කර්මාන්ත අමාත්‍යාංශයෙන් දිවයින පුරා සිටින තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට ජාතික වැඩසටහනක් …
දිවයින පුරා සිටින තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ඵලදායිතා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) අංශය සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාවය සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන පළමුව ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ අතර එම නියමු ව්‍යාපෘතිය තුළදී ව්‍යවසායකයින් 100 දෙනෙකු සංවර්ධනය කරනු ලැබූ අතර එහි විශිෂ්ට සාර්ථකත්වය මත, මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කරණ ලදී. ඒ අනුව වැඩසටහනේ පළමු අදියර ලෙස මෙම වසරේදී දිස්ත්‍රික්ක 17ක ආරම්භ කිරීමට නියමිත අතර ඉතිරි දිස්ත්‍රික්ක 8හි මෙම වැඩසටහනලබන වසර මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන හරහා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තිරසාරව වර්ධනය කර ගැනීම සඳහා උපදේශන සහය, පුහුණු කිරීම සහ අවශ්‍ය සම්පත්දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ අපනයන ආදායම වැඩි කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙහිදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන රාමුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන දිස්ත්‍රික් කමිටුව, දිස්ත්‍රික් අපනයන සංවර්ධන වැඩසටහන්, ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය හා ප්‍රජා ඵලදායිතා වැඩසටහන පිළිබඳවද දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ඵලදායිතා සංවර්ධන නිලධාරීන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) ඒ. ජී. නිශාන්ත, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ ජයකොඩි, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු/දිසාපතිවරු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.





