කර්මාන්ත සිදුවීම් නැවුම් පුවත්
Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි: 

කර්මාන්ත හා පාරිසරික කටයුතු

මෙම අමාත්‍යාංශයේ වැඩ කටයුතු සඳහා ධරණිය සංවර්ධනය රාමුව තුල අන්තර්ජාතික සම්මුතීන් හා නීතිරීති අඛණ්ඩව අනුගමනය කිරීමට කර්මාන්ත සඳහා පහසුකම් සැපයීමද අයත්වේ. වර්තමානයේ මෙම සංධර්තයේදී ඉහත සම්මුතීන්වල කොන්දේසිවලට හා ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම්ගත සංඥා අනුව කටයුතු කිරීමේදී කාර්මික නිෂ්පාදනයන් තරඟකාරීව හා මනා අලෙවිකරණයෙන් යුක්තව නිර්මාණයට ක්‍රමෝපායයන් අත්‍යාවශ්‍යව ඇත. බොහෝ සංවර්ධිත රටවල්ද ඔවුන්ගේ වෙළඳපොල පිවිසුම සඳහා ආර්ථික හා ආර්ථික නොවන අනිවාර්ය කිරිම් වශයෙන් පාරිසරික ප්‍රමිතිය වර්ගීකරණය කර ඇත.

මෙම ප්‍රමිතීන් වැදගත් වන්නේ පාරිසරික ආරක්ෂණය උදෙසා පමණක් නොව කර්මාන්තයන්ගේ පැවැත්ම හා සංවර්ධනය ද පෙරදැරි කරගෙනය. මෙවන් ප්‍රමිතින් ගොඩනැංවීම පිළිබඳව මේ වනවිටද යුරෝපීය ජාතීන් ඔවුන්ගේ දැඩි අවධානය යොමු කර ඇත. නිෂ්පාදන ප්‍රමිතින් සඳහා බෝතල් කරන ලද ජලය, ළදරු ආහාර සහ වෙනත් දෑ අයත්ය. මේ යටතට ISO 17025 වැනි ISO ප්‍රමිතීන්ද HACCP (Hazardous Analysis Critical Control Point), පාරිසරික සඳහන්කරණය සහ රෙදිපිළි හා ඇඟළුම් සඳහා Eco - Text 1000 යනාදිය අයත්වේ. වර්තමානයේදී මෙවන් සමහර ප්‍රමිතීන් ක්‍රියාවට නංවා නොමැති නමුදු එළඹෙන සියවසේදී ඒවා ක්‍රියාවට නැංවෙනු ඇත.

මෙම තත්ත්වයන් තුලදී පාරිසරික තත්ත්වයන් අන්තර්ග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිමවුම් සහ අනුගතකිරීම් සිදුකිරීම අත්‍යාවශ්‍ය වී ඇත. මෙම අවශ්‍යතා සමඟ සමගාමීව යන පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කර්මාන්තකරුවන් හට සුපිරිසිදු නිෂ්පාදන වැඩපිළිවෙල හඳුන්වා දී තිබේ. අපද්‍රව්‍ය අවම කිරිම ධරණීය කාර්මික සංවර්ධනයකට සුදුසු තාක්ෂණික වර්ධනයක්ද මේ තුල අන්තර්ගත වී ඇත.

පරිසරය සම්බන්ධ කටයුතුවලදී අමාත්‍යාංශයේ කාර්යභාරය පහත සඳහන් ලෙස ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැකිය.

  1. ප්‍රතිපත්ති සකස්කිරිමේදී අමාත්‍යාංශයීය කාර්යභාරය
  2. එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විශේෂිත වූ වැඩසටහන් ගොඩනැඟීමේදී අමාත්‍යාංශයේ දායකත්වය
  3. අමාත්‍යාංශයීය ව්‍යාපෘතිවලදී එවන් මිනුම්දඬු ක්‍රියාත්මක කිරීම/li>

ප්‍රතිපත්ති සකස්කිරීමේ ක්‍රියාවලිය තුලදී පාරිසරික සිද්ධින් සම්බන්ධ ප්‍රතිපත්ති සකස්කිරීම තුල අමාතයාංශය ක්‍රියාකාරී භූමිකාවක් නිරූපනය කරයි. මේ සඳහා හොඳම උදාහරණ ලෙස ජාතික කර්මාන්ත දූෂණ කළමනාකරණ ප්‍රතිපත්ති (1996) ප්‍රකාශනය, ජාතික පාරිසරික වැඩසටහන (කර්මාන්ත 1997 - 2001) සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සුපිරිසිදු නිෂ්පාදන වැඩසටහන් හඳුන්වාදීම ආදිය දැක්විය හැකිය.

2002 වර්ෂයේදී මෙම අමාත්‍යාංශය මඟින් කර්මාන්ත අංශය සඳහා සුපිරිසිදු නිෂ්පාදන ප්‍රතිපත්තිය සකස් කරන ලදී. වර්ෂ 2005 දී සුපිරිසිදු නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලද අතර එය පාරිසරික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුවුවකි.

ජාතික සුපිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය

ලංකාවේ කර්මාන්ත හා අනෙකුත් අංශවල පාරිසරික ඵලදායිත්වය වැඩිකිරිමට එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ සංවිධානය හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල නීතිගත සම්මේලනය ඒකාබද්ධව නෝර්වේ රජයේ මුල්‍යාධාර මඟින් හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ තාක්ෂණික ආධාරයෙන් 2002 වර්ෂය තුලදී ලොව 24 වන මධ්‍යස්ථානය ලෙස මෙම අමාත්‍යාංශය යටතේ ලංකාවේ පිහිටවූ සුපිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ධරණීය කර්මාන්ත සංවර්ධනය සඳහා සහ ශ්‍රී ලංකාවේ පරිසර කාර්යක්ෂමතාවයෙන් යුතු කර්මාන්ත වර්ධනයටද දායකත්වය ලබාදේ.

මූලික පිරිවැය නෝර්විජියානු ක්‍රෝනර් මිලියන 17.3 ක් වන අතර, ඉන් නෝර්විජියානු ක්‍රෝනර් මිලියන 13 ක් නෝරාඩ් ආධාර ලෙස ලැබෙන අතර, යුනිඩෝ මඟින් දෙනු ලබන තාක්ෂණික ආධාර වැය නෝර්විජියානු ක්‍රෝනර් මිලියන 4.5 කි.

ජාතික සුපිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය නුතන පාරිසරික සංකල්පයේ අංගයන් වන ජීවන චක්‍ර අගය කිරිම, පාරිසරික නිර්මාණය, ගෝලීය දත්තයන් වාර්තා කිරිම, පාරිසරික කළමනාකරණ සේවා හා සාමූහික සමාජ වගකීම යනාදිය මඟින් ධරණීය නිෂ්පාදනය හා පරිභෝජන සංකල්පය ප්‍රවර්ධනය කිරිම කරනු ලැබේ. ජාතික සුපිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සියළුම ක්‍රියාවලියන් ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසින්ට, අන්තර් ජාතික සම්මුතීන්ට, ජොහැන්ස්බර්ග් සමුළුවේදී කළ ප්‍රකාශය හා සහස්‍ර සංවර්ධන ඉලක්ක සඳහා මෙන්ම ශ්‍රී ලංකාව ඇතුලත් වූ සම්මුතීන්ට යටත්ව සිදුකරනු ලැබේ.

 

නැවුම් පුවත්

ආයෝජන අවස්ථා