GEM SRI LANKA 2027 බැංකොක් එළිදැක්වීම……

 

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ගෝලීය ආර්ථික පරිච්ඡේදයකට යොමු කිරීමේ අරමුණින්, Ceylon Gem & Jewelry Traders Association (CGJTA) මූලිකත්වයෙන් සංවිධානය වන GEM SRI LANKA 2027 ප්‍රදර්ශණයේ ප්‍රථම නිල ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගියදා පැවැත්විය. 250 කට අධික ජාත්‍යන්තර ආයෝජකයන්, ගැනුම්කරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් සහභාගි වූ මෙම අවස්ථාව, හ්‍රී ලංකාවේ දේශීය මැණික් කර්මාන්තයේ ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ තැබූ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

 

​මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, සකස් නොකළ මැණික් අමුද්‍රව්‍යක් ලෙස අපනයනය කිරීම වෙනුවට, උසස් අගය එකතු කළ (Value Addition) නිමැවුම් මඟින් ගෝලීය වෙළඳපොළේ ඉහළම වටිනාකම ලබාගතහැකිවන පරිදි විධිමත් පද්ධතියක් සකස්කිරීම රජයේ අරමුණ බව පැවසීය.

 

​”The Source. The Production. The Selection.” තේමාව යටතේ බැංකොක් හිදී තැබූ මෙම සාර්ථක පියවරත් සමඟ, GEM SRI LANKA 2027 දැවැන්ත මැණික් ප්‍රදර්ශණය 2027 ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.