තර අභියෝග හමුවේ සැමවිට දිගු කළ මිත්‍රත්වයේ හස්තයට කෘතවේදිත්වය පළ කරනවා. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඉරානය ඉදිරිපත් කරන ආයෝජන යෝජනා සතුටින් බාරගන්නවා” – ඉරාන කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හමුවේ ඇමති විමල් කියයි…
කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” ජනවාරි 28, 29, 30 තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී…