
මෙම අමාත්‍යාංශය මඟින් කර්මාන්ත 300 වැඩසටහන යටතේ ග්‍රාමීය මට්ටමින් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන දේශීය කර්මාන්තකරුවන්ට පහසුකම් සැපයීම සඳහා "ගමට කර්මාන්ත" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශවල වැඩි රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමේ සහ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල කර්මාන්ත සංකේන්ද්‍රණය වීම වැලැක්වීමේ අරමුණින් 2006 අයවැයෙන් "මහින්ද චින්තනය" ට සමගාමීව හඳුන්වා දෙන ලදි.

මෙම වැඩසටහන යටතේ දේශීය කර්මාන්තකරුවනට අගනගරයෙන් බැහැර ප්‍රදේශවල සිය කර්මාන්ත ආරම්භ කිරීම සඳහා පහසුකම් සපයනු ලබයි. යන්ත්‍ර සූත්‍ර ආනයනයේදී හිමිවන තීරු බදු හා වැට් බදු සහන සහ ලැබෙන අවුරුදු 05-10 අතර බදු විරාම කාලසීමාව කර්මාන්තයේ පිහිටිම සහ ආයෝජනය මත තීරණය වන අතර ණය ලබාදෙන ආයතනවලින් ලබාගන්නා ණය පහසුකම් සඳහා වන පොලී ආදායම ආදායම් බද්දෙන් නිදහස් වේ. ව්‍යාපෘති කාලසීමාව, 2008 අයවැය මඟින් 2009 අප්‍රේල් 01 දක්වා දීරඝ කරන ලදි. ඒ අනුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පිටත කර්මාන්ත ආරම්භ කරන කර්මාන්තකරුවන් 2009 අප්‍රේල් 01 දිනට ප්‍රථම රු.මි. 30 ක ආයෝජනයක් සහ රැකියා අවස්ථා 200 ක් සැපයිය යුතු අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැහැර අනිකුත් දිස්ත්‍රික්කවල සිය කර්මාන්ත ප්‍රති ස්ථානගත කරන කර්මාන්තකරුවන්ද ඉහත බදු සහන ලැබීමට සුදුසුකම් ලබයි. පසුව ව්‍යාපෘති කාලසීමාව 2010 මාර්තු 31 දක්වා වසරකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
"ගමට කර්මාන්ත" ව්‍යාපෘතිය යටතේ අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතිය 132 ක් අනුමතකර ඇති අතර එයින් කර්මාන්ත 46 ක් සිය ව්‍යාපෘතියන්හි වාණිජ නිෂ්පාදන කටයුතු අරඹා ඇත. තවත් කර්මාන්ත 12 ක් ඔවුන්ගේ කර්මාන්තවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම 04 දෙනෙක් යන්ත්‍ර සවිකිරීමේ කටයුතුවල නිරතවී ඇති අතර කර්මාන්ත 17 ක් ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිති.










