ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයි…

ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයි… ලංකාව පුරා ක්‍රියාත්මක ආර්ථික හා කාර්මික කටයුතු සම්බන්ධ සියලු තොරතුරු කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් සකස්කළ නවතම ඩිජිටල් වේදිකාවක් වන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (National Industry Information System – NIIS) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් (06 දා) කොළඹදී එළිදක්වන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහය Chrysalis ආයතනය විසින් ලබාදෙයි. කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ලෙස ක්‍රියා කරන මෙම තොරතුරු පද්ධතිය තුළ ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්ත පිළිබඳ විස්තර, ව්‍යාපාර වර්ගීකරණය, නෛතික තත්ත්වය, ලියාපදිංචි තොරතුරු, UN වර්ගීකරණය, කර්මාන්ත පරිමාණය, නිෂ්පාදන දත්ත, අමුද්‍රව්‍ය භාවිතය, වෙළඳපල ආවරණය, රැකියා නියුක්තිය, බලශක්ති හා ඉන්ධන පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ බැහැර කිරීමේ ක්‍රම ඇතුඵ තොරතුරු අඩංගු වෙයි. කර්මාන්තකරුවන්ට ඔවුන්ගේම පරිශීලක ගිණුමක් සෑදීමෙන් හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සදහා ලියාපදිංචි විය හැකි අතර ලියාපදිංචියෙන් අනතුරුව එම කර්මාන්තයට ජාතික කර්මාන්ත දත්ත ගබඩාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස පිළිගන්නා නිල සහතිකයක් නිකුත් කරනු ලබයි. මෙම තොරතුරු පද්ධතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ ලියාපදිංචි කර්මාන්තයන් වාර්ෂිකව තම ව්‍යාපාරික තොරතුරු යාවත්කාලීන කළ යුතු වීමයි. මෙමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමේ අවස්ථාව උදාවෙයි. මෙහිදී සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා රටේ කර්මාන්ත ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙසේ ආරම්භ කර ඇති බවත් මෙම නව ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය මගින් ප්‍රතිපත්ති සම්පාදනය, වෙළඳපල පර්යේෂණ, තරඟකාරී විශ්ලේෂණ සහ උපායමාර්ගික සැලසුම්කරණය සඳහා වටිනා මෙවලමක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාර වර්ධනයක් සහ ගෝලීය තරඟකාරීත්වයක් කරා ගෙන යාමට මාර්ගය සකස් කරනු ඇති බව පැවසීය. මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන්, Chrysalis ආයතනයේ නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Tender for the Supply of 75 Metric Tons of Hydrochloric Acid
Tender for the Supply of 50 Metric Tons of Poly Aluminum Chloride
Invitation for Bids – Design, Development and Implementation…
Tender Notice – LANKA MINERAL SANDS LIMITED – SALE OF HEAVY MINERAL SANDS -INTERNATION
දේශිය බතික් ඇඟලුම් වලින් රාජ්‍ය නිලධාරින් සැරසීමේ උළෙල

දේශිය බතික් ඇඟලුම් වලින් රාජ්‍ය නිලධාරින් සැරසීමේ උළෙල
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරු , නිලධාරින් සහ ගරු අමාත්‍යවරයා අතර හමුව

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරු , නිලධාරින් සහ ගරු අමාත්‍යවරයා අතර හමුව
ආයෝජන රැසක් සමඟින් ඉන්දීය ආයෝජයින් පිරිසක් ලංකාවට

ආයෝජන රැසක් සමඟින් ඉන්දීය ආයෝජයින් පිරිසක් ලංකාවට… ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට පැමිණි 14 දෙනෙකුගෙන් යුක්ත ඉහළ පෙළේ ඉන්දිය ආයෝජක පිරිසක් අද (21 දා) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා හමුවිය. ඇඟළුම්, කාෂි කාර්මික, රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, ගෘහ ආරක්ෂිත උපාංග නිෂ්පාදනය වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජක පිරිස තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති බව කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතාට දන්වා සිටියේය. මෙහිදී අමාත්‍ය S.B. දිසානායක මහතා මෙම ඉන්දීය ආයෝජක පිරිස ඉතා සාදරයෙන් ශ්‍රී ලංකාවට පිළිගන්නා අතර ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින් සඳහා දොරටු විවර කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියළුම පහසුකම් තම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඉතා කඩිනමින් සලසාදෙන බවත් පැවසීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක මහතාද සහභාගි විය.
ජ්‍යතන්තර තත්ව සහතික ලබාගැනීමට කර්මාන්තකරුවන්ට රුපියල් මිලියන 16 ක්

ජ්‍යතන්තර තත්ව සහතික ලබාගැනීමට කර්මාන්තකරුවන්ට රුපියල් මිලියන 16 ක් දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම රජයේ වගකීමක් – කර්මාන්ත අමාත්‍ය S. B. දිසානායක ලෝකයේ වෙනස්කම් හඳුනාගෙන නිෂ්පාදන ලෝක වෙළඳපළට ඉදිරිපත් කළ යුතුයි – කර්මාන්ත අමාත්‍ය S. B. දිසානායක සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂාකරගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු ඉතා වැදගත් කාර්යක් බවත් රට මේවන විට පත්ව ඇති තත්වයෙන් මිදීමට නම් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් සඳහා 2022 – 03 -09 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති මූල්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් 58 දෙනෙක් සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 16 ක් මෙහිදී ප්‍රදානය කළ අතර මෙම ව්‍යාපෘතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතභාවය ඇතිකිරීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම අරමුණ වේ. කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා පැවසුවේ පසුගිය වසර පුරා පැවති කොවිඩ් වැනි දරුණු වසංගත තත්වයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත දැඩි අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක වුවද මෙලෙස කර්මාන්තකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම යොමුවීම අපගේ සමස්ථ දේශීය කර්මාන්තකරුවන්ගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය පෙන්නුම් කිරීමට සමත්වන බවයි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ උදාසිරි පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා කර්මාන්තකරුවෝ රැසක් සහභාගි වූහ.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම පැමිණෙන තර්ජන, ගර්ජන මෙන්ම රටට ආවේණික දුර්වලතා හඳුනාගනිමින් පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයන් අපි භාරගත යුතු යි.- කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක රුපියල් බිලියන 3.5 ක් මූලිකව වැයකරමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත පණ ලබයි. දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2022/03/09 වන දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද අත්සන් තැබුණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න , අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.