උපදේශක සභා පිහිටුවීම.

සෞභාග්‍යයේ දැක්ම පිලිබද රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුව ඉහළ තරගකාරීත්වයකින් යුතු වෙළද ආර්ථිකයක් රටතුල ඇති කරලීමටද ඉන්දීය සාගරය තුල අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම උදෙසාද, 2030 වර්ෂය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහාද රටතුල පවතින සියලු නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම කඩිනම් කිරීමට සිදුව ඇත.

තවද පිරිවැය කාර්යක්ෂමතාවය, ආර්ථික පිරිමැසුම්භාවය හා තිරසර කාර්මික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම මගින් ඉහල විදේශ විනිමයන් උත්පාදනය කිරීම පිණිස නිෂ්පාද කර්මාන්ත අංශය සදහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම කාලීන හා හදිසි අවශ්‍යතාවයකි.  එම අවශ්‍යතාවයන් සාක්ෂාත් කර ගැනීම සදහා උපදේශක සභා පිහිටුවීම මගින් මනා පිටුහලක් ලැබේ.

ඒ අනුව දේශීය හා විදේශීය වෙළදපොළ ආක්‍රමණය කිරීමේ ක්‍රමෝපායන් හා අවස්ථාවන් හදුනා ගැනීම, දේශීය නිෂ්පාදනයන්හි අගය එකතු කිරීමේ දායකත්වය වර්ධනය කිරීම, කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලැස්මන් සකස් කිරීම තුළින් අදාල ක්ෂේත්‍රයේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම මෙන්ම ඒ සදහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සකස් කිරීම හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශයට සහය වීම, මෙම උපදේශ කමිටු තුලින් බලාපොරොත්තු වේ.

ඒ අනුව 1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පණතට හා ගරු කර්මාන්ත ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන  ලද අංක අමප/21/0985/320/030 හා 2021.06.29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණටය අනුව හා එකී නෛතික නීති රාමුවට යටත්ව හදුනාගත් නිෂ්පාදන අංශ පදනම් කරගෙන උපදේශක සභා 20ක් පිහිටු වීමට කටයුතු කර ඇත.

  • ඇසුරුම් හා ආශ්‍රිත කර්මාන්ත
  • සැකසුම් ආහාර හා සහල් හා ආශ්‍රිත කර්මාන්ත
  • කුළු බඩු හා ආශ්‍රිත කර්මාන්ත
  • කොහු හා කෙදි ආශ්‍රිත කර්මාන්ත
  • තේ, අගය එකතු කල තේ, පාන වර්ග හා ආශ්‍රිත කර්මාන්ත
  • පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්‍රිත කර්මාන්ත
  • රබර්, ප්ලාස්ටික් හා ආශ්‍රිත කර්මාන්ත
  • ලොහ, ඩයි සහ අච්චු, යන්ත්‍රෝපකරණ උපාංග හා ආශ්‍රිත කර්මාන්ත
  • දැව, දැව ආශ්‍රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත
  • මෝටර් රථ එකළස් කිරීම ආශ්‍රිත කර්මාන්ත හා මෝටර් රළු උපාංග හා ආශ්‍රිත කර්මාන්ත
  • විදුලි විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික් හා ආශ්‍රිත කර්මාන්ත
  • බටහිර සහ දේශීය ඖෂධ හා ආශ්‍රිත කර්මාන්ත
  • ගැනයිට්, ටයිල්, මැටි, පිගන් මැටි හා ගොඩනැගිලි ආශ්‍රිත කර්මාන්ත
  • බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්‍රිත කර්මානත
  • තීන්ත, රසායනික ද්‍රව්‍ය, මුද්‍රණ ද්‍රව්‍ය හා ආශ්‍රිත කර්මාන්ත
  • රූපලාවන්‍ය ආලේපන හා ආශ්‍රිත කර්මාන්ත
  • ස්වර්ණාභරන, මැණික් හා ආශ්‍රිත කර්මාන්ත
  • කිරි හා කිරි ආශ්‍රිත කර්මාන්ත
  • ඛණිජ ද්‍රව්‍ය හා ආශ්‍රිත කර්මාන්ත
  • ඇගළුම්, රෙදිපිළි හා ආශ්‍රිත කර්මාන්ත

ඒ අනුව රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල / සම්මේලන, විද්‍යායතන (විශ්වවිද්‍යාල හා පර්යේෂණ) හා අදාල කර්මාන්ත ක්ෂේත්‍ර විශේෂඥයින් නියෝජනය වන පරිදි කර්මාන්ත විෂය භාර අමාත්‍යවරය විසින් පත් කරනු ලබන විසි එකකට (21) නොවැඩි සාමාජිකයින් සංඛ්‍යාවකින් උපදේශක සභාව සමන්විත වන අතර එම සාමාජිකයන්ගේ සමාජිකත්වය වසර 2කට වලංගු වේ.

අදාල ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ නියොජනයෙන් එක් අයකු සභාපති ලෙස පත් කෙරේ.  එම උපදේශ කමිටු සමාජිකයන්ගේ වගකීම් හා රාජකාරී පහත පරිදි වේ.

වගකීම් හා රාජකාරී

1.පහත සදහන් කාර්යයන් සදහා අමාත්‍යාංශය වෙත සහය දැක්වීම.

  • ක්ෂේත්‍රයට අදාල ප්‍රතිපත්ති සකස් කිරීම.
  • එක් එක් අංශය සදහා කෙටිකාලීන, මධ්‍යකාලීම හා දිගු කාලීම සැලැස්මක් සකස් කිරීම.
  • එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා උපාය මාර්ග සැලසුම් කිරීම.
  • අංශයේ ප්‍රවර්ධනය සදහා අවශ්‍ය මානව, භෞතික, ප්‍රාග්ධන සම්පත් හා වෙළදපොල සම්බන්ධ සහ අනෙකුත් සම්පත් හදුනා ගැනීම.
  • අදාල ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සදහා උපදෙස් ලබා දීම.

2.තම අංශය දියුණුවට හා එහි ක්‍රියාකාරිත්වයට බලපාන ගැටළු හදුනා ගැනීම හා එම ගටළු හා අදාල විසදුම් අමාත්‍යාංශයට දැනුම් දීම.

3.රටේ නිෂ්පාදන කර්මාන්ත අංශයේ දියුණුව සදහා අනෙකුත් උපදේශක කමිටු සමග සහයෝගයෙන් කටයුතු කිරීම.