කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
ව්‍යවසායකයින් 1,000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන දෙවන අදියර
නිර්ණායක
- අවම වසර තුනක කාලයක සිට ව්‍යාපාරය පවත්වාගෙන යාම.
- සේවක සංඛ්‍යාව 10 ට වැඩි වීම.
- නිෂ්පාදනයක් සිදු කරන ආයතනයක් වීම.
- සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතනයක් වීම. (Business/Enterprise)
ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීමට (Business Process Re engineering) අවශ්‍ය උපදේශකත්වය ලබා දීම තුළින් ඔබේ ව්‍යාපාරයට පහත දැක්වෙන ප්‍රතිලාභ අත්පත් කර ගත හැක.
- ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම
- ආයතනයේ මූල්‍ය විනය සහ මූල්‍ය පාලනය ඇති වීම
- තරගකාරී වෙළඳපොළ අවස්ථා (දේශීය /විදේශීය) සඳහා පෙළඹීම
- සේවකයින්ගේ කාර්යක්ෂමතාව සහ චිත්ත ධෛර්යය වැඩි දියුණු වීම
- සේවය අතහැර යාමේ ප්‍රතිශතය අවම වීම
- සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය ඇති වීම
- විශිෂ්ට අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථා උදා වීම
ඔබ ඉහත සඳහන් සුදුසුකම් සහිත ව්‍යවසායකයෙකු නම් අදම අප හා එක් වන්න
මෙහි දක්වා ඇති QR කේතය මඟින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට හෝ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ (https://www.industry.gov.lk) / ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ (https://productivity.lk) නිල වෙබ් අඩවිය මගින් හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා අදාල අයදුම්පත බාගත කිරීම මඟින් අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය
2026 අගෝස්තු මස 24 වන සඳුදා ප.ව. 3.00 පෙර ඔබ අයත්වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලියාපදිංචි තැපෑල මඟින් හෝ පැමිණ බාරදීම සිදු කළ හැකිය. නොඑසේ නම් පහත QR කේතය හරහා මාර්ගගත ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමු කිරීම සිදු කළ හැක.
අයදුම්පත භාගත කිරීම සඳහා : අයදුම්පත්‍රය
මාර්ගගතව අයදුම් කිරීම සඳහා : Link for Registration Phase two 4i
වැඩි විස්තර සඳහා
ශ්‍යාමා එන් ප්‍රනාන්දු මිය 077 661 3042 ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
| නාලනී මැණිකේ මිය 070 555 4770 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
| පොදු ව්‍යාපාර අංශය 011 2 390 142 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය |
මෙහෙයවීම සහ සංවිධානය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය / ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය